Thursday, February 2, 2017

අසල්වැසි රටේ සිට ලියමි

හුඟ කාලෙකින් බ්ලොග් එකේ මොකුත් කුරුටු ගාන්නට නොහැකිවීම ගැන බ්ලොග් ලියන, බලන, කොමෙන්ට් කරන, අසන, නරඹන සියලු දෙනා සමාව භජනය කොරන්න ඕනෑය. අවුරුද්ද අන්තිම නිසා ඔෆිසියේ වැඩ වැඩිවීමත් ඊට පස්සේ ලැබුනු ශිෂ්‍යත්ව කෑල්ලක් නිසා ඉන්දියාවට එන්නට සිදුවීමත්, මෙහේ ඇවිත් මුල් කාලේ පොඩි මඤ්ඥං ගතියක් ඇතිවීමත් නිසා මේකේ මොකුත්ම ලියන්නට බැරි උනෝය. දැන් නම් පොඩ්ඩක් විතර සෙට්ල් ගතියක් දැනෙන නිසා මොනවම හරි ලියන්න ඕනෑ කියා සිතුනේ නැතිනම් බ්ලොග් එකටත් කරන අසාධාරණයක් නිසාය.

මාත් එක්ක මේ කෝස් එකට ලංකාවෙන් කිහිප දෙනෙක් පැමිණියාහ. උන් අඳුනා ගත්තෙත් එයාර්පෝර්ට් එකේදීය. අපිට එන්නට තිබුනේ මුම්බායිවලට ඇවිත් එතනින් හයිද්‍රාබාද්වලටය. පැය කීපයක් මුම්බායිවල කට්ටක් කන්නට තිබුනෝය. ඒ අතරතුර අපේ උන් වැටුනු වැටුනු තැන්වල නිදිය. යන්තම් හයිද්‍රාබාද්වලින් ගොඩබහිනවිට උදේ 7.30 ට වගේ ඇතිය. අපිව එක්කාගෙන යන්නට අපේ ආයතනයෙන් නියෝජිතයෙක් ඇවිත් හිටිය නිසා වැඩි අවුලක් උනේ නැතිය. ආපු ගමන් කලේ තේ එකක් බී නිදාගන්නා එකය. එදා හවසද ලංකාවෙන් තවත් කට්ටියක් පැමිණි නිසා රටවල පිරිස් බලය අතින් අපි ඉදිරියෙන්ය.


මේ කෝස් එක කරන්න රටවල් 49 කින් 200 වැඩි පිරිසක් ඇවිත් ඉන්නවාය. වැඩිදෙනා තරුණ පහේ අයය. ඒ නිසා ඉතින් සිද්ධ වෙන දේවල් ගැන අටුවා ටීකා , තිප්පනි කියන්නට ඕනෑ නැතිය. කාමර ලබා දී ඇත්තේ ෂෙයාරින් බේසින් ක්‍රමයටය. මමත් එක්ක ඉන්නා අනිත් එකා ලංකාවේ එකෙක් වීම මට වාසිද, අවාසිද ඇතිකර ඇත්තේය. වාසිය නම් මොකෙක් උනත් අපේ එකෙක් නිසා අවුලක් නැතුව ඉන්න පුලුවන්වීමය. නැතිනම් අප්‍රිකන්කාරයෙක් වගේ සෙට් උනානම් මලෙත් මලය. හැබැයි ඉතින් අර කල්චරල් මොකක්ද එකක් නැතිය. පිට රටක එකෙක් එක්ක හිටියානම් ඒක ලැබෙනවාය.

ටික කාලයක් මෙහෙ ඉන්නට සිද්ධවෙන නිසාදෝ දැන් දැන් කපල් එක දෙක තාවකාලික ප්‍රේම සම්බන්ධතා ඇතිකරගෙන ඇත්තේය. ටිකක් රෑ වෙනකොට ඉතින් සමහර කාමරවලින් ඇහෙන්නේ හුරතල් සද්ද බද්දත් එක්ක ඇදන් චිරි චිරි ගානා සද්දය. අපිත් ඉතින් නෑහුනා වගේ ඉන්නේ කොන්ත නෝනගේ පස්සට කොන්ත නෝනගේ කැමැත්ත කියා මිරිස් වතුරෙන් පස්ස හෝදලා ගන්න ආතල් එක ගැන අපට වගේ වගක් නැති නිසාය. සමහර වෙලාවට රූම් නම්බර් එක මාරුවී පිට රට කෙල්ලියෝ අපේ රූම්වලටත් තට්ටු කරන අවස්ථා ඇත. අපිව දැක්කවිට සොරි කියා යන්න ඕනා එකාගේ රූම් නම්බර් එකද අපෙන් අසනවෝය. ලංකාවෙන් ආව උන්ටික මේ අතින් වැදගත් විදිහට ඉන්නවෝය. ඒක රටට ආඩම්බරයකි.

කෑම බීම ගැන කියනවානම් වැඩි අවුලක් නැතිය. ලංකාවේ ක්‍රමයට කන්නට වෙනම රෙස්ටුරන්ට් කෑල්ලක් තියෙනවාය. හැබැයි ඉතින් මම නම් ශ්‍රී ලංකන්, ඉන්ටර්නැෂනල්, ඉන්දියන් කියන රෙස්ට්ටුරන්ට් තුනෙන්ම කනවෝය. ආපු දවසේ පටන් බඩගින්නේ නම් ඉන්නට උනේ නැතිය. කොහොමටත් කැන්ටිමේ එකාලා ශ්‍රී ලංකා උන්ට වැඩියෙනුත් එක්ක බෙදනවාය. අනිත් රටවල උන් ඉන්දියන් රෙස්ට්ටුරන්ට් එකට එනවාට අකමැති උනත් අපේ උන්ගියවිට ඇති තරමක් කන්න දෙනවාය. මෙහාට එනකොට හිතාගෙන ආවේ කන්නට නැති නිසා බඩ ටිකක් අඩුකරගන්නවා කියාය. ඒක කොරන්නට හම්බවෙන්නේ නැති නිසා දැන් මල් මලයා උදේට යෝග ප්‍රැක්ටිස්ද, හවසට ජොගින්ද කරනවාය. ඊටත් පස්සේ පොඩ්ඩක් බොඩිය පුම්බගන්න ජිම්එක පැත්තේද යනවාය. එහෙම කොරලාවත් මෙහෙ ඉන්න කාලේ ඇතුළත ඇඟ හදාගන්න ඕනෑය.

තවත් කියන්න ඕනෑ දෙයක් ඇතිය. ඒක නම් මේ රටේ උන් ලංකාවේ උන්ට මාර ආදරයක් ඇතිකමය. ඒක කැන්ටිමේ සේවය කරන එකාගේ සිට ආයතනයේ ලොක්කා දක්වාම පවතින්නේය. හුඟක් වෙලාවට උදාහරණවලට අරගන්නේත් ලංකාවය. ලංකාවේ අය වැදගත්, විනීත, ප්‍රියමනාප, විනයවත්, අවංක අය බැව් මෙහෙ අය විශ්වාස කොරනවාය. ඒකෙත් වරදක් නැති බව සිතෙන්නේ අරාබි රටවලින් මෙහෙ ඇවිත් ඉන්න එවුවන්ද, අප්‍රිකන් රටවලින් ඇවිත් ඉන්න එවුවන්ද එක්ක බලනකොටය. ඇත්තටම අපේ උන් ඒ අතින් දාහෙන් සම්පතය. අපේ රටේ මොන පිස්සු කෙලියද මෙහෙදි වැදගත් විදිහට ඉන්නට දන්නවාය.  මෙහාට ඇවිත් ඉන්න බංගලි, නේපාල්, භූතාන් උන්ද ශ්‍රී ලන්කන්ලාට එකෙන්ම මාර රෙස්පෙක්ට් එකක් දක්වන්නෝය.  




වැදගත් අවස්ථාවකදී අපේ කෙල්ලියෝ ටික සාරි ඇඳන් එලියට බැස්සොත් උත්සවය ඇති තැනට යන්නට සෑහෙන වෙලාවක් යනවාය. ඒ සාරිය ඇඳගෙන සිටින මැණිකෙලා සමග ෆොටෝ එකක් ගන්නට පිටරටවල එවුන් පොරකන නිසාය. උන්ගේ ඔසරියට ඇත්තේ මාරම ඉල්ලුමකි. ඇත්තටම ඒක ශ්‍රී ලාංකිකයන් හැටියට ආඩම්බරයක්මය.  

මෙහෙ ඉන්දියන් ඈයෝ කරනා වැඩ ටික අවංකවම කරති. ඊටත් වඩා මේකේ ලොක්කා පට්ට බුවෙකි. උදේ පාන්දරත්, හවසත් තමන්ගේ කාර් එකෙන් මේ ආයතනය වටා රවුමක් යාම ලොක්කාගේ දෛනික රාජකාරියකි. හැම වැඩක්ම හරියටම කෙරෙනවාද බැලීම මෑන්ගේ සිරිතය. කැන්ටිමට ඇවිත් මේස පුටු පවා හරියට පිස දමා ඇතිදැයි බලන එකෙන්ම මිනිහා ගැන හිතාගත හැකිය. අපරාදේ කියන්නට බැරිය. ලෙක්චර්ලාත් මනුස්සකම් ඇති කොටසකි. ඕනෑම උදව්වක් ඉල්ලුවොත් බෑ නොකියා කරති.
තව ටික දවසක් ඉන්නා නිසා පසුවට තවත් තොරතුරු ලියන්නට බලාපොරොත්තු වෙනවාය. එතෙක් බ්ලොග් ලියන, බලන, කොමෙන්ට් කොරන, අසන, නරඹන සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටය.



(මම දැනට ඉන්නේ හයිද්‍රාබාද් කිට්ටුවය. බ්ලොග් ලියන, බලන, කමෙන්ට් කරන කවුරුන් හෝ මේ කිට්ටුව ඉන්නවානම් පොඩි කොමෙන්ට් එකෙක් දැම්මොත් තෑන්ක්ස්ය. මට මේ පැත්ත ගැන දැනගන්න ගොඩක් දේ තියෙනවාය)

මීට
යහපත් වූ ගති ඇති මල් මලයා


47 comments:

  1. පට්ට පොසිටිව් පෝස්ට් එකක් කියවන්නට ලැබීම නියමෙටම නියමය.මල් හතය.යට ඉඳන් තුන්වෙනියට තියන පොටෝවේ ඉදිරියෙන්ම ඉන්නා ගෑල්ලමයාට ගස්ලබ්බා ආසිරි පැතූ බවත් කියන්නට හැකි නම් අගේය.
    රැඩිකල් සීන් එකේ රැල්ලට නොයා ලංකාව නිසා ආඩම්බරයට පත්වූ බව කට පුරා කිවූ මල්මල්ලීට රෙශ්පට් ය.
    වැඩේ එකෙන්ම කොරගන්නට සුභ පැතුම් ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නෙ මල් මල්ලිට ඒ රටේ ඉන්න බැරි වෙන්න වැඩේ සෙට් කරන්නද? හැක්..

      Delete
    2. ගස් ලබ්බෝ ඒ ඉන්නේ කාම්බෝජියා ඩෙලිගේෂන් එකේ රතන කියන ගෑණු ළමයාය. ඒ ඩෙලිගේෂන් එකේ රතනලා දෙන්නෙක් ඉන්නවාය. ඒ නිසා අපි මෙයාට කියන්නේ පොඩි රතන කියලා. කොහොමටත් මම ගස් ලබ්බාගේ සුබ පැතුම පොඩි රතනට දෙන්නම්ය.

      Delete
    3. ඔය අදහස් දක්වපු තුන්දෙනාම බ්ලොග් මිත්‍රයෝ නිසා අමනාප වෙන එකක් නෑ කියල හිතලයි කියන්නේ.

      ඔබ වෙන කෙනෙකුගේ පින්තූර ඒ අයගේ අවසරයකින් තොරව අන්තර්ජාලයට දමපු වග කෙලින්ම ඒ අයට කීම සමහරවෙලාවට ඔබට ගැටළුවක් ඇති කරන්න පුළුවන්. සමහර රටවල අය විශේෂයෙන්ම කාන්තාවන් එහෙම කරනවට කැමති නෑ. ඒ වගේම තව අය ඉන්නවා ඔවුන් ඒ මොහොතේ ඉන්නේ ලෝකේ කොතනද කියන එක හෙළිවීමෙන් ඔවුනට අනතුරු ඇතිවෙන්න පුළුවන්. ඒ අයත් කැමති නෑ. මගේ අතින් කලින් වුන ඒවගේ අතපසු වීමක් නිසා තමයි මමත් ඒක මුලින්ම දැනගත්තේ. ලංකාවේදී අපි ඒවාට එතරම් සංවේදී නැහැනේ.

      පින්තූර විවෘත්ත අන්තරලයට දැම්ම කියල ඒ අයට කියන එක ඒ තරම් නුවනටහුරු වැඩක් නොවෙන්න පුළුවන්. විශේෂයෙන්ම චීන කාන්තවන්ට.

      කොහොම වුනත් ඔය කට්ටිය ඩිප්ලෝමැටික් අය නම් පින්තූර අනවසරයෙන් අන්තර්ජාලයට එක කිරීමෙන් නම් කට්ටිය විසිරෙනතෙක්ම ඔබට අනවශ්‍ය වගකීමක් එන්නත් පුලුවන්.

      අමනාප වෙන්න එපා. මිත්‍ර කමටයි අදහස ලිව්වේ

      Delete
    4. සමාවෙන්න. අපි සාමාන්යෙන් පින්තූරයක් දාන්න එහෙම අවසර ගන්නේ නැති නිසා, ඔබත් අවසර ගන්න නැතිව ඇති කියල එක පාරට හිතුන නිසා කිවේ.

      Delete
    5. ඔව් මේකට අවසර ගත්තේ නෑ. මොකද මේවා මූණු පොත හරහා මෙහෙ ආව හැමෝම අතර ෂෙයාර් වෙනවා. කොහොම උනත් නොදන්න දෙයක් ගැන කියලාදීම ගැන බෙහෙවින්ම ස්තුතියි. ආයෙ පරිස්සමට මේ දේවල් කරන්නම්.

      Delete
    6. ඒකනම් කාම්බෝජ කිව්වා නේද ? වියට්නාම්, තායි කෑල්ලක් එහෙම සෙට් වුණේ නැතෙයි ? සෙට් වුණොත් උඹ ආයෙ එන එකක් නෑ, කෙලින්ම එහෙ.

      Delete
    7. තායි ඇවිත් නෑ. වියට්නාම් හිටියා. හැබැයි වැඩි ලකයක් නෑ. මැඩගස්කර් කෑලි වගයක් ඉන්නවා. උන් ලංකාවේ උන් වගේමයි.

      Delete
    8. වියෙට්නාම් වචනය ඇහුනත් මට නම් සැපයි.... කොරියාවේ හිටපු කාලය මතක් වෙනවා..

      Delete
    9. සමනා හොඳ වියට්නාම් කෑමක් කාලා වගේ හැක් හැක්

      Delete
  2. මේ දවස් ටිකේ මල් මල්ලි මාර රවුමක් ගහලනෙ.
    බොටත් අර අම්බලංගොඩ හාදයට වගේ හඳුංකූරු කන්න උනානං තමයි වැඩේ වෙන්නෙ.

    එනිවේ, හැම දෙයක්ම සුබ වෙන්න කියල පතනව.

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්ද පටන් ගත්තෙම වැඩ වැඩි කරලා. ඒකට නම් කමක් නෑ කියමුකෝ. තියෙන තත්වෙ හැටියට මේ දවස් ටිකේ හඳුන්කූරු කන එක ශරීර සෞඛ්‍යයට හොඳයි වගේ බං.

      Delete
  3. ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා පතමි. සියලු දෙනාටම සුබ පතන්න!!

    ReplyDelete
  4. ඔහේ කියන දේ ඇත්තය. ලංකාවේ එකාලා ගැන වෙනත් රටවල උන්ට පොඩි මෙව්වා එකක් ඇතිබවනම් මටත් දැනී තියෙනවාය. ඉදිරියේදී ඒ ගැන ලියන්නට හිතං ඉන්නා නිසා මෙතනින් නවතිනවාය.

    ReplyDelete
    Replies
    1. අපේ උන් මේ වගේ තැනකට ආවාම වැදගත් විදිහට ඉන්නවා. ඒ වැදගත්කමට ඉන්දියන් අය කැමතියි.

      Delete
  5. උඹටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතා ගොල්ලන්ගේ පිහිටයි ආරස්සාවයි. ඒ උනාට අර පාර වැරදිච්චි කෑලි එහෙම කාමරේට තට්ටු කළොත් එහෙම ආපහු යවන එක පව් නේ බං. ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලපන්.

    ReplyDelete
    Replies
    1. උන්ව ඇතුලට ගත්තොත් දොර ඇරපු අපිටමයි බං තට්ටු වෙන්නේ.

      Delete
    2. මාත් කියන්ට ආවේ ඒකයි .....

      Delete
    3. ඒක ඇත්අ අටමා. මම ඊලඟ පෝස්ට් එකට උන්ගේ ෆොටෝ ටිකක් ඇඩ් කරන්නම්

      Delete
  6. උඹ නම් ලකී, මම ගිය රටවලනම් එක්කො ලංකාව අහල නෑ, එහෙම නැත්නම් පාරෙ කක්ක දාන පොරක් දිහා බලනවා වගේ මගේ දිහා බලනවා. ටිකක් හරි තැනක් තිබ්බෙ ඔසීවල විතරයි, ඒ අර සංගා මහේල, ජයසූරියා නෙලපු කාලෙ. අහන්නත් ආසයි ලංකාවෙ උන්ට මෙහෙම පිළිගැනීමක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් හුඟක් උන් අහන්නේ ජයසූරි, සංගා, මහේල ගැන. දකින දකින එකා අපිට කියන්නේ “සිරි ලංකා“ කියලා

      Delete
  7. වැඩ කටයුතු ටික සාර්ථකව කරගන්න සුබ පතන ගමන් තව තව රස කතා ටිකක් ලියන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි. හෙටත් ගමනක් යනවා. ඒකෙනුත් එකක් ලියන්නම්.

      Delete
  8. ඔය දන්නෙ නැති ගෑල් ළමයින්ට දොර ජනෙල් ඇරීමෙන් වැලැකී සිටින්න
    තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවායි පතිමි......
    එක අතකින් ඉන්දියාවට ගිය එක හොදය මෙහෙ හිටියානම් කල්පෙකට ලියන්නෙ නෑනෙ ඉතින්

    ReplyDelete
    Replies
    1. මම මෙහෙ බොහොම පරිස්සමින් ඉන්නේ රස්තා. කලු කෑල්ලකට යට උනොත් ඉතින් මාලු ලෑල්ලකට යට උනා වගේ තමා.

      Delete
  9. ජයවේවා !
    මටත් දැනට හම්බුනු වෙනත් රටවල උන් ඔක්කොම වගේ ලංකාවෙ කියල කිව්වම සිරි ලංකා.. කියල ටක් ගාලා ෆිට් වෙනව :)

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ උන්ට අපේ මොකක් හරි අනන්‍ය දෙයක් පේනවා. දැක්ක ගමන් අහන්නේ සිරි ලංකා.

      Delete
  10. මල් මල්ලි ජයටම ලියලා. රස්ති කිව්වා වගේ ඔහෙටම වෙලා ඉදං ලියන්න මල්ලි :)

    ReplyDelete
    Replies
    1. අය්යෝ අක්කා මගේ නෝනයි පොඩි එකයි. ඒ දෙන්නා දැනටමත් නාහෙන් අඬනවා.

      Delete
  11. කන්න දෙන්න දරුපවුලක් මෙහෙ ඇතියෝ
    ඇන්න නොගියෙ කිමදැයි ඒ අය ගොයියෝ
    ගන්න දැණුම රැකියාවට හොඳ ඇතියෝ
    ඉන්න තැනක පරිස්සමෙන් මල් මලයෝ.....

    සියලු කටයුතු සාර්ථක වේවා.

    ජයවේවා!!!

    ReplyDelete
  12. කන්න දෙන්න දරු පවුලක් ඇතිය තමා
    ඇන්න යන්නේ කාසි නැතුව උන් කොහොමා
    කීයක් හරි ලැබෙන නිසා ආ මෙහෙ මා
    ඉන්න තැනත සිටිමි සමග පරිස්සමා

    ස්තුතියි දුමින්ද

    ReplyDelete
  13. ලංකාවේ උන් කොහොමත් නම තියාගෙන ඉන්න දන්නවා ඔහොම එව්වට ගිහාම...

    ඔය ඇපල් රසයි මචං... පොඩ්ඩක් කාල කරලා බලපන් ;)

    ReplyDelete
    Replies
    1. ඒක හරි. රටේ නම වටිනවා.
      හැබැයි පුතෝ සමහර ඇපල්වල පනුවෝ ඉන්නවා. ඒක නිසා නොදන්න ඇපල් කනඑක පරිස්සමට කරන්න ඕන.

      Delete
  14. කාලෙකින්... අදාල කෝස් එක සාර්ථකව නිම කර ගෙන ආතල් එකකුත් ගන්නට වාසනාව පෑදේවා..අර කෙල්ලෙක් මුගේ කාමරේට ඒවා

    ReplyDelete
    Replies
    1. කෝස් එකනම් හරියට කරන්න ඕන. ආතලුත් අඩු නැතුවම තියෙනවා. හැබැයි අන්තිම ප්‍රාර්ථනාව නම් ඉෂ්ඨ නොවෙන තරමට හොඳයි වගේ.

      Delete
  15. කන්ඩ තියනව නම් වෙන මොනවද?

    ReplyDelete
    Replies
    1. කන්ඩ, බොන්ඩ ඕන දෙයක්. ඔන්න දැන් අපේ අය අද මොනවා හරි කරමු කියලා පහලට ගියා.

      Delete
  16. හිතවත් මල් මලය,
    මරුය. වෙනිං සඟිස්කුරුතියක හැදී වැඩුන එවුං එක්ක එකට වැටී ඉන්නා එක මාර සතුටක්ය. ඒ වගේ තැනකදී බඩුකාරයෙක් නොවී කුණුවෙන්ට බොන බෙබෙක් නොවී ඉන්නා එකෙං මහත් ඵල ලැබේ. කෙලිං ඉන්න පුළුවන් තරමට බීම බේබදු කමක් නෙවෙයිබවත් ඔය ඉන්නා කෙලිත්තියන් එක්කා කයිවාරුවක් ගැහීම බඩුකාරකමක් නොවන බවත් දත යුතුය. පුළුවං තරං වටපිට විස්තර බලාගෙන දැන හැඳුනුංකං හදාගෙන සෑහෙන විස්තරයක් අහුලාගෙන එන්නට වරම් ලැබෙන්නට කියා පතමි. කවදාහරි දොහක මාත් ඔය වගේ පිටරටක යනවාය. එදාට කියෝලා දැනගෙන යන්ට තරං දෙයක් බෝ ලියන්ට ඕනාය. ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔය දළු ලොරියක හරි එල්ලිලා වරෙං මලේ මේ පැත්තට :)

      Delete
  17. එලය. එලය. කොමෙන්ටුව මහත් සතුටක් ජනිත කලේය. පිටරට කෙලිත්තියන් සමග බොහෝ කයිවාරු කෙලිමි. උන් මගේ සමාගමයද ප්‍රිය කරන්නෝය. තව ස්වල්ප දිනකින් අනෙක් පෝස්ටුව ද පලකරමි.

    ReplyDelete
  18. ඈ බං කුරහන් මලේ දැන් බොලා අපට හඟිස්සවන්න හදන්නේ බොලා උපාසකය කියලද ?

    අපි නං දන්නා විදිහට උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ :)

    නෑ මම බොලා ගැනම නෙමෙයි බළල්ලු ගැනයි කිව්වේ :)

    ReplyDelete
  19. කණ්ඩා මම මෙහාට වෙලා අපේ රටේ සංස්කෘතිය සදාචාරය, සභ්‍යත්වය, භෞමික අඛන්ඩතාවය, දේශීය යාන්ත්‍රණය ආරක්ෂා කරගන්න ෆුල් ෆයිට් එකක් දෙනවා. උඹ මට පද හදනවා.සාධාරණද බං මේවා. ඇඬෙනවා බං තනි ඇහැට.

    ReplyDelete