ශ්‍රීමත් යනු එංගලන්තයේ රජුගෙන් හෝ රැජිනගෙන්
ලැබෙන නම්බු නාමයකි. මෙය ඉංග්‍රීසියෙහි භාවිතා වන්නේ සර් යනුවෙනි. මෙය පිරිනමන්නේ
එසේ මෙසේ අයට නොවේ. ලෝකයට වැදගත් සේවයක් සිදුකළ අයටය. ගුරැත්වාකර්ෂණය සොයාගත්
අයිසැක් නිව්ටන්ට මහ රැජින විසින් ශ්‍රීමත් නාමය පිරිනමනු ලැබීය. ක්‍රිකට් ක්‍රීඩාවේ
රිචඩ් හැඩ්ලි, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, විවියන්
රිචර්ඩ්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට ශ්‍රීමත් නාමය
පිරිනමා ඇත. ලංකාවේ ශ්‍රීමත් නාමය ලැබූ කිහිපදෙනෙකි. විද්‍යා
ප්‍රබන්ධ කතුවර ආතර් සී ක්ලාක් මහතාටද ඒ ආකාරයෙන් මහ රැජිණ විසින් ශ්‍රීමත් නාමය
පිරිනමනු ලැබීය. එසේම ජෝන් කොතලාවල, ඩී. බී. ජයතිලක වැනි අයද එංගලන්ත රජුගෙන් හෝ
රැජිණියගෙන් ශ්‍රීමත් (සර්) නාමය ලැබූ අය
වෙති.
Wednesday, August 3, 2016
Thursday, July 28, 2016
කොටු පැනීම - 4 (යාලුවන්ගේ කථා)
සමිතයා
යනු මාත් සමග කලක් සේවයකළ අපේ බෝඩිමේම කාමරයක සිටි මිතුරෙකි. මේකා ගැන පොස්ටු 10
ක් උනත් ලිවිය හැක්කේ ඒ කාලයේ කල ගොන් වැඩ නිසාමය. බෝඩිමේ කථාගැන පසුව ලියන නිසා මේකා
ගැන වැඩි විස්තර එහිදී සඳහන් කරමි. දිනක්
මේකා හවස කාර්යාල කාමරයට පැමිණ මචං මං අද රෑට එන්නේ නෑ. උඹ පලයන් යැයි පැවසීය. මම
ඇදැයි ඇසූවිට මම අද කෑල්ලක් ගේනවා. ටොප් කෙල්ල මචං. වයස 18. අද රෑ ඒකිත් එක්ක
ඉන්නවා. මම පහලට
යනවා ඒකි එක්කගෙන එන්නයැයි කියා පිටත්විය.
Wednesday, July 27, 2016
කොටු පැනීම - 3 (ගමේ කථා)
අබේ
අය්යා අපේ ගමේ උන් අවිවාහක හිත හොඳ කොල්ලෙකි. කාටත් කරදරයක් නැති මූ කලේ
මේසන් වැඩය. අබයා පොඩිපහේ වැහි ගතියක් තියෙනා දවසක වෙල පැත්තේ යන අතරතුර වැස්ස
ටිකක් තද කිරීම නිසා අප්පුහාමි අය්යලාගේ කුඹුරැරේ පැලට ගොඩවී ඇත. පැලක් කීවාට මෙය
ඇත්තේ වෙලේ කමතේය. වටේ කෙටි තාප්පයක් බැඳ බිමට සිමෙන්තිද දමා තිබේ. ඉඳහිට අපිද
වෙල් පැත්තේ ගියවිට මෙම පැලට ගොඩවී පොඩි ඇලට් එක් දැමීමට හුරැවී සිටියෙමු. එතන ඒ
තරම් සනීපය. නිස්කලන්කය.
Tuesday, July 26, 2016
කොටු පැනීම - 2 ( ගමේ කථා)
අදනම් මසාජ් ක්ලින්ක් නමින් ඇති තැන්වලින්ද, කෝල් එකෙන්ද, මූණු පොතෙන්ද ලලක්කලා, ලලා නංගිලා ලබාගතහැකිය. නමුත් ඒ කාලයේ එවැනි තැනක් හොයාගැනීම කලු නික හොයනා ගානය. කෙසෙල් කඳක් උනත් කමක් නෑ නාඩි වැටෙනවානම්. පක්ෂියෙක් උනත් කමක් නෑ කකුල් දෙක හිර කරලා අල්ලනවානම් කියා අපේ උන් කීවේ පැවති ඉල්ලුමට සැපයුමක් නැතිවූ නිසාය.
කොටු පැනීම - 1
අපි
කුඩා එවුන් කාලයේ කොටු පැනීම කියා කිව්වේ බට්ටා පැනීමටය. සමහර පළාත්වල මෙයට අඹ කොටු පැනීම
යැයිද කියනු ලබයි. නමුත් අදනම් කොටුවක් පැනීම යනු තහනම් ගහේ ගෙඩි රස බැලීමට කියනා
වචනයකි. කොටු පැනීම ගැන පිටු 4 ක විතර පෝස්ටුවක් ලියනවායැයි සිතාගත්තද අන්තිමට එය
පිටු 14 ක් විය. ඒ මම කොටුවට කැමති නිසා නොව කොටුව ගැන අහපු දැකපු ඒවා ඒ තරම් තිබූ
නිසාය. රජ කාලයෙන් පටන්ගෙන පසුව අපේ ගමේ උන්ට, යාලුවන්ට මුහුණදීමට සිදුවූ
අත්දැකීම් මෙයට එක්කාසු කිරීම පෝස්ටුව දිගුවීමට හේතුවිය. එම නිසා පාඨක රසාස්වාදය
උදෙසා දින 4 කින් මෙම පෝස්ටු 4 කියවීමට අවස්ථාව ලබාදීමට තීරණය කලෙමි.
Subscribe to:
Posts (Atom)