Wednesday, February 7, 2018

අලියද, අතද, පොහොට්ටුවද


මේ ලඟදී අපේ ගමේ පන්සලේ ස්වාමින්වහන්සේ දහම් පාසැල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමට ආරාධනා කිරීමට පලාතේ ශ්‍රී ලංකා සංවිධායකවරයා හමුවීමට වැඩියේය. සංවිධායක කීවාට දැන් මෛත්‍රී පාර්ශවයේ නියෝජ්‍ය ඇමතියෙකි. ඇමතියා ගත් කටටම කීවේ මෙන්න මේකය. “මට ඕවට එන්න වෙලාවක් නෑ. මට වෙන වැඩ තියෙනවා. කොහොමත් මම ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්නේ නෑ. මම ජාතික ලැයිස්තුවෙන් එන්නේ. ඒක නිසා මම ඕවට එන්නේ නෑ.“ හාමුදුරුවන්ද එතනට ගිය පිරිසද මුහුණට මුහුණ බලාගත්තේ අවුරුදු ගනනාවක් තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය එකා අපට කථා කරන්නේ මේ විදිහටදැයි කියා හිතාගන්නට බැරුවය.  


මගේ හිතවතෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම අයෙකු ලඟ රැකියාව කරයි. රැකියාව කිව්වට ෆයිල් ටික උස්සාගෙන වාහනේ යන එකය. ලඟදී ආණ්ඩුවේ ප්‍රබලයා වාහනයේදි අපූරු කථාවක් කියා තිබුණි. “අනේ මන්ද පී.බී ලා බැසිල් ලා මේව කොහොම කෙරුවද කියලා හිතාගන්නවත් බෑ“ පී.බී. යනු පී.බී. ජයසුන්දරය. පී.බී. ජයසුන්දරට නැවතත් මුදල් අමාත්‍යාංශයේ වගකීම බාරගන්නා ලෙස ආරාධනා කෙරූබවටත් පී.බී. ගත් කටටම  “මගේ බල්ලාවත් ඒ පැත්ත බලාගෙන බත් කන්නෙත් නෑ“ කියා දුරකථන ඇමතුම දුන් උපදේශකවරයෙකුට ලුණු ඇඹුල් ඇතිව කියා දුන් බවටත් පසුගිය කාලයේ දේශපාලන ලෝකයේ කට කථාවක් පැතිර ගියේය.

මොනවා උනත් එකක් නම් ඇත්තය. ඒ බැසිල්ලා ගහපු දේශපාලන ගේම්ද, සංවර්ධන ගේම්ද, පී.බී. ලා කරපු රාජ්‍ය මූල්‍ය පාලනයද  මේ ආණ්ඩුවට හිතාගන්නටවත් බැරි මට්ටමේ ඒවා බවය. එදාවේල හොයා ගන්න බැරි මේ ආණ්ඩුව බලය අරන් අවුරුදු 3 ගිහිල්ලාත් තවම කොරන්නේ රාජපක්ෂලාට බණින එකය. ඒක හරියට කසාද බැඳලා අවුරුදු 3 ක් ගියත් තමන්ගේ ගෑණිට දරුවන් නැති එක ගැන ගෑණිගේ කලින් මිනිහාට බණිනවා වගේ වැඩක්ය.

තවත් මගේ හිතවතෙක් රජයේ ආයතනයක සභාපතිකමක් දරයි. පදිංචිය ගාල්ලේය. ඔහු කලින් පාලත් සභා ඡන්දයටද ඉදිරිපත් වූවෙකි. අප දෙදෙනා හමුවූ විට දේශපාලන කරුණු බොහො විවෘතව සාකච්ඡා කරනු ලබයි. ඡන්දය ප්‍රකාශයට පත්කළ කාලයේ මම ඡන්දය පිළිබඳව විමසුවෙමි. “මම ඉන්න ආසනේ ඇර අනිත් ටික නම් පොහොට්ටුවට බරයි වගේ“. ලඟදී දුරකථන ඇමතුමක් දුන්විට මම “ කොහොමද මචං ඡන්දේ“ කියා ඇසුවෙමි. “වැඩක් නෑ බං. අපිට දිනන්න අමාරුයි වගේ“. නායකයින් කුමක් කීවද අලි පාටියේ ගම් මට්ටමේ සහ මැදිපෙල සාමාජිකයින්ගේ බහුතර මතය මෙවැනිය.

ඇත්තටම මේ ආණ්ඩුවට සිදුවී ඇත්තේ කුමක්ද.? ආණ්ඩුවට පාණ්ඩුවයැයි සමහරු කියති. “ආණ්ඩුව ගැන විවේචන තියනවා“ කියා ආණ්ඩුවේ නායකයින්ම කියති.“ආණ්ඩුවේ හොරු ඉන්නවා. ආර්ථිකය පල්ලම් බැස්සා“. ජනාධිපතිවරයාම කියයි. “අපේ උන් බැඳුම්කරෙන් හොරකම් කලා“ රන්ජන් රාමනායක කියයි. “ඉතින් යකෝ අපි ආණ්ඩුවක් පත් කලේ විවේචන තියෙන තැන් හදන්නනේ. හොරු අල්ලන්නනේ. හොරකම නැති කරන්නනේ. රට හදන්නනේ. ඒක කරගන්න බැරි නම් මොකටද මුන්ගේ ආණ්ඩුව. “. ජනතාව අසන්නේ එහෙමය.

මේ ආණ්ඩුවට දක්ෂ මිනිස්සු නැතිබව ඇත්තකි. ඉස්සර යූ.එන්.පී එකේ හිටිය දක්ෂයෝ ටිකත් ශ්‍රී ලංකා එකේ දක්ෂයෝ ටික මහින්ද ලඟය. රනිල් ලඟ හිටියේ පාර්ලිමේන්තුවේ කතා පවත්වන්ට පුලුවන්, වොයිස් කට් දෙන්නට පුලුවන් ආර්ථික ඔස්තාර්ලා ටිකකි. උන්ට කොරන්නට පුලුවන් බිබික්කමක් නැති බව දැන් ඔප්පු වී අවසන්ය. අලි පාටිය තමන්ට ඡන්දය අවාසිදායක  බව දනී. මේ නිසා අපි ඡන්දෙන්  පස්සේ අපි තනි ආණ්ඩුවක් හදනවා කියා මීඩියා කැම්පේන් කරන්නට සිදුව ඇත්තේ පාක්ෂිකයන්ගේ මොරාල් අප්කරගැනීමටය. නැත්නම් උන්ව ඡන්දපොලට යවාගන්නවා බොරුය. ඒ තරමට ගම්වල අලින්ටත් ආණ්ඩුව එපා වී ඇත. මෛත්‍රීට ඉතිරිවූයේ ඇමතිකමක් අරගෙන ගෙදරට වෙලා ඉන්නට කැමති කම්මැලි ඇමති සෙට් එකකි. නැතිනම් තමන්ට ඊලඟට ඡන්දයෙන් පත්වන්නට බැරි බව දන්නා නිසා ජාතික ලැයිස්තුවෙන් එන්නට දතකන මන්ත්‍රීලා ටිකකි.ගොඩනැගිල්ලක් කුලියට ගෙන හෝ කොමිස් ඇරියස් කවර් කරනා ඇමතිලා ටිකකි.

මේ ආණ්ඩුව වරද්දා ගත්තැන් කිහිපයකි. බලයට පැමිනීමට පෙර, රාජපක්ෂලාගේ කප්පරක් දූෂණ ජනතාව ඉදිරියේ මවා පෙන්වීය. දැන් එම දූෂණ හෙලිකළ යුතුය. මේ සඳහා ජනතාවගේ මුදල්වලින් එෆ්.සී.අයි.ඩී. දුෂණ මර්ධන කාර්යාංශය වැනි ආයතන පිහිටවූ නමුත් අද වනතෙක් ඇල්ලු හොරෙක් නැත.  දැන් ජනතාව කෝ හොරු ඇල්ලුවාදැයි අසති. අද අල්ලඥන් හෙට අල්ලන්ඥන් කීවාට හොරෙකුගේ නැට්ටක්වත් ඇල්ලුවේ නැතිය. දැන් ජනතාව රාජපක්ෂලා හොරු නොව ඒ යහපාලනයේ බොරු බව සිතන්නේ ඒ නිසාය. කොරේ පිටට මරේ සේ බැඳුම්කර ගේමත් ගැස්සී ගියේය. දැන් ඉතින් ආණ්ඩුවේ මුඛ පූට්ටු  වී අවසන්ය.

මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෘත්තිකයන්, සිවිල් සංවිධාන සහ සමාජ ජාල වෙබ් අඩවි සැබවින්ම මහත් කැපවීමක් කරනු ලැබීය. නමුත් ආණ්ඩුව බලයට පැමිණිදා සිට කලේ ඒ සියල්ලෝම අමනාප කරගැනීමය. අද වනවිට සංඝ සමාජය, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, ඉංජිනේරුවන්, ගුරුවරු, විශ්වවිද්‍යාල සිසුන් මේ අයගෙන් අතිබහුතරය ආණ්ඩුව අහිමිකරගෙන ඇත. එසේ වූයේ ආණ්ඩුවේම අමනකම් නිසාය. සයිටම්, බැඳුම්කර පමණක් නොව ඊයේ පෙරේදා අනාගත් බාර් නීතිය ද කියාපාන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාවය. සංවර්ධන ක්‍රියාදාමය අතින් ආණ්ඩුවට බින්දුවය. ආණ්ඩුව දුවන්න විදිහක් නැත. රාජ්‍ය සේවයේ දක්ෂ නිලධාරී ටික හිරේ යවා ඡන්ද කාලේ තමන්ට යටින් උදව්කල කේලාම් කියූ, ඔත්තු දුන් සෙට් එක තනතුරු දී ලඟට ගත්තේය. උන්ට කොරන්නට පුලුවන් කේලාම් කියන එක පමණක් බව දැගත්විට පෙරහැර ගොස් ඉවරය.

අනෙක් අතට උතුරැ නැගෙනහිර ඡන්ද කුට්ටිය දිහා බලාගෙන වැඩකිරීමත්,  ඩයස්පෝරාව ෂේප් කරගන්නට යාමෙන් දකුණ අමනාප කරගැනීමෙනුත් ආණ්ඩුව කරගෙන ඇත්තේ  මහින්ද සුලු ජාතික ඡන්ද අහිමි කරගත්තාටත් වඩා ගොන්කමකි.  අක්මුල් නැති එවුන්ද, පරපුරක් රැකීමට නැති එවුන්ද රටේ සංස්කෘතිය සදාචාරය බල්ලාට දමා කටයුතු කිරීම තවමත් නමට හරි හැදියාව අගයන ඈයින්ගේ අප්‍රමාණ දෝෂදර්ශනයට හේතුවකි.

 මේ ආණ්ඩුව බලයට ගෙනඒමට මූලිකයා වූ සෝභිත හිමියන් රෝගාතුවරව සිටියදී සැපදුක් බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට "අපිට වැරදුනා මහත්තයෝ" කිව්වේ මේවග එදා උන්වහන්සේටද වැටහුනු  නිසා වන්නට ඇත. මේ ආණ්ඩුව ගැන ජනතාව තබාසිටි බලාපොරොත්තු සහ ඒවා ඉටු නොවීම අතර පරතරය මැනගැනීමට එම වචන කිහිපය ප්‍රමාණවත් වනු ඇත.

ආණ්ඩුවේ තේමාව වූයේ යහපාලනයයි. හැබැයි දැන් සිදුවන්නේ ලොරියේ ඉදිරියේ බුදුසරණයි කියා බෝඩ් එක ගසා හරක් මස් හොරෙන් අදිනවා වැනි වැඩය. දුෂණ හොයන්නට පැමිණි යහපාලකයෝ දුෂණ හොයන තැන් වසා දමති. සාධාරණව ඡන්ද තියන්නට පැමිණියා කියූ අය දැන් ඡන්ද කියන වචනයටවත් කැමති නැතිය. දූෂණය නැති කර රාජපක්ෂ යුගයේ මෙන් තුන් ගුණයක් සංවර්ධනය කරනවා යැයි කී අයට කොළඹ කුණු ටික ඇද ගන්නට බැරිය. විධායකය අහෝසි කරන්නට පැමිණි අය දැන් ඊලඟ ජනාධිපතිවරණයට ලක ලෑස්ති වෙති.   

නිවසක් පාලනය විය යුත්තේ නිවසේ ගෘහ මූලිකයාට අවශ්‍ය ආකාරයටය. එසේ නැතිව අල්ලපු ගෙදර එකාටත්, අල්ලපු ගමේ එකාටත් ඕනෑ ආකාරයට නිවසක තීන්දු තීරණ ගැනීමට සිදුවුවහොත් උන් කරන්නේ ගෙදර ගෑණිටත් කෙලලා ගෙයත් ඉඩමත් ලියා ගැනීමය. රටක් වුවත් එසේමය. එටක තීන්දු තීරණ ගත යුත්තේ ඒ රටේ ජනතාව පත්කල නායකයින්ය. එසේ නැතිව ගෙදර වැඩකාරයින්වත්, නෑදෑයින්වත්, අල්ලපු රටේ එකාලාවත් නොවේය. දැන් අපේ රටට සිදුව ඇත්තේ එයය. ජනතාව පත්කල එකාලා නෝන්ජල් වෘතය රකිද්දී වටේ පිටේ උන් පොර ටෝක්ද කොර ටෝක්ද දෙති. අඩෝ අපි බලාගන්න ඉඩම පැත්ත පලාතේ එන්න එපායැයි වත්තේ මුරට සිටිනා එකා එකා ඉඩමේ අයිතිකාරයාට රැස්පොට් දමන්නේය. තවත් වත්ත බලාගන්න දුන් එකෙක් කැලේ කපන්නේය. වගේ වගක් නැතිව ගෙදර මහ එකා සිටිනා නිසා ගෙදර වතුපිටි බලාගන්නා එව්වෝ නිවස ඉදිරියටම පැමිණ සරම උස්සා පස්ස පෙන්නා යති.

මේ ආණ්ඩුවත් හරියට වලව්වක දරුවෙකු වගේය. වලව්වේ හාමුලාට, ළමාතැනීලාට දරුවාගැන වගේ වගක් නැත. උන්ට දරුවා සිටියත් එකය නැතත් එකය. හැබැයි පොඩි කාලේ පටන් දරුවා හදාවඩා ගත්තේ වලව්වේ වැඩකාරයින්ය. දරුවා අයාලේ යනවිට වලව්වේ වැඩකාරයින්ට හිතට අමාරුය. ඒ දරුවා හදන්නට මහන්සි වූයේ තමා බැවිනි. නමුත් කරන්නට දෙයක් නැත දරුවාගේ නීත්‍යානුකූල අයිතිය මෙන්ම දරුවා ගැන තීන්දු තීරණ ගන්නේද වලව්වේ හාමුලාය. දැන් ආණ්ඩුව වැඩකරන්නේ ආණ්ඩුව හැදූ අයට ඕනෑ විදිහට නොවන වග පැහැදිලිය. එනිසා ආණ්ඩුව පත්කල අයට හිතේ අමාරුවය. සාදාරණ සමාජ, පුරවැසි බල, සිවිල් සංවිධාන, ප්‍රයිවෙට් බස් කොන්දොස්තරලා, පිරිමි නර්ලා හිතේ අමාරුවෙන් කියවන්නේ ඒ නිසාය. රතන සාදුලා ආණ්ඩුවෙන් පල්ලම් බහින්නේ ඒ නිසාය. රාජ්‍ය ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, පසුපෙල මන්ත්‍රීලා නහයෙන් අඬන්නේ ඒ නිසාය. පාක්ෂිකයෝ ආසනේ මන්ත්‍රීට කන පැලෙන්න බණින්නේ ඒ නිසාය. “ඡන්දෙන් පස්සේ අපේ ආණ්ඩුවක් හදනවා“ කියා දෙපැත්තේම උන් කියන්නේ   ඡන්දයෙන් වැලේ වැල් නැතිව යන්නම වදින බව දන්නා නිසාය. කොටින්ම දැන් යහපාලනේට ඡන්දය දුන් අය හොයාගැනීම අමාරුවී ඇත්තේ ඒ නිසාය. ප්ලෝටින් වෝට් සෙට් එක (පාවෙන ඡන්ද) මුන්ට නම් ආයේ ඡන්දේ දෙන්නේ නෑ කියන්නේ ඒ නිසාය.

මහින්ද බයියෙකි. ඒක ඇත්තය. ඒත් බයියෙකු වූ මහින්ද සුද්දෝ යුද්ධය නවත්වන්න කියා තග දමද්දී කොන්ද කෙලින් තියාගෙන යුද්ධය ඉවර කලේය.  මහින්ද එක්තරා ආකාරයක ඒකාධිපතියෙකි. ඒකාධිපතියා කීවද වෙලාවටත් කලින් ඡන්ද තිබ්බේය. උතුරු පළාත් සභා වැනි ඡන්ද තිබ්බේ පරදින බව දැනගෙනය. හොරාකෑවා කීවද රට සංවර්ධනය කලේය. මහින්ද බොරු කීවේය. ඒත් “මම කොරන්නේ මට පුලුවන් විදිහට හාන්දුනේ“ කියා පුලුපුලුවන් විදිහට මිනිස්සුන්ට සහනද දුන්නේය. උපාධිදාරීන්ට රස්සාද දුන්නේය. මහින්ද මහා ලොකු උගතෙකු නොවීය. ඒත් අනාගතය දෙස බලා රට ආසියාවේ කොමර්ෂල් හබ් එක කරන්නට ප්ලෑන් ගැසුවේය. ඒ සඳහා වැඩපිලිවෙල ආරම්භ කලේය. පාඩු වෙනවා කියා ආර්ථික ඔස්තාර්ලා වාගේ රටේ ජාතික සම්පත්  ටික විකුණාගෙන කෑවේද නැත.

මහින්ද වැරදි කලේය. ලොකුම වැරැද්ද වැරදි කරපු එවුන්ට දඩුවම් නොකිරීමය. සජින්ලා, මර්වින්ලා අදටත් යහතින් ඉන්නේ ඒ නිසාය. මහින්දට වඩා මහින්දගේ නම විකුණා බිම් මට්ටමේ එව්වෝද, මැති ඇමතිලාද, දේශපාලන තනතුරු ලැබූ නිලධාරීන්ද වැරදි කලෝය. අද වැරදි කල අය තමන්ගේ ආරක්ෂාවට යහපාලන ඔඩොක්කු කුක්කන්ය. මං ගල ලාගේ ගොබෙල්ස් න්‍යායන්ට රැවටී යහපාලනයට ඡන්දය දුන් වෙන්ඩ පොෂ්  ටොයියන් දැන් “අපි ඕවට නෑනේ“ කියා දැක්කා නොදැක්කා ගානට සිටින්නේය. ඒ මහමුදලිකමට වඩා ලැජ්ජාව ලොකු නිසාය. දැන් ඉතින් ලැජ්ජා බිමින් තියාගෙන ඉන්න එක විතරක් එවුවන්ට ඉතිරිව ඇත්තේය.

කොහොම උනත් මග තොටදී ඇහෙන දේවල්වලින්ද, මිනිස්සු කියන දේවල් වලින්ද එක දෙයක් පැහැදිලිය. ඒ රනිල් මෛත්‍රී හවුලට වඩා දැන් පොහොට්ටුවට මිනිසුන් මනාප බවය.  හැබැයි ඒ මනාපය ඇතිකර ඇත්තේද ජාතික ආණ්ඩුවේ කෙරුවාව නිසාමය. යහපාලන ආණ්ඩුව පොලවේ පය ගසා ඇවිද්දා නම් මේ ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි.


22 comments:

  1. 100% එකඟයි.100% එකඟයි.රනිල් උගතා, වැදගතා යැයි සමහරු කීවාට, මට නං ඔහුව පෙන්නේ උද්ධච්ච , මෝඩයෙක් ලෙස පමණි.

    මහින්ද පොතේ උගතෙක් නොවේ, ඒත් දක්ශයෙකි. යුධ ජයග්‍රහණයේ අධිතක්සේරුව නිසා, දූෂිත, ඒකාධිපති පාලනයකට යොමුවිය.ඒ නිසා, ඔහුව පරාජය කිරීම එදා යුගයේ අවශ්‍යතාවයක් විය. නුමුත් සිදුවූයේ කැහි ගෑණි දී, හො‍ටු ගෑණි ගත්තා වැනි වැඩකි. මෙයින් පෙනීයන්නේ අපගේ දේශපාලන බංකොලොත් භාවයයි.

    පිරිසිදු දේශපාලනය කියා දෙයක් නැත. කියන තරම් පිරිසිදු නම් , උන් දේශපාලනයට එන්නේ නැත. අපට දිරවා ගැනීමට අපහසු වුවත්,ප්‍රායෝගික ලෙස කල්පනා කරනවා නම්, යම් පමණක අක්‍රමිකතා, දේශපාලනයේදී බලාපොරොත්තු විය යුතුය.

    මෙයට හේතුව සරලය. රජය, දේසපාලුවෝ, විතරක් නොව , මහජනතාව වන අපිත් හොරුය. පැරා වරක් කී පරිදි, ජනතාව පෙලන ලොකුම පීඩිතයා රජයේ සේවකයාය. අද හොරකම , සමාජ සම්මතයකි

    මේක උපුටා ගත්තේ පැරාගෙන්:
    /ජවිපෙ යනු දූෂණයට හරි අවස්ථාවක් නො ලැබුණු නිසා පක්ෂයක් ලෙස දූෂණ විරෝධය ගැන මහ ලොකුවට කතා කරන පක්ෂයකි. එහෙත්, මෙම පක්ෂයේ සිටි අය එයින් ඉවත් වූ පසු දූෂණයේ යෙදී ඇති ආකාරය අනුව ඉතා පැහැදිලිව ම කිව හැකි දෙයක් වන්නේ මෙහි සිටින අය ද අනෙක් පක්ෂවල අයට නො දෙවෙනි බවයි//

    සාපේක්ෂව, හොඳම හොරා ‍තෝරා ගැනීම මිස, අපට වෙන විකල්පයක් නැත.


    ReplyDelete
    Replies
    1. මෙවර මිනිසුන් සාපේක්ෂව නිවැරදි තේරිමක් කර ඇත

      Delete
  2. //මේ ආණ්ඩුව බලයට ගෙනඒමට මූලිකයා වූ සුමංගල හිමියන් //

    It should be "Sobhitha" Thero, not Sumangala isn't it ? better to correct it.

    ReplyDelete
    Replies
    1. It might be Ulapane Sumangala thero I believe Ano!

      Delete
    2. නිවැරදි කරමි. වරද පෙන්වාදිම ගැන ස්තුතියි

      Delete
  3. මේකේ හෙඩිම බයියෙක් කතාකරයි කියල දැම්මනම් ඉතා හොදයි .මම දේශපාලනයට ඉතා සමීප අයෙක් මා නම් . “අනේ මන්ද පී.බී ලා බැසිල් ලා මේව කොහොම කෙරුවද කියලා හිතාගන්නවත් බෑ" මෙවැනි කතා අසා නොමැත අසා ඇත්තේ බැසිල් ලා මෙහෙම හොරකම් කළේ කොහොමද කියල දන්නේ නෑ කියා කිව්ව් කතා පමණි . මේකේ ඇත්තේ මහින්ද පතිරණ කියන කතාන්දරය ඔය ඔක්කොම 10 රෑ ට බලාගන්න පුළුවන . මහින්ද සහ හොර කල්ලිය බලය ගන්න හදන්නේ මුන්ට තියෙන නඩු වලින් බේරෙන්න ය .එකබබ්දේ ඉන්න බහුතරයකට මහාධිකරණයේ නඩු පවරා ඇත .මහින්දගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කිරීමට නිර්දේශ කර ඇත . මහින්දගේ චාන්ද පදනම මස 8ක් තුල ලක්ෂ 10 කට වැඩ අඩුවිය .මෙවර තව ලක්ෂ 10/15 අනිවාර්යෙන්ම අඩුවේ එවිට යන්තම් ලක්ෂ 20/25 පමණක් ලබාගනී . මොහොමත් ආසන මට්ටමෙන් 80%-85% එජාප පහසුවෙන් ජයග්‍රහණය කරයි එය මැජික් හෝ අස්ච්ර්ය නොවේ සරල ගණිතය වේ . මා මේ කියූ දේ තව පය 72 කින් බලාගත හැක .එතකම් බයියන්ට ඕනා තරම් සිහින බැලිය හැක

    ReplyDelete
    Replies
    1. Correct. This is just a Bayya crying.

      Delete
    2. තව දුරටත් දූෂිතයන් සමග ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බව අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිඳුන් පවසයි.

      පසුගිය දූෂිත රාජපක්ෂ ආණ්ඩුවෙන් තමන් එලියට බැස්සේ හොද ආණ්ඩුවක් සාදා රට ඉදිරියට ගෙන යන්නට වුවත් මෙම ආන්ඩුවේ සිටින UNP කම්බා හොර හැත්ත ගිය ආණ්ඩුව මෙන් දස ගුණය්කටත් වඩා අන්ත දූශිත නීලකාස කම්බා හොර රැලක් බවත් යූ එන් පී අමන හොර මුල විලි ලැජ්ජා නැතුව එලිපිට හොරාකන විදිහ දුටුවිට තමන්ට්ම පුදුම සිතුන බවත් එතුමා සදහන් කරයි.

      ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව කදුරුවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති ජනරැුළියක් අමතමිනි.

      වීඩියෝව මෙතැනින් LINK

      Delete
    3. අය්යෝ සිරිසේන, අය්යෝ රනිල්,අය්යෝ ධම්මික, අය්යෝ ඇනෝ

      Delete
  4. /* මේ ආණ්ඩුව බලයට ගෙනඒමට මූලිකයා වූ සුමංගල හිමියන් රෝගාතුවරව සිටියදී සැපදුක් බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට "අපිට වැරදුනා මහත්තයෝ" කිව්වේ */

    සුමංගල??

    ReplyDelete
    Replies
    1. නම වැරදුනි. නිවැරදි කරමි. ස්තුතියි

      Delete
  5. In Canberra - Australia we got free wifi only two years before again it is only in city area we use it very rarely. Mobile companies give lot of data free and very fast. Before give wifi in Sri Lanka need to have lot of infrastructure developments. Public transport system is more important in SL. Very sad to see people hanging in the buses and trains. I'm not sure why they talking about wifi without improve lifestyle of people.

    ReplyDelete
  6. //මේ ආණ්ඩුව බලය අරන් අවුරුදු 3 ගිහිල්ලාත් තවම කොරන්නේ රාජපක්ෂලාට බණින එකය. ඒක හරියට කසාද බැඳලා අවුරුදු 3 ක් ගියත් තමන්ගේ ගෑණිට දරුවන් නැති එක ගැන ගෑණිගේ කලින් මිනිහාට බණිනවා වගේ වැඩක්ය.//

    කාලෙකින් අහපු සිරා ම කතාවක් ;D

    යහ පාලනේට ඒ වෙලාවේ මොලෙන් හිතලා චන්දේ දාපු මිනිස්සු දැන් ඒක විවේචනය කරන්න බය වෙන්නෙ නැහැ. හැබැයි පක්සෙ ට චන්දෙ දීපු අයනම් කරන්නෙ ඉතින් අර කලින් මිනිහට බනින වැඩේ තමයි

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මේ ගමන තමන් අතින් සිදුවු වරද නිවැරදි කලා. ඒ වගේම පසුගියවර රාජපක්ෂ රජයෙන් සිදුවු අඩුපාඩු නැවත සිදු නොවන තැනට කටයුතු කිරීම ඒ අයගේත් වගකීම

      Delete
  7. කොහොම කොහොම වුනත් මේ සැරේ චන්දය ආසන්න කාලයේ ෆෙස් බුකියේ හැසිරීමද 2015 ට සාපේක්ශව අංශක 180 කරකැවී ඇටි බවක් පෙනීයයි.
    එදා මහින්දට පක්ශව උග්‍ර මහින්ද වාදියෙකු පෝස්ටුවක් දැමූවිට එය පතුරු ගැසීමට සහ මහින්ද විවේචනය කරන පෝස්ටු දැමීමට විශාල බරක් තිබුනේය.
    පෝස්ටු දමන්නන් මංගලගේ වැටුප් ලබන්නන් යැයි කථා පැතිරවූවද එය පිළිගත නොහැකි තරමට මහින්ද විරෝදය බල ගතු විය.

    අද වන විට මේ මැතිවරනයක් ආසන්න්යේදී පවා, ෆේස් බුකිය තුල
    ලැප් ටොප් නැටුමෙන් ආන්ඩුව නෑවේය
    බ්‍රිගේඩියර් වරයාගේ වැඩ තහනම් කිරීමෙන් ආණ්ඩුව කොලේ ඉරා ගත්තේය, ඇඟෙත් හලා ගත්තේය
    අවුරුදු 30යි කියා (අත් වැරදීමක් බව පිළිගත හැකි වුවත් ෆයිනල් මැච් එකෙදී කැච් එක අත හැරුනේ කකුල පැටලීම නිසායැයි නිදහසට කරුනු පිළිගන්නේ නැත ) ජනපති වරයාම පතුරු ගසන්නට ඉඩක් සාදා දුන්නේය.

    මේ අතරින් ලැප් ටොප් හා බ්‍රිගේඩියර් සිද්දි දෙකේදීම ෆෙස් බුක් මතයට හිස නවා සිය සැලසුම් හා තීරන ආපසු හරවන්නට ආණ්ඩුවට සිදු වූයේය. එය බරපතල කාරනයකි.

    ඉදිරි දින දෙක දෙස බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. ඇයි වයි ෆයි කෝලම. ඒකත් නිකන් ඇදන් නැවා

      Delete
  8. I said before that Udayanga’s ‘arrest’ was a media show choreographed by UNP SLFP lairs. It’s proven correct as expected. Sirisena and his boss Ranil and henchmen, all has run out of all the tricks to tarnish the image of JO leaders. Folks, show these ba……ds, the way out on 10th.

    ReplyDelete
  9. අපිට කොයිතරම් උත්සාහ කලත් මේ යන විදිහට වලෙන් ගොඩ එන්න බෑ බං, ඒ නිසා මිනිස්සු කොහොම උත්තර දුන්නත් වැඩක් නැහැ. පුළුවන් නම් වෙන රටකට යන දේ තමයි සුදුසුම.

    නෙදකිං අපි වගේ කාලකණ්නි !

    ReplyDelete