Sunday, September 10, 2017

ඔබේ දරුවා ජනප්‍රිය පාසැලකට ඇතුළත් කරගන්නේ කෙසේද?



සිරි ලංකාව නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් බව කුරුටුගාමීන්ද, පෙරටුගාමීන්ද, රතු සෙට් එකද, රට්ටුන්ද, පාලකයින්ද නිතර කියනා දෙයක්ය.  හැබැයි ඒකත් හරියට අර රටේ නම වාගේමය. සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යැයි නම තිබුණාට මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද පමණි.  මෙහෙ ඇති හැම දේම එහෙමය. ඇත්තේ නමට පමණි. නොමිල සෞඛ්‍ය සේවයක් කියා දෙයක් ඇතද ඉස්පිරිතාලයට ගියවිට නොමිලයේ ලැබෙන්නේ දොස්තරගේ පරීක්ෂාව පමණි. දිළිඳු සහණාධාර කියා ලැබෙනා සොච්චං සමෘද්ධියද බාගෙට බාගයක් ගන්නේ යමක් කමක් ඇති එවුන්ය. සුදුසුකමට රස්සා දෙනවා කියා සම්මුඛ පරීක්ෂණ තිබ්බාට වැඩිහරියක් රස්සාව දෙන්නේ සම්මුඛ පරීක්ෂණයට පෙර හෝ පසුව පුද්ගලිකව සම්මුඛ වන එකාලාටය. නැතිනම් එකීලාටය. ඉතින් යථාවාදී තථාකාරී ගුණයෙන් පරිපූරණ මෙහෙව් රටක නිදහස් අධ්‍යාපනයක් කියා දෙයක් බලාපොරොත්තු වන අපිටත් පිස්සුය.

පළමු ශ්‍රේණියේ පටන් විස්ස විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයක් දෙනවා කීවාට ඉස්කෝලේට යනවිට ඩෙස් එක පුටුවත් උස්සාගෙන යා යුතුය. පහසුකම් ගාස්තු කියා එකක් ගෙවිය යුතුය. පන්තිකාමර ටික පේන්ට් කර දිය යුතුය. තාප්ප බැඳීම, ක්‍රීඩා උපකරණ සැපයීම, ගොඩනැගිලි සෑදීම, පිහිණුම් තටාක සෑදීම වගේ දේවල්ද දෙමාපියන්ගේ අතින් කයිට් අරමුදල්වලිනි. යන්තම් නිකං ලැබෙන්නේ නිල ඇඳුමත්, පෙල පොත් ටිකත් පමණි. ඒකේ නිල ඇඳුමට වව්චර්ද මොකක්ද එකක් දමා ඒකත් විකාරයක් කර දැම්මෝය. දැන් පෙල පොත් ටිකත් ප්ලාස්ටික් කවරවල අච්චු ගසන්නට කියා පිස්සුවක් කෙලින්න යනවෝය.

දෙමාපියන්ගේ සිහිනය වන්නේ හොඳයි කියා සම්මත  පාසැලකට තම දරුවා ඇතුළත්කර ගැනීමය. මේකත් එක්තරා ආකාරයකට ඇරියස් කවර් කිරිල්ලක්ය. තමන්ට යන්නට බැරි උන ඉස්කෝලෙකට පොඩි එකාව යවා තමන්ට යන්නට බැරි උන පෝස්ට් එකකට ඒකාව තල්ලු කිරීම මෙම සංග්‍රාමයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේය. නැතිනම් තමන් ගිය ඉස්කෝලෙටම පොඩි එකාවද යවා ගැනීමටද ලොකු යැයි කියන පාසැල්වලට ගිය ඈයින් පොරකන්නෝය. 

පහුගිය දවස් ටිකේම මල් මල්ලීගේ පරණ හිතවතුන්ගෙන් දිගට හරහට කෝල් ආවේ පොඩි පොඩි උදව් ඉල්ලලාය. ඒ පොඩි එව්වන් පාසැලට දමාගැනීමටය. ඉස්සර ඔව්වා කරලා දුන්නද දැන් ඉතින් මහ ලොකු හයියක් නැති නිසා කරන්නට දෙයක් නැතිය. ඒ කෙසේ වෙතත් පොඩි එකාලාව පාසැලට ඇතුලත්කරගැනීමට අදාළව සෑහෙන දැනුම් සම්භාරයක් එක්රැස්කරගැනීමට මෙවර මල් මල්ලීට හැකියාව ලැබුනි. කාට හෝ උදව්වක් විය හැකි නිසා මේ ටික කුරුටු ගාන්නේ ඒ නිසාය.

ඔබ දරුවාව පාසැලට ඇතුළත්කරගැනීම සැලසුම්කරගත යුතුවන්නේ දරුවා ඉපදීමටත් කලින්ය.කොටින්ම විවාහ වීමටත් කලින් මෙම කාර්යයට අත ගසනා අය සිටිති. ඒ විවාහ සහතිකයට ජනප්‍රිය පාසැල් ආසන්නේ නිවසක ලිපිනයක් ඇතුලත් කිරීමෙන්ය.

කෙසේ නමුත් ඉපදෙන්නේ සරමක්ද, කම්බායක්ද කියා අපට තීරණය කළනොහැකි නිසා අඩුම තරමින් පොඩි එකාගේ ලිංගය තීරණය කරනා ස්කෑන් එක කිරීමෙන් පසුව මෙම කර්තව්‍යට බැසීම වඩාත් ගුණදායක වන්නේය.

ඉස් ඉස්සරලාම කළයුත්තේ කොල්ලෙක් නම් ජනප්‍රිය පිරිමි පාසැලක් අසළින්ද, ගැහැණු දරුවෙක් නම් ජනප්‍රිය බාලිකා පාසැලක් අසලින්ද බදු ඔප්පුවක් ලියාගැනීමය.(හැකිනම් ගෙයක් සල්ලිවලට ගැනීම හොඳය. ඒත් ඉතින් ධනපාල අවුල්නේ ඒවගේ වැඩකට) මේ සඳහා පාසැලේ සිට මීටර් 50-100 අතර දුර ප්‍රමාණයකින් නිවසක් තෝරාගැනීම යෝග්‍ය වේ. අය කිරීම් විවිධය, ඉහළය. වැරදුනොත් මුදල් ආපසු ලැබෙන්නේ නැතිය.

දරුවෙකු පාසැලට ඇතුළත්කරගැනීමට අඩුම තරමින් වසර 5 ක ස්ථිර පදිංචිය සළකා බලනු ලබන්නේය. මේ සඳහා වසරකට ලකුනු 7 බැගින් වසර 5 ක් සඳහා උපරිම ලකුණු 35 ක් හිමිවෙනවාය.

මෙම නීතිය ජනප්‍රිය පාසැල්  අසල නිවැසියන්ට හොඳ ව්‍යාපාරයක්ය. පස් අවුරුදු බදු ගිවිසුමක් යටතේ තමන් වාසය කරනා නිවස, නිවසේ කොටසක්, නිවසේ එක් මහලක් මේ ආකාරයට හිමිකම් ඔප්පුවක් මගින් ලබාදීමට රැපියල් ලක්ෂ ගණනක් අය කරනු ලබන්නේය. හොඳින් මතක තබාගත යුතු වන්නේ මෙම මුදල එකවර ගෙවීමෙන් පසුව ඔබ හා නිවැසියන් අතර ගණුදෙනුව අවසන් වන්නේ නැති බවය. වරින් වර ඔවුන් විසින් පස්සේ දෙන්නම් කියා ඉල්ලා සිටින මුදල් ලබාදීමට ඔබට සිදුවන්නේය. නැතිනම් නිවස බදු දුන් එකාම ඔබේ සියලුම විස්තර සහිතව මෙම අය මෙහි පදිංචි නැති බව දන්වා පෙත්සමක් ගැසුවහොත් සියල්ල සුම්මාය.

මේ සමගම සිදුකළ යුතු වැදගත්ම කරුණ වන්නේ බදු ඔප්පුව ලියූ නිවස පිහිටි ගමේ ඡන්ද හිමි නාම ලේඛනයට මව් පිය දෙපලගේම නම ඇතුළත්කරගැනීමය. දැන් ඉස්සර වගේ නොව ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කරන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සීඩී තැටියෙන් නිසා මේ සම්බන්ධයෙන් බොරු කිරීම අපහසුය. ඒ නිසා දෙමාපියන්ගේ නම් අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ වසර 5 ක කාලයක් තුළ ඇතුළත්ව තිබීම අතිශය වාසිදායකය.

මෙම නව ලිපිනයටම ජාතික හැඳුනුම්පතද ලබාගත යුතුය. (මේක කොරනා විදිහ ඉතින් දන්නෝ දනිති)

අනතුරුව තමන්ගේ නමින් මොකක් හෝ ව්‍යාපාරයක් එම නිවසේ ලිපිනයට හෝ ඒ ආසන්නයේ පවතින ස්ථානයක ලියාපදිංචි කළ යුතුය.

එසේම තමන් මිලදී ගත් වාහනයක් මෙම නව ලිපිනයට ලියාපදිංචි කිරීමද මෙහිදී වාසිදායක වෙනවාය. එහි ලීසිං පහසුකම්වලට අදාළ ලිපි ලේඛනවලට එම නිවසේ ලිපිනය යෙදීම කල යුත්තේය.

එසේම ක්‍රෙඩිට් කාඩ් බිල්පත්, බැංකු ගිණුමේ ලිපි, ජල බිල්, ලයිට් බිල්, දුරකථන බිල්, ජංගම දුරකථන බිල් වැනි මෙකී නොකී හැට හුට හමාරක් අවශේෂ බිල්පත් මෙම ලිපිනයට ගෙන්වාගත යුතුමය.

දරුවා ඉපදීමට පෙර මව සහභාගී වන ළමා හා මාතෘ සායනයෙන් ලබාදෙන දරුවාගේ සෞඛ්‍යවර්ධන සටහන් පොතේ පැවතිය යුතු වන්නේ එම ලිපිනයයි. (මේකත් පෙර සේමය. කොරනා ආකාරය ඉතින් දන්නෝ දනිති) දරුවා ඉපදීමටත් ප්‍රථම දරුවා බොරුකාරයෙක් වන්නේ මේ සිද්ධියත් සමගය.

ඉන් පසුව ඒ ලිපිනය ආසන්නයේ පවතින රෝහලක දරු ප්‍රසූතිය සිදුවූ බවට ලිපි ලේඛන පැවතිය යුත්තේය. දරුවාගේ උප්පැන්නයේ සටහන් වන්නේ අදාල ජනප්‍රිය පාසැල අසල ලිපිනය නම් ඔබ සටනින් සෑහෙන කොටසක් දිනා අවසන්ය.

පළමු කොටස අවසන්ය. ඊලඟට දෙවන කොටසය. දැන් බඩු බනිස් කියා මේ ටික තියාගෙන බකන් නිලාගෙන බඩ උලාගෙන සිටියොත් කිසිදා දරුවා පාසැලට ඇතුළත්කර ගැනීමට හැකිවන්නේ නැත. ගේමේ ඉතිරි ටික මේ ආකාරයටය.

ඔබ විදුහලේ ආදි සිසුවෙක් නම් ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලබාගත යුතුය. හැකිනම් කුමක් හෝ ජිල්මාට් එකක් ගසා එහි තනතුරක් ලබාගැනීම කොයි එකටත් වටින්නේය. ඒක ළමයාටත් තමන්ගේ සාක්කුවටත් හොඳය. සමහර විට දරුවාව පාසැලට ඇතුළත්කර ගැනීමට දැරීමට සිදුවන වියදම මෙයින්ම ප්‍රතිපූරණය කරගත හැක්කේය. (හැක් හැක් ඒව ඉතින් එහෙම තමයි. මොකද මීයක් කඩන්නේ අත ලෙව කන්නයැ)

ඉන් අනතුරුව සිදුකල යුතු වන්නේ මෙම කාර්යයට උදව් ලබාගතහැකි සියලු දෙනා දැන අඳුනාගැනීමය. ග්‍රාම සේවක, හැකිනම් ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, තැපැල් ස්ථානාධිපති, විහාරාධිපති, විදුහලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පතිවරයාගේ කාර්යාල කාර්ය සහායක, අධ්‍යාපන ඇමති, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හෝ ඉහළ නිලදරුවන්, ජාතික පාසැල් අධ්‍යක්ෂ, ආදි ශිෂ්‍ය සංගමයේ නිලදරුවන් මේ සියලු දෙනා හැකි පමණ තමන්ගේ හිත මිතුරු ලැයිස්තුවේ සිටීම වඩාත් වාසිදායක වන්නේය.

එසේම බදු ඔප්පුව ලියූ නිවස අයත් ගමේ විහාරස්ථානයේ දායක සභාවට බැඳීම, හැම පෝයටම ඒ පන්සලට යාම, සිල් ගැනීම, පිංකම් සංවිධානයට දායකවීම, හැම ඉරිදාම පල්ලියේ පූජාවට යාම, මරණාධාර සමිතියේ සාමාජිකත්වය ලබාගැනීම, සුභ සාධක සමිතිවල සාමාජිකත්වය ලබාගැනීම, මාසයකට වරක් දෙකක් ඒ ගමේ ඇති කඩයකින් බඩුගැනීම ඔබ ඒ ගමේම අයෙක් බව ඔප්පු කිරීමටත්, පෙත්සම්වලින් ආරක්ෂාවීමටත් උපකාරී වේ.

ඉන්පසුව ඇත්තේ පාසැලට අයදුම්පතක් ඉදිරිපත් කිරීමය. ඔබේ දරුවා පාසැල් යන්නේ 2018 නම් අයදුම්පත 2017 වසරේ මුල ඉදිරිපත් කළ යුත්තේය.පිටු 20 ක් පමණවන අයදුම්පත පුරවා ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය. මෙය පුරවන අවස්ථාවේ ඇතිවන හිසරදයට පිළියම් ලෙස පැනඩොල් කාඩ් එකක්, වතුර වීදුරුවක්, ඕඩි කොලොන්ග් කුප්පියක් සහ සිද්ධාලේප කුප්පියක් ලඟ තබාගැනීම කොයි එකටත් ගුණදායකය. මේ අයදුම්පත පුරවන්න අන්තිම දවස වෙනකම් නම් ඉන්න එපාය. බැරි වෙලාවත් ග්‍රාමසේවක ලෙඩ උනොත්, අවශ්‍යකරන ලේඛනයක් හොයාගන්න පරක්කු උනොත් වැඩේ ගස් නිසා කලින්ම මේක පුරවා යැවීම ශරීර සෞඛ්‍යට ගුණදායකය.

අනතුරුව ඔබ විදුහලට ආදරය කරනා ප්‍රබල ආදි සිසුවෙක් බවට බවට ඔප්පු කළයුතුය. ඒ සඳහා ආදි ශිෂ්‍ය සංගමයට මුදලින් ආධාර කිරීම, ආදි ශිෂ්‍ය සංගමය මගින් සිදුකරන කටයුතුවලට වැඩි වශයෙන් දායකවීම සිදුකල යුතුය. කොටින්ම ගෙදර සිටිනවාට වඩා වැඩි කාලයක් ආදි ශිෂ්‍ය සංගම් කාර්යාලයේ ගතකළ යුතුය.

ආදි ශිෂ්‍ය සංගමයේ නොවේ නම් දුර්මුඛ වියයුතු නැත්තේය. ඒවාටද ක්‍රම සහ විධි ඇත්තේය. ඔබේ ශක්ති ප්‍රමාණයෙන්, සිවිල් බලය, දේශපාලන බලය මත සිදුකල හැකි කටයුතු ඇත්තේය. දේශපාලන බලය ඇත්නම් පාසැලට ගොඩනැගිල්ලක් අනුමතකරදීම, ඔබට සිවිල් බලයක් ඇත්නම් කවුරුන් හෝ ගෙන්වා පාසැලේ දේශන මාලාවක් පැවැත්වීම,  හෙදියක් හෝ වෛද්‍යවරයෙක් නම් පාසැලේ වෛද්‍ය කඳවුරු පැවැත්වීම, සල්ලි ඇතා හෝ නැතා ණය වී හෝ පාසැලට අවශ්‍ය දෙයක් පරිත්‍යාග කිරීම වැනි දේ මේ අතරට එක්වේ.

ඉන්පසු හැකියාවක් ඇත්නම් සම්මුඛ පරීක්ෂණය ආසන්න වූ විට ඔබ බදු ඔප්පු සෑදු නිවසේ මාස 3 ක කාලයක්වත් පදිංචි වී සිටීම පොඩි එකාගේ සම්මුඛ පරීක්ෂණයේදී වාසිදායක වන්නේය. නැත්නම් ඉතින් ඉන්නේ කොහේදැයි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ උන් පොඩි එකාගෙන් ඇසූවිට සැබෑ පදිංචිය හෝමාගම නම් මේකා ලෝස් නැතිව කට පුරෝලාම හෝමාගම කියනු ඇත. එවිට සියල්ල කම්බස්ය. එම නිසා බදු ඔප්පු සෑදු නිවස තමන්ගේ නිවස බව පොඩි එකාට ඇඟවෙන පරිද්දෙන් එහි ටික කාලයක් වාසය කිරීම වාසි සහගතය.

එසේ කිරීමට අපහසු නම් පොඩි එකාට ගෙදරදී සම්මුඛ පරීක්ෂණයේදී අසනා දේවල් කටපාඩම් කරවිය යුතුය. හැකි පමණ බොරුකීමට ඉගැන්විය යුතුය. නැතිනම් වැඩේ අංඥකොරොස්ය.

දරුවන් ඇතුළත්කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සංයුතිය පහත ආකාර වන්නේය.
විදුහල්පති (සභාපති)
විදුහල්පතිවරයා විසින් නම් කරනු ලබන එම පාසැලේ වසර 5 ට වැඩි සේවා කාලයක් ඇති නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හෝ ජ්‍යේෂ්ඨ ගුරුවරයෙක් (ලේකම්)
ප්‍රාථමික අංශය බාර නියෝජ්‍ය විදුහල්පති හෝ අංශ ප්‍රධාන
පාසැල් සංවර්ධන සමිතිය විසින් නම් කරන නියෝජිතයෙක්  
ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක්.

පාසැලට දරුවන් අතුලත්වීමට සුදුසුකම් ලබන්නේ පහත ආකාරයටය.
පාසැල ආසන්නයේ පදිංචිකරුවන් සියයට 50
ආදි ශිෂ්‍ය පදනම මත සියයට 25
සහෝදර පදනම සියයට 15
පාසැල් අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතනවල කාර්ය මණ්ඩලවල සියයට 5
රාජකාරී අවශ්‍යතා මත ස්ථානමාරුවීම් ලැබූ අය සියයට 4 (ස්ථාන මාරු ලිපියේ රාජකාරී අවශ්‍යතා මත මාරු කරනවා කියා තිබිය යුතුය. නැත්නම් වැඩක් වන්නේ නැත)
විදේශගත පදනම සියයට 1

පළමු ශ්‍රේණියේ එක් පන්තියකට  ඇතුළු කිරීමට  චක්‍ර  ලේඛ මගින්   නියම  කර  තිබෙන්නේ  සිසුන් 38ක්   පමණි. එම 38 දෙනා  තෝරා  ගන්නේ  පහත සඳහන්පරිදිය.

 පළමු සම්මුඛ පරීක්ෂණයෙන්       33

ක්‍රියාන්විත රාජකාරි කළ/කරන හමුදා/පොලිස්  නිලධාරීන්ගේ දරුවන්           5


ඇත්ත  වශයෙන්ම   පදිංචිය  මත , සහෝදර පදනම් මත  ආදී ශිෂ්‍ය  පදනම  මත සහ  අනෙකුත් පදනම් මත  එක්  පන්තියකට  ඇතුලත්  කරගන්නා  සංඛ්‍යාව  33ක්  පමණි. ඉතිරි 5 තෝරා  එවන්නේ  හමුදාවල  සහ  පොලීසිවල  ඉහල  නිලධාරින්ය.


සම්මුඛ පරීක්ෂණය අවසන්වීමෙන් පසුව සමහර පාසැල්වල සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ අවස්ථාවේම ප්‍රකාශ කරන අවස්ථාද ඇත. ඒ අවශ්‍ය නම් වෙනත් පාසැලකටත් උත්සාහ කර බැලීම සඳහාය. ඔබ සම්මුඛ පරීක්ෂණය අවසන් වී එලියට එනවිට සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමට පැමිණ ඇති අනෙක් දෙමාපියන් විශේෂයෙන් අම්මලා ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය විමසනු ඇත. මතක තබාගත යුත්තේ කිසි විටක සත්‍ය ලකුණු ප්‍රමාණය නොපැවසිය යුතු බවය. අඩුම තරමින් පසුගිය වසරේ තෝරාගත් ලකුණු සීමාවටත් ලකුණු 7-8 ක් වැඩි කර එය කිව යුතුය. නැතිනම් යම් හෙයකින් අභියාචනාවකට යාමට සිදුවුහොත් මේ ලකුණු ඇසූ අම්මලාම ප්‍රශ්න පත්‍රයක් විය හැකිය.

හොඳම කට්ට පවතිනුයේ ඉන් අනතුරුවය. පාසැලේ පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව පැවැත්වෙන්නේ පදිංචිය තහවුරුකරගැනීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයකි. එනම් විදුහලේ ආචාර්යවරයෙක්, ආදි ශිෂ්‍ය සංගම් සාමාජිකයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාස 2-3 ක කාලයක් තුළ සතියේ දිනවල සවස 4.30 සිට රාත්‍රී 11 දක්වාත්, සෙණසුරාදා, ඉරිදා දිනයන්හි උදේ 8 සිට රාත්‍රී 11 දක්වාත් දරුවාගේ අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ගොස් නිසැකවම ඔබ එම නිවසේ පදංචිව සිටිනවාදැයි තහවුරු කරගැනීමට කටයුතු කරනු ලබයි.

මෙම පරීක්ෂණය ආදි ශිෂ්‍ය සංගම්වල නිලධාරීන්ගේ කල්ල මරේ තබනා අවස්ථාවකි. තමන් මුදල්ගෙන විදුහලට ඇතුළත්කර දෙන්නම් කියා පොරොන්දු වූ අයගේ පොරොන්දු ඉටුකිරීමට කටයුතු කිරීම මෙම අයගේ ප්‍රධානතම කාර්යභාරය වන්නේය. ඒ සඳහා හැකි තරම් මුදල් නොදුන් උන් මෙයින් අසමත් කළ යුතුය. මෙය ඇත්තටම පාසල් පද්ධතිය පුරා පවතින මාෆියාවක්ය.

හැබැයි මතක තබාගත යුතු වන්නේ මේ අය එන දිනයක් හෝ වේලාවක් කලින් කියන්නේ නැතිබවය. මෙම පරීක්ෂණයට යන දිනයේ දෙමාපියන් සහ දරුවා අදාළ නිවසේ අනිවාර්යෙන්ම සිටිය යුතුය. නැතිනම් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්ය. තමන් බදු ඔප්පු සෑදූ ලිපිනය නිවස අසළ තමන්ගේ වාහනය නවත්වාගෙන ප්ලාස්ටික් පුටු දෙකක් තබාගෙන මදුරුවෝ තලමින්, දූවිලි වදිමින් සවස 4.30 සිට රාත්‍රී 11 දක්වා දරුවාත් සමග කට්ටකමින් සිටිනා දෙමාපියන් අඩුම තරමේ 300 - 400 ක් වත් මෙම කාලසීමාව තුල කොළඹ ජනප්‍රිය පාසැල් අවට මාර්ගයන්හි දැකිය හැකිය. සමහරවිට දෙවරක් මේ ආකාරයට පදිංචිය තහවුරුකරගැනීමට පැමිණෙන නිසා අදාල කාලසීමාව පුරාම මෙම කට්ට කෑමට දෙමාපියන්ට සිදුවන්නේය.

ඔබේ සියලු ලේඛන සම්පූර්ණ නම්, ඔබ සහ දරුවා වාසනාවන්ත නම් පළමු සම්මුඛ පරීක්ෂණයෙන්ම දරුවා පාසැලට ඇතුලත්වීමට සුදුසුකම් ලබනු ඇත.

මේ සියල්ල කරලාත් අවසානයේ ඔබට හිමිවන්නේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට නම් තත්ත්වය වඩාත් තරඟකාරී වේ. අන්න ඒ වේලාවට කලින් ඔබ හඳුනාගෙන සිටි දළකාරයින් ඔබට වැදගත් වේ. අදාළ නිළධාරීන්ගේන් ලියුම් ගැනීම, විදුහල්පතිවරයාට දුරකථන ඇමතුම් ලබාදීම ලබාදීම වැනි කලහැකි සෑම දෙයක්ම සිදුකිරීම දරුවාගේ ජනප්‍රිය පාසැල් සිහිනයේ ලාම්පු ගණගාටුව උදෙසා සිදුකළ යුතුය. එසේම කෙසේ හෝ විදුහල්පතිවරයා හමුවී තමන් විදුහලට ලබාදීමට කැමති ආධාරමුදල් ගැනද දන්වා තිබීම වැදගත් වේ.

සමහරවිට ඔබට වඩා ලකුණු කිහිපයක් අඩුවෙන් ලබාගත් අය ඔබව නැවත සම්මුඛ පරීක්ෂණයට නොකැඳවාම තෝරාගැනීමට සමහර විදුහල්පතිවරුන් කටයුතු කරන බැවින් මේ දවස්ටික ෆුල් ඇටෙන්ෂන් එකෙන් සිටිය යුතුමය.

හැබැයි මේ කෙලිය අවසානයේ මුහුණදීමට සිදුවන තවත් රිස්ක් එකකට ඔබ මුහුණදීමට සූදානම් විය යුතුය. එනම් බලාපොරොත්තුවන පාසැල නොලැබුනහොත් පුද්ගලික හෝ ජාත්‍යන්තර පැසැලකට එබේ දරුවා ඇතුලත්කරගැනීමට අවශ්‍ය මුදල් ද ඔබ විසින් සූදානම් කරගත ගත යුතුය. එවිට කලින් විදයම් කල සල්ලි ඉතින් ගඟට කැපූ ඉනි වගේය.

මෙම කාර්යයේදී  මව්වරුන් මුහුණදෙන අවාසනාවන්ත  තත්වයක් නම් විදුහල්පතිවරුන් විසින් ලිංගික අල්ලස් ලබාගැනීමය. විදුහල්පතිවරුන් කියනා විදිහට අම්මට කෙලලා දරුවා පාසැලට ගැනීමය. මේ ක්‍රමයට ගොස් චාටර් කනවාට වඩා නියම අම්මා කෙනෙක් විදිහට දරුවා ගමේ පාසැලකට දමා ගැනීම වඩාත් හොඳය.

දරුවන් පාසැලට ඇතුලත්කරගැනීමට හොර ඔප්පු, ලයිට් බිල්, වතුර බිල්, විදුලි බිල්, ජාතික හැඳුනුම්පත් ආදිය සකසාදීමට සමත් විශේෂඥයින් ගේ ලණු කා සාදාගත් කූඨ ලේඛන අසුවීම නිසා වසරකට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ජනප්‍රිය පාසැල්වලින් ප්‍රතික්ෂේප වේ. මේ නිසා හැමවිටම නීත්‍යානුකූල ලේඛනම ඉදිරිපත් කිරීමෙන් ඔබට ඇතිවන ගැටලු අවමකරගත හැකිවේ.

අර්ධ රාජ්‍ය පාසැල් (සෙමි ගවර්න්මන්ට්) පාසැල් සඳහා සිසුන් ඇතුළත්කරගැනීමටද  දැඩි තරඟයක් පැවතියත් එම ක්‍රමවේදය මෙයට වඩා විනිවිද බවක් ඇත. නමුත් එහිදීද සළකන්නේ ධනය, දෙමව්පියන්ගේ අධ්‍යාපන තත්ත්වය, සමාජ තත්ත්වය, ආගම, ජාතිය වැනි කාරණාය. එවැනි පාසැලකට දරුවා ඇතුළත්කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් දරුවා පෙර පාසැල් යා යුත්තේද එම පාසැලට අයත් පෙර පාසැලට හෝ එයින් නිර්දේශ කර ඇති පෙර පාසැලටය. අවසානයේ දරුවාටද පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකින් පසු මෙම පාසැල් සඳහා සිසුන් බඳවා ගනී. මෙයටද ලක්ෂ කිහිපයක් වැයයන බව කිව යුතුය. 

ජාත්‍යන්තර පාසැලකට දරුවා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් ඒකටත් දරුවා කුසට එන්නට පෙරම සැළසුම් කළ යුතුය. ඒ ජාත්‍යන්තර පාසැල්වල පළමු ශ්‍රේණියට දරුවන් බාර ගන්නේ සැප්තැම්බර් මාසයේවන නිසාය. මේ සඳහාද ලක්ෂ ගණනක් වැයවේ. හැබැයි ඉතින් පොඩි එකා ඉංගිරීසි ටිකවත් හරියට ඉගෙන ගන්නවාය. ජාත්‍යන්තර පාසැලකට දරුවා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහි පෙර පාසැලටම දරුවා යැවීම අතිශය වාසිදායකය. නැතිනම් දැන් දැන් ඒකත් ටිකක් අමාරු කාරියක්ය.

මේ එකක්වත් හරිගියේ නැත්නම් කරන්නට ඇත්තේ ගෙවල් ලඟ පොඩි ඉස්කෝලෙකට පොඩි එකා ඇතුළත් කර අම්මලාගේ විභාගය හෙවත් ශිෂ්‍යත්ව විභාගය සමත්කරවා ගැනීමෙන් පොඩි එකාට ජනප්‍රිය පාසැලක් ලබාගැනීමට කටයුතු කිරීමයි.

ගමේ පාසැල හොඳම පාසැල කරනවා කියා නිදහස ලැබූ දා පටන් පාලකයින් පාරම්බාන්නාහ. තප්පුලන්නාහ. උම්බෑ කියන්නාහ. හැබැයි මෙතෙක් කල් ගමේ පාසැල හොඳම පාසැල වී ඇත්තේ කිසිවක් කරකියාගත නොහැකි මුදල්, දේශපාලන, සිවිල්, සමාජ බලයක් නොමැති අසරණයන්ට පමණක් බව සිහි තබාගතයුතු වන්නේය. ඒකත් ජනප්‍රිය පාසැලක් අසළ සිටිනා දුප්පත් ගමේ එකාට වලංගු නැත්තේය.

42 comments:

  1. Replies
    1. මමත් මේ සැරේ තමයි මේකේ ඇත්තම තත්වේ දැනගත්තේ. අම්මලා තාත්තතලා විතරක් නෙමෙයි ළමයිනුත් පව්

      Delete
  2. බය කරන්න එපා හලෝ...

    ReplyDelete
    Replies
    1. බය කරනවා නෙමෙයි. මේකත් ලිව්වේ අති සරළව. වැඩේ මීට වඩා අමාරුයි.

      Delete
    2. කියෝලා මට පාන්ඩුව හැදුන වගේ.... මොකද්ද අප්පා මේ සුමේ තේරුම?

      Delete
    3. නිදහස් අධ්‍යාපනය ලබාගැනීමේ තරඟය

      Delete
  3. අන්තරේ මල්ලිලා ෆෝම් කරලා මොන වගේ විප්ලවයක් හරි කරලා ඒ පාසල් ළමයි ටිකත් පාරට ගම්මු.
    මේ කතාව රෝනියෝ කරලා හරි ඒ ළමයින්ගේ දෙමව්පියන්ට බෙදා දීලා ,උන්වත් පාරට බස්වමු.
    එහෙම කලොත් ඔබට සතුටුයිද

    ReplyDelete
    Replies
    1. ඇයි කතාව අවුල්ද ම්ම් ..... මලක් අද්දහම හිත යන්නෙම අන්තරේ වැඩ වලට

      Delete
    2. ආාාාාා එහෙම කියන්න එපැයි. මටත් එහෙම වෙනවා.

      Delete
  4. මල් මල්ලිත් සෑහෙන කාලෙකින් බැහැල වගේ.//නොමිල සෞඛ්‍ය සේවයක් කියා දෙයක් ඇතද ඉස්පිරිතාලයට ගියවිට නොමිලයේ ලැබෙන්නේ දොස්තරගේ පරීක්ෂාව පමණි. // හාහ් එතකොට රාජිත ගොයියා කියන්නේ බොරුද? හැම ඉස්පිටිතාලෙම බෙහත් වකාරේට කියල

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අය්යේ එහෙනම් රාජිත ගොයියා අසනීප උනාම අර මොකක්ද අරමුදලකින් ලක්ෂ 100 ක් අරන් සිංගපූරු යයිද?

      Delete
    2. ඒ ගියේ දොස්තරලට බයටලුනේ හේ හේ. කතාව ඇත්ත.

      Delete
    3. මලක් ගහලාද මන්දා ඉන්නේ? අර ඛළුතර මහරෝහගේ එකපාර බිල්ඩින් 02ක්ම හදනවා. ඒ සෙෘඛ්‍ය සේවය වට්ටවන්නද කියලා දැල ගන්න කැමතියි. රාජති එක්ක තියෙන කොන්තර පැත්තකින් .ියමු. රජයේ රෝහල් වල බෙහෙත් නැහැ කියන එකටනම් 100%ක් එකඝ වන්න බැහැ. මොකද 100%ක් ඖෂධ කිසිම රෝහලක තියාගන්න බැහැලු. මේ පිළිබඳව වගකිමක් දරණ දොස්තර මහත්තයෙක්ම තමයි කිව්වේ. අඩුපාඩු තියෙන් ඒවා අවශ්‍ය විට මිලදී ගන්න රෝහල් පර්පාලවට මුදල් දිලා තියෙනවා. ඒක තහවුරු කරගෙන්ත් තියෙනවා. නැත්නම් එතන අවුල රෝහල් පරිලානයේලු.කරුණු දැක්වීමේදි අන්තවාද් වෙන්න එපා. කුවුරුවත් කියනදේ අහුලාගෙන ලියන්නත් එපා.

      Delete
    4. බෙහෙත් තියනවා කියල තමා මමත් කියන්නේ. නමුත් සමහර බෙහෙත් කළු කඩේට හෙවත් ළඟම ෆාමසියට යනව කියලත් අහල තියනවා. ඇත්තද දන්නේ නැහැ.

      Delete
  5. ඔය ඉස්කෝලේ ළඟ පදිංචි වීම ටියුෂන් යාම හෙම මෙහෙටත් බෝවෙලා මල්ලි. ගෙනාවේ ඉන්දියන්, ශ්‍රී ලංකන්, චීන කට්ටිය තමා වැඩියෙන්ම. දැන් අනිත් ජන කොටසුත් එකතු වෙලා එකම යුද්ධයක්. සුද්දන්ට අම්බානක මල පැනලා ඉන්නේ. ඇයි මෙච්චර කල් ආතල් එකේ ඉඳල උන්ටත් ගේමට එන්ටර් වෙන්න වෙලානේ.
    //
    පළමු ශ්‍රේණියේ පටන් විස්ස විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයක් දෙනවා කීවාට ඉස්කෝලේට යනවිට ඩෙස් එක පුටුවත් උස්සාගෙන යා යුතුය. පහසුකම් ගාස්තු කියා එකක් ගෙවිය යුතුය. පන්තිකාමර ටික පේන්ට් කර දිය යුතුය. තාප්ප බැඳීම, ක්‍රීඩා උපකරණ සැපයීම, ගොඩනැගිලි සෑදීම, පිහිණුම් තටාක සෑදීම වගේ දේවල්ද දෙමාපියන්ගේ අතින් කයිට් අරමුදල්වලිනි. යන්තම් නිකං ලැබෙන්නේ නිල ඇඳුමත්, පෙල පොත් ටිකත් පමණි. ඒකේ නිල ඇඳුමට වව්චර්ද මොකක්ද එකක් දමා ඒකත් විකාරයක් කර දැම්මෝය. දැන් පෙල පොත් ටිකත් ප්ලාස්ටික් කවරවල අච්චු ගසන්නට කියා පිස්සුවක් කෙලින්න යනවෝය.
    // මේකනම් කොපමණ කීවත් අපේ වමේ සහෝදර වරු පිලි ගන්නෙම නැහැනේ.

    ReplyDelete
  6. ඔව් අය්යා නොමිලේ කිව්වට මේ ඔක්කොටම වැඩියත් එක්ක අපි වක්‍ර බදු වලින් ගෙවලානේ තියෙන්නේ.

    ReplyDelete
  7. හැක්.. හැක්.. ඕකනං හරිම අපූරු‍ කෙලියක් තමයි මල්.
    හොඳ වෙලාවට අපේ එකාටනං ඔය කිසිම ප්‍රශ්නයක් (ඇත්තටම ඌට නෙමේ දෙමාපියන්ට) ඇතිඋනේ නෑ. මේ පැත්තෙ තියෙන ජනප්‍රියම ප්‍රාථමික පාසල තියෙන්නෙ ගේ ඉස්සරහමයි. ඒ අවුරුද්දෙ පාසල අසල පදිංචි අයගෙන් මට වඩා ළඟ හිටපු එකෙක් නෑ. ඒ නිසා වෙන කිසිම දෙයක් නැතුව ලකුණු 100 ම අරන් ඒ ඉස්කෝලෙට දාගන්න පුලුවන් උනා.
    ඊගාවට මෙහේ තියෙන සෙන්ට්‍රල් එකට තමයි මිනිහව දැම්මෙ. මම ඒකෙ ආදි ශිෂ්‍යයෙක් උනත් ඒ කිසිම දෙයක් බලන්නෙ නැතුව පළවෙනි වටයෙන්ම කොහොම හරි ඇතුලට දාගත්ත. (ඉස්කෝලෙට තෝරගන්න ශිෂ්‍යත්ව ලකුණු ප්‍රමාණෙට වඩා ලකුණු අපේ එකාට තිබුණ)

    ReplyDelete
    Replies
    1. කොල්ලගෙ සහ අම්මාගේ අප්පාගේ වාසනාව.

      Delete
  8. මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද පමණි///////////////// +++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඇයි දන්නේ නෑ අපේ රටේ නමට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියන කොටස තියෙන්නේ. ඇති ප්‍රජාතන්ත්‍රවාදයකුත් නෑ. සමාජවාදයකුත් නෑ.

      Delete
  9. එක්කො බදින්නෙත් නෑ..ළමයි හදන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. එහෙම හරියන්නේ නෑ රස්තා. ජාතියට දරුවන් දායාද කරන්නේ කවුද.

      Delete
  10. ලංකාවේ විතරක් නෙමේ, පිටරටකට ආවත් අපේ එව්වෝ හෘද සාක්ශියට එකඟව ජීවත් වෙන්න පුරුදුවෙලා නැහැ. උඹ දැක්කොත් මම ඉන්න රටේ අපේ එවුන් ටියුශන් දෙන හැටියි, ටියුශන් ගන්න හැටියි, පොලිඩෝල් ටිකක් බීලා, ලෙමනේඩ් එකක් ගහන්න හිතෙනවා. ටෝක්ස් විතරයි වෝක්ස් නැහැ. අපෙ එවුන් හිතාගෙන ඉන්නේ දරුවෝ කියන්නේ, හැන්දෑවට වෝක්ස් අරන් යන බලු පැටව් කියලා. නියම කකුළුවෝ. ඩෙවල් එකක් දානවා ඇරෙන්න ,වෙන කරන්න කිසිම දෙයක් නැහැ. සෝස් එක රහයි. මසේ මෙලෝ රහක් නැහැ.බලන් ඉන්නවා හැරෙන්න , කියන්න ගියොත් අපිත් එක්කත් තරහා වෙනවා. පුක දීල හරි මුඛ පුරවගන්න බලා ඉන්න හාදයෝ.

    ReplyDelete
    Replies
    1. අපේ ජාතියේ ආරම්භයේ ඉඳලාම තියෙන අවුලක් බං ඕක.

      Delete
  11. පිස්සු ඩබල් නේද? අපේ නංගිලාත් බබා ගැන දැන ගත්ත ගමන් ඔන්න ඔහොම හුටපට ටිකක් කළා මතකයි.. හැබැයි අන්තිමට ඔක්කොම අතැරලා දාල රට ගියා. මම හිතන්නේ ඒක ඔක්කොටම වඩා ලේසි සහ හොඳ විසදුමක්.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මගේ හිතෙත් ඒ අදහස සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා.

      Delete
  12. පිස්සු හැදිලා හොඳවෙලා ආයෙත් හැදුනා. තාම හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. පව් අර අසරණ හස්බණ්ඩා. ඒකා ඉතින් ඔය පිස්සුව ජීවිත කාලෙටම ඉවසගෙන ඉන්න ඕනනේ.

      Delete
  13. Hodama lipiyAk all the best

    ReplyDelete
  14. Thanks for revealing the bitter truth. Few years ago my brother could not get 100 points for his child, because his wife was not lived in our ancestral house for 7 years. She came to live in that house after she married to my brother. But according to this school council, she should be living in there before she get married. My brother, our father, our grandfather are all old boys of that school, and our family living in that house for almost 100 years. When my brother try to fight against this injustice, somebody offer him a better deal. It's 120,000 rupees to admit his child(I don't want to reveal the sex of that child) to one of top schools in Colombo. So he has no choice but to go with the tide, because there is no place for honest people. That school principle was under investigation some time ago, I am not sure about the findings of that investigation.

    ReplyDelete
    Replies
    1. The present education system has become a great burden to the parents and students. There are many crucial problems in education system and chief among them is the elimination of malpractice over grade 1 admissions. Parents are under tremendous pressure as grade one admissions and they have to start thinking of schools when their children are still infants. Fraudulence on grade one admissions has not only taken place at colombo colleges, but also, Kurunegala, Kandy, Gall etc. It is a well-known fact that many groups engage in extorting money from parents in order to admit their children to the school. Around 10,022 schools island wide, there are around 350 National schools and the competition to get children into popular schools exists only in around 36 of these schools. In 1943, C.W.W. Kannangara introduced free and equal education to the country but we have failed to treat all students equally so far.

      Delete
  15. ලමය පොඩි කාලෙම මහන කරන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං. මේ ප්‍රශ්නේ එද්දි බලපන්කෝ ගෙවල්වල අම්මලා තාත්තලා මරා ගන්නේ නැති එක විතරයි. ඒ මිනිස්සුන්ට මාර පීඩනයක්.

      Delete
    2. ඒ කිව්වෙ ? මැහුම් පන්තියකට දාන්න පෝලිමක් නැතෙයි?

      Delete
    3. මේ යන විදිහට ළමයින්ට මහන්න තමයි උගන්වන්න වෙන්නේ. ඇයි බං ස්වල්ප වියදමක්ද ළමයෙක් ඉස්කෝලෙකට දාන්න.

      Delete
  16. මේක කියෙව්වට පස්සෙ ළමයි ඕනෙම නෑ කියල හිතුණ බං, උඹ මෙව්වා ප්‍රසිද්ධියේ නොදා පොඩි පොත් පිංචක් අච්චු ගහල හොඳ ඇහැ යන ටයිටල් එකක් හෙම දාල මිල රු. 500/= යි කියල විකුණහං ආපහු රස්සාවක් කරන්න ඕන වෙන එකක් නැහැ :-)

    ReplyDelete
    Replies
    1. මේකේ බිස්නස් එක රුපියල් 500 යන්නේ නෑ බං. ලක්ෂ ගණන් වලට යන්නේ. මම දැනගත්තු දේවල් වලට මට හිතුනා මේ ලංකාවද කියලා.

      Delete