මගේ මල්ලී වාසය කරන්නේ විදේශ රටකය. වසර කිහිපයකට වරක් ලංකාවට එන මේකා අත එහෙ
සිටිනා උන් තමන්ගේ ගෙවල්වල සිටිනා ඈයොන්ට ලබාදීමට කුඩා තෑගි එවනා අතර ආපසු එනවිට
රැගෙන ඒමට අවශ්‍ය බඩු භාණ්ඩද ලියා එවයි. මේවා බොහෝ විට තමන් කැමති කඩයක ඇති කොත්තු
රොටී, ෆ්‍රයිඩ් රයිස්, රස කැවිලි වැනිදේය. ආපසු යන දිනය ආසන්නයේ නිවසට එන ඥාති
හිතමිත්‍රාදීන් තමන්ගේ දරුවාට හෝ ඥාතියාට
රැගෙන යාමට අවශ්‍ය දේ ගෙනවිත් දෙනු ලබයි. කොත්තු හෝ ෆ්‍රයිඩ් රයිස් අධි ශීතකරණයක දිනක්
දෙකක් තබා හරියටම ගුවන් තොටුපලට පිටත්වන වේලාවට බෑගයට දමා ගන්නා අතර ගුවන් යානයේ
ඇති වායු සමීකරණය නිසා එහාට යනතෙක් කිසිදු ආපදාවක් සිදුනොවේ. එහෙදී පොඩ්ඩක්
රත්කරගත් පසු ඔරිජිනල් තත්වයෙන් මේවා රස විඳිය හැකිය.
Monday, October 24, 2016
Monday, October 17, 2016
වදකහ සුදියේ සිට අකුණු සන්නායකය දක්වා දිගට හරහට ලණු කෑම
මීට මාස දෙක තුනකට පෙර මගේ මිතුරෙක් කථාකර “මචං ජීවිත කාලෙම ගොඩයන්න
පුලුවන් බිස්නස් එකක් තියෙනවා. පුලුවන්නම් පරණ අකුණු තැටි තියෙන තැන් ටිකක් හොයලා දීපන්.
ලක්ෂ ගාණක් හොයාගන්න පුලුවන්“ යැයි පැවසීය. දිනපතා මුගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන
දුරකථන ඇමතුම් මට ඇනයක් මට්ටමට පත්වූ නිසා අවසානයේ මා කලේ මුගේ ඇමතුම්වලට
පිළිතුරැ නොදී සිටීමය. මම ප්‍රතිචාර නොදැක්වුවද මේකා උදයට හා සවසට මට අනිවාර්යෙන්
කෝල් කිරීම පුරුද්දක් හැටියටම කරගෙන ගියේය.
Friday, October 7, 2016
හොයන්න බැරි වෙන්න දූරියන් හංඟනවා නම් මෙන්න ක්‍රම
දූරියන් යනු ඉතා ගුණ
කෑමකි. හොඳ ශක්තිජනක පළතුරකි. සමහරුන්ට
රසයෙන් අනූන වුවත් තවත් සමහරුන්ට නහය ලඟට ගැනීමට තබා දූරියන් ඇති අහලකින් යා
නොහැකිය. ඒ එහි ඇති විශේෂිත සුවඳ නිසාමය. දූරියන් ඇට කුඩා පෙති
වලට කපා, වතුර වීදුරුවක දමා රැයක් පහන් වන තෙක්
තබා උදෑසනම හිස්
බඩට පානය ඉතා ගුණදායක බව කියනා බැවින් අපේ සමහරුන් දූරියන් කෑමටත් වඩා මනාප වන්නේ
දූරියන් ඇට පෙර කී ආකාරයට සකසා පානය කිරීමටය. අපි
දැකලා ඇත්තේ කටු සහිත දූරියන් පමණක් වුවද පිලිපීනයේ කැලෑ වල කටු රහිත දූරියන් විශේෂයක්
ඇත. මෙය හඳුන්වන්නේ තට්ට දූරියන් වශයෙනි. එසේම අප දන්නා කහ පැහැ
මදය සහිත දූරියන් වලට අමතරව රතු සහ තැඹිලි වර්ණයෙන් යුත් මද සහිත දූරියන්ද ඇත.
Subscribe to:
Posts (Atom)