Wednesday, July 27, 2016

කොටු පැනීම - 3 (ගමේ කථා)



අබේ අය්යා අපේ ගමේ උන් අවිවාහක හිත හොඳ කොල්ලෙකි. කාටත් කරදරයක් නැති මූ කලේ මේසන් වැඩය. අබයා පොඩිපහේ වැහි ගතියක් තියෙනා දවසක වෙල පැත්තේ යන අතරතුර වැස්ස ටිකක් තද කිරීම නිසා අප්පුහාමි අය්යලාගේ කුඹුරැරේ පැලට ගොඩවී ඇත. පැලක් කීවාට මෙය ඇත්තේ වෙලේ කමතේය. වටේ කෙටි තාප්පයක් බැඳ බිමට සිමෙන්තිද දමා තිබේ. ඉඳහිට අපිද වෙල් පැත්තේ ගියවිට මෙම පැලට ගොඩවී පොඩි ඇලට් එක් දැමීමට හුරැවී සිටියෙමු. එතන ඒ තරම් සනීපය. නිස්කලන්කය.

ටික වේලාවකින් පැලට පැමිණ ඇත්තේ කුඩා දරැවෙකු වඩාගත් කාන්තාවකි. ඒ දැරිවිය එහා ගමේය. විවාහ වී සිටි තැනැත්තා ඇයව හැරදමා ගොස් ඇත. ඇය  අනුන්ගේ ගෙදරක ලැබෙන වැඩක් කරමින් දරැවා සමග ජීවත් වන බවත් අපේ ගමේ අය දැනඋන්හ. කොහෙද නංගී යන්නේ. අබේ අය්යා කථාවට මුලපිරීය. පොඩි වැඩකට යනවා අය්යේ පොඩි එකාට පිටි පැකට් එකක්වත් ගන්න එපායැ. වැස්සත් වැඩිය. අහල පහල කවුරැවත් නැතිය. පොඩි එකාද නිදිය. සියලු දේ  පිතිකරැගේ වාසියටය. දැන් අබයාගේ කල්පනාව වෙන එකකටය. අනේ කොහොමද ඔහොම ජීවත් වෙන්නේ. සල්ලි නැත්නම් අපේ ගෙවල් පැත්තේ එන්න. තියෙන වෙලාවට මම කීයක් හරි දෙන්නම්. අබේ අය්යාගේ සත්ව කරැණාව දෝරේ ගලයි. අනේ ඔව් අය්යේ අදත් මට මේ සල්ලි නැති නිසයි පොඩි එකාත් කරේ තියාගෙන යන්නේ. කොහොම හරි පිටි පැකට් එකක් ගන්න ඕන. කෙල්ලද දුක කියයි. අපෝ පිටි පැකට් එකට දෙකක් අරන් දෙන්න බැරියැ ඉතින් අපි ගැනත් ඉතින් පොඩ්ඩක් බලනවානම්. අබේ මුට්ටිය දා බලයි. කෙල්ලද සිනාසුනේ අකමැත්තක් නැති ගානටය.

පොඩි එකාව පැලේ බිම තබා වැස්සේ කවුරැත් එන්නේ නැති අල්ල පනල්ලේ දැන් දෙන්නා කර්මාන්තයට එන්ටර් වී ඇත. වැඩේ යන ගමන්ද අබයා ඉස්සි ඉස්සී බලන්නේ කවුරැවත් එනවාද කියාය. හුටා ඈතින් උස පේමයා එයි. දැක්කොත් විනාසය. කරැමෙක මහත කියන්නේ පොඩි එකාද නැගිටගෙන බෙරිහන්දීමට පටන් ගත්තේය. ඉක්මනට ඉක්මනට ඇඳගන්න. කවුද එනවා කියා අබේ අය්යා කෙල්ල ඇඳුම් අඳිනතුරැ පොඩි එකා ඔඩොක්කුවේ තියාගෙන නලවයි. දොයි දොයි දොයි. මොන නැලවිල්ලක්ද. මේකා මරහඬදෙයි. පොඩි එකෙක් මේ වැස්සේ පැලේ කෑ ගහන්නේ මොකදැයි බැලීමට උස පේමේද පැමිණ ඇත. ආ පේමේ අය්යේ මේ නංගිට පොඩි එකා නලවාගන්න බැරිලු. මම පොඩ්ඩක් නලවලා දුන්නා. අබයා කලින්ම කියා දැම්මේය. පේමේ අය්යාද සිනාසී හා හා කියා වැස්සේම යන්නට ගියේය. හැබැයි අබේ ආපහු යන්නට පෙර ගමෙන් බාගයක් සිද්ධිය දැනගෙනය.  ඉන්පසු මේකාට බයි බයි දොයි දොයි කී විට එතනින් මාරැවන්නේ විදුලි වේගයෙනි.

අපේ ගමේ පාල මුදලාලි (තවම ජීවතුන් අතර නිසා නියම නම නොවේ) වටේ වැනීමට පුරැදුව සිටි කෙනෙකි. පාල මුදලාලිගේ මී හරක් රංචුවක් සිටි අතර උන් බලාගත්තේ සුවන්දිරන් නම් අයෙකි. සුවන්දිරන් වැඩි සිහිකල්පනාවක් නැති එක්තරා ආකාරයක මන්දබුද්ධික තැනැත්තෙකි. ගමේ කොල්ලන් පාල මුදලාලිගේ කොටු පැනීම ගැන කියන කථා සුවන්දිරන් ද අසාගෙන සිටී.

දිනක් පාල මුදලාලි වෙල පැත්තේ යනවිට මී හරක් බලමින් සිටි සුවන්දිරන්ද හෙමීට පාල මුදලාලි පස්සෙන් යන්නට පටන්ගත්තේ ගමේ කොල්ලන් කියනා කථාවේ ඇත්ත දැනගැනීමටය. පාල මුදලාලිද පල යන්න මේකා කොහේ එනවාද කියා කීප වරක් පැන්නුවද මූ හෙමීට මුදලාලිගේ පස්සෙන්ම ගියේය. පොල් අතු පැලලි වලින් වටකර තිබූ ගෙයකට පාල මුදලාලි ඇතුල්වූවිට සුවන්දිරන්ද පැලැල්ලක් එහා මෙහා කර සිද්දවන්නේ කුමක්දැයි බලන්නට විය. ජීවිතේටම දැක නැති මෙම සිද්ධිය ටික වේලාවක් බලාසිටි සුවන්දිරන් දැන් උන්හිටි තැන් අමතකය. මේකාට මහා ලොකු දෙයක් වූ මෙය අන් අයට කියන තෙක් ඉවසිල්ලක් නැත. දැන් මේකා  සිනාසෙමින් මම දැක්කා යකෝ. මම දැන් දන්නවා යකෝ කොරන්න. මම දන්නවා දැන් කියමින් පාර දිගෙ යයි. ගමේ කොල්ලන් ඇයි සුවන්දිරන් මොකද උනේ යැයි අසනාවිට මම දැක්ක යකෝ පාල මුදලාලි කොරනවා. මේන් පාල මුදලාලිගේ සයිස් එක කියා අත ද පෙන්වන්ට විය. කොල්ලන්ද ලණුවක් දීමට සිතා සුවන්දිරන් උඹ ඕක ගිහින් පාල මුදලාලිගේ නෝනට කියපන්. නෝනා උඹට සීනි දාල තේ එකකුත් හදලා දෙයි. සුවන්දිරනුත් පාල මුදලාලිගේ ගෙදරට ගොස් මම දන්නවා නෝනේ. මම දන්නවා දැන් කොරන්න. මම මුදලාලි කොරන හැටි බලාගෙන හිටියේ. යැයි කියවන්නට විය. නෝනාද මේ මොන අප්‍රබංශයක්දැයි බලා ඇයි මොකෝ සුවන්දිරන් ඇසූවිට නෝනේ මුදලාලි අන්න අහරෙ. මම දැක්ක. දැන් මමත් දන්නවා කොරන්න. යැයි කියූවිට මුදලාලිගේ නෝනාටද සිදුවී ඇති සේ වැටහී ඇත. ටික වේලාවකින් මුදලාලි නිවසට පැමිණිවිට එකම ගෝරියකි. නෝනා මුදලාලිව කන්න හදද්දී මුදලාලි මේකා තමයි මේවා කිව්වේ කියා සුවන්දිරන්ට ගහන්නට එලවයි.

සුවන්දිරන් සහ මී වැස්සී ගැන විස්තරයද එකල ගමේ ජනප්‍රිය කථා වස්තුවකි. සුවන්දිරන් හරක් ටික දක්කාගෙන යන්නේ කොස්වතු ඔය අසළටය. ඔය අවට ඇති කැලෑව නිසා වැඩිහිටි අය  දර කැඩීමටද, වේවැල් කැපීමටද, පොඩි උන් දං කැඩීමටද ඉඳහිට ඒ අවට ගැවසෙති. දිනක් වෙලට ගිය කොල්ලෙක් ඔයට එහා ලඳු කැලෙන් සද්දයක් ඇසී ඒ පැත්තට ගොස් ඇත. හෝව් පුතා හෝව්. ආයෙත් ටික වෙලාවකින් හෝව් පුතා හෝව් ඔහොම ඉඳින් හෝව් වශයෙන් ඇසෙන මේ සද්දය කුමක්ද බැලීමේදී පොඩි මී වැස්සි පැටියෙක් අල්ලාගෙන සුවන්දිරන් පිටුපසින් සිට මේකාට ඔබන්නට හදයි. හරක් පැටියද මේකාගේ අංගය ඇඟේ වදිනාවිට ඉස්සරහට යයි. මේකාත් හෝව් පුතා හෝව් කියමින් නැවත පිටිපසින් යයි. කාත් කවුරැත් නැති මන්දබුද්ධික අනාථයෙකු වූ සුවන්දිරන්ට මෙවැනි දෙයකට කවුරැවත් අනුකම්පා කලා මිස කිසිවක් කීවේ නැත.  මෙවැනි දෙයක් කලා ඇරෙන්නට සුවන්දිරන් කිසි දිනක ගමේ ගෑණියෙකුටවත්, කෙල්ලෙකුටවත් වචනයක් කියා නැත.



අපේ ගමේ සිටි ආප්ප නැන්දා කලේ කඩයප්පන් සාදා හන්දියේ කඩවලටත් අහල පහල ගෙවල්වලටත් විකිණීමය. ඇයගේ සැමියා මියගොස් සිටි අතර දරැ දෙන්නෙකු සමග ජීවත් වූයේ ආප්ප විකිණීමෙන් ලද ආදායමෙන් සහ සුලු කුලී වැඩ කිරීමෙනි. සැමියා මියගොස් සිටි නිසා පාලුව කාන්සිය මකා ගැනීමටත්, ආර්ථික ලාභය උදෙසාත් ගමේ හිතවතුන් දෙතුන් දෙනෙකු ඉඳහිට ඇයගේ නිවසට ගෙන්වා ගැනීමට ඇය කටයුතු කලාය. අද මෙන් ජංගම දුරකථන නොතිබූ ඒ කාලයේ මෙවැනි කටයුතු වලදී කරන්නේ ගේ වටේ පොඩ්ඩක් කැරකී කවුරැත් නැත්නම් හෙමිහිට ගෙට රිංගීමය.

දිනක් රාත්‍රියේ පැමිණි සුන්දරයෙකුට මහන්සිය නිසා පාන්දර වෙනතෙක්ම නින්දගොස් ඇත. පාන්දර හරක් බැඳීමට වෙලට ගිය උස පේමේද ආප්ප නැන්දා අවදිව ඇතැයි සිතා ගේ වටේ කැරකී ජනේලයකින් බලද්දී වෙන කෙනෙක් සමග නිදාසිටි ආප්ප නැන්දා දැක ඇත. තමන්ගේ දේ වෙන එකෙක් කනවිට බලා සිටිය හැක්කේ මොකාටද. නහුතෙට තදවූ උසපේමේ හීනි කෝටුවක් ගෙන ජනේලයෙන් අතදමා ආප්ප නැන්දාට රිදෙන්න පාරවල් දෙකක් ගසා ඇත. ආප්ප නැන්දාද බුදු අම්මෝ කියාගන කෑගසාගෙන නැගිටිද්දී පොඩි උන්ද කෑ ගැසීමට පටන්ගෙන ඇත. අහල පහල ගෙවල්වල උදවියද මේ මොකදැයි බැලීමට දොරවල් අරිනවිට ඇඳේ නිදාගෙන සිටි එකා දැන් චාටර්වන බව දැනගෙන අතට අසුවන ඇඳුමක් අරගෙන පැනදුව ගොස් ඇත. අසල්වාසීන්ද පැමිණ මොකද උනේ යැයි අසනාවිට ආප්ප නැන්දාද අනේ බලන්නකෝ මොකෙක්ද කුපාඩි කමකට ඇවිත් වෙන්න ඇති මගේ පිට මැද්දට ගැහුවා කියා අඬයි.

මේ අතරතුර ආප්ප නැන්දාගේ ඇඳේ සිට දිව්ව එකාටද මොකද උනේ කියා බැලීමට සිත උනන්දුය. මේකාත් උදේ පාන්දර වෙලට යන විදිහට  ආපසු පැමිණ මොකද මොකද සද්දේ මමත් මේ වෙලට යන ගමන්. මොකද උනේ කියා අසද්දී රැස්වී සිටිනා අය හිකි හිකි ගාමින් ලාවට සිනාවෙයි. යමක් වැරදුනු බව තේරැම්ගෙන බැලූවිට මේකා කමිසය කියා කරටදාගෙන දුවගොස් ඇත්තේ ආප්ප නැන්දාගේ ඇඳුමකි. හොඳම කාරණය වන්නේ හදිස්සියේ දුවද්දී කකුල ආප්ප පිටි මුට්ටිය ඇතුලට යාම නිසා ආප්ප පිටි කකුලේ මයිල්වලද මේකා දිව්ව පාරේ ඇති තණකොල ගස්වලද වැදී තිබීමය. අහලපහල අයටද වැඩේ තේරැනු නිසා ආපසු ගොස් ඇත. එදා පටන් මේකා පිටි මුට්ටියා විය.

තවත් දවසක ගමේ කොල්ලෝ කට්ටියම බට්ටා කොලණියට ගොස් ඇත්තේ ලලක්කා කෙනෙක් ගෙනැත් ඇතැයි ලැබුනු  ආරංචියටය. එක එකා ඇතුළට ගොස් ටික වේලාවකින් එලියට ඇවිත් මරැ බඩුව මචං කියා යයි. කූලාද මේ ආකාරයට ඇතුළට ගොස් බැලූවිට දැක ඇත්තේ කටින් බුලත්කෙල පෙරාගෙන සිටිනා වයස අවුරැදු 60 ක පමණ ලලක්කා කෙනෙකි. මේකාට ඇතිවූ අප්පිරියාව කොතෙක්ද යත් ඒ සැනින් ආපසු යාමට හැරෙද්දී මහත්තයා බුලත්විටක් කන්නවත් කීයක් හරි දීලා යන්න මහත්තයායැයි පවසා ඇත. ඒ කාලයේ බුලත්විටක් රැපියල් 5 කි. මූ රැපියල් 10 ක් තබා එතනින් එනවිට අනිත් උන් කින්ඩි හිනාව දාගෙන කොහොමද බඩුව යැයි ඇසූවිට කූලාගේ කටින්පිටවූ වචන මෙහි ලිවීමට බැරිය.

7 comments:

  1. හැම කතාවකම පොඩි අනුවේදනීය බවකුත් තියනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. ලියාගෙන ගියාට මටත් ඒක තේරැනේ දැන්. ඒක පෙන්නලා දුන්නට ස්තුතියි.

      Delete
    2. මචං... ඔක්කෝටම වඩා මේක වටිනවා.අතපසුවීමක් අඩුපාඩුවක් පෙන්නුවම ඒක පිලිගන්න එක පොරත්වයට මදිකමක් කියලා වැල් බයිලා ගහන ඩෑල් අතරේ උඹ විශිෂ්ඨයෙක් !!! රෙෂ්පට් මචං..රෙෂ්පට් !!

      Delete
    3. අපේ හැලපයාට නම් මෙ ටික පෝස්ට් දහයකට විතර ඇති.

      Delete
  2. පුදුම සුන්දර ගමක්!
    ගැමි සිරියාව වෑහෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ ජීවිතේ හුඟක් දේවල් මේ ගමෙන් ගත්තෙ. පොඩි කාලේ, කොල්ලා කාලේ විඳින්න ඕන හුඟක් දේවල් මේ ගමෙන් වින්ඳා. ඒ වගේම තමයි දුකත් උපරිමටම වින්ඳා.

      Delete