අපි
කුඩා එවුන් කාලයේ කොටු පැනීම කියා කිව්වේ බට්ටා පැනීමටය. සමහර පළාත්වල මෙයට අඹ කොටු පැනීම
යැයිද කියනු ලබයි. නමුත් අදනම් කොටුවක් පැනීම යනු තහනම් ගහේ ගෙඩි රස බැලීමට කියනා
වචනයකි. කොටු පැනීම ගැන පිටු 4 ක විතර පෝස්ටුවක් ලියනවායැයි සිතාගත්තද අන්තිමට එය
පිටු 14 ක් විය. ඒ මම කොටුවට කැමති නිසා නොව කොටුව ගැන අහපු දැකපු ඒවා ඒ තරම් තිබූ
නිසාය. රජ කාලයෙන් පටන්ගෙන පසුව අපේ ගමේ උන්ට, යාලුවන්ට මුහුණදීමට සිදුවූ
අත්දැකීම් මෙයට එක්කාසු කිරීම පෝස්ටුව දිගුවීමට හේතුවිය. එම නිසා පාඨක රසාස්වාදය
උදෙසා දින 4 කින් මෙම පෝස්ටු 4 කියවීමට අවස්ථාව ලබාදීමට තීරණය කලෙමි.
කොටු
පැනීම පිළිබඳව මුලින්ම කියැවෙන්නේ ආදම් ඒව සම්බන්ධයෙනි. බුද්ධ දේශනාවේද ලෝකයේ
ආරම්භය ගැන කියනාවිට මිනිසුන්ගේ රාග සිතුවිලි ඇතිවූවිට කාමයෙහි වරදවා හැසිරැනු
ආකාරයත්, අනෙක් අය එවැනි අයට ගල් ගසා එලවූ නිසා ආවරණය වූ තැන්වලට ගොස් කොටු
පැන්න ආකාරයත් සඳහන් කර ඇත.
බුදුන්වහන්සේට
මෛථුන ධම්ම පාරාජිකාව සිදුකල භික්ෂුවකට සංඝ සමාජයේ රැදී සිටිය නොහැකි බව දන්වා
විනය නීති පනවන්නට පවා සිදුවූයේ එකලද භික්ෂූන් අතර පවා මෙවැනි වූ කටයුතු සිදුවීම
නිසාය. මුල් කාලයේ සංඝ සමාජය සීමා සහිත වූ නමුත් පසුකාලීනව ලාභ ප්‍රයෝජන
අපේක්ෂාවෙන් පැවිදිවූ පිරිස් වැඩි වී ශාසන විරෝධී කටයුතු බහුල වීම මෙවැනි
විනය නීති පැනවීමට හේතුව විය. මුලින්ම මෙයට අදාළ විනය නීති මනුෂ්‍ය ලිංගික
සම්බන්ධකම්වලට පමණක් සීමා වුවද පසුකාලීනව සතුන් සමග, අස්වාභාවික හෝ ස්ව ලිංගික ක්රියාවන්ටද විනයනීති පනවන්නට සිදුවිය.එසේ වූයේ සමහර
භික්ෂූන් තිරිසන් සතුන් සමගද, ඇට සැකිලි සමගද, ලී වලින් නිර්මාණය කරන ලද සෙල්ලම්
බඩු සමගද ස්ව ලිංගික ක්රියාවන්ටද නැඹුරැවීම නිසාය.
වරක්
එක් භික්ෂුවක් ඇටසැකිල්ලක් සමග ලිංගිකව හැසිරීමට ගොස් අංගජාතයේ අස්ථි කැබැල්ලක්
ඇනී දැඩි ලෙස රෝගාතුර විය. මෙය සුව කිරීමට බුදුන්වහන්සේ උපයෝගී කරගත්තේ විශාඛා
උපාසිකාවය. ඇයට කරැණු පැහැදිලිකරදී
ස්නානය කර දුහුල්
වස්ත්‍රයකින් සැරසී පැමිණ රෝගාතුරව සිටිනා භික්ෂුවට පෙනෙන ආකාරයෙන් සක්මන් කිරීමට
සැලැස්වූ කල්හි එම භික්ෂුවට ලිංගික ආශාවන් පහලවී ක්ෂණික මෝචනය සිදුවී ඇනී තිබූ
අස්ථි කැබැල්ලද ඉවත් විය.
ජේසු
තුමන් වරක් අනාචාරයේ හැසිරැනු ස්ත්‍රියකට ගල් ගැසීමට සූදානම් වූ පිරිසකට කීවේ පව්
නොකල තැනැත්තෙක් විසින් පළමු ගල ගසන්න යනුවෙනි. එහිදී කිසිවෙකුත් එයට ඉදිරිපත් නොවීය.
එයින් පැහැදිලිවන්නේ එතැන් රැස්වී සිටි සියලු දෙනාම රහසින් හෝ අනාචාරයේ හැසිරී ඇති
බවය.
කිතු
දහමේ දස පනතේද, බුදු දහමේ පන්සිල් මගින්ද කාමයෙහි වරදවා හැසිරීම වරදක් බැවින් එසේ
නොකර සිටීම යහපත් බව පෙන්වා දී තිබුණද කොටු පැනීම එදා සිට අද දක්වාම අඛන්ඩව පැවතී
ඇත.
රජවරැන්ට කොටු පැනීම සම්බන්ධයෙන් විධායක බලතල
පැවතී ඇති බව පැහැදිලි වන්නේ සමහර රජවරැන්ට සොලොස් දහසක් බිසෝවරැන්ගෙන් සමන්විත
අන්තපුර පැවති බව සඳහන්වීමෙනි. සොලොස් දහසක් නොවුවද සෑම රජෙකුටම පාහේ අන්තපුර පැවත
ඇත්තේ තැන් තැන්වල කොටු පැනීමට ගොස් කිච නොවී සදාචාර සම්පන්නව එම කටයුත්ත
ඉටුකරගැනීමටය. හැබැයි මේ බිසෝවරැන්ගේ ගනනේ හැටියට රජාලාට වෙන වැඩක් කරන්න නම්
කාලයක් ඉතුරැ වෙන්නට බැරිය.
රජකාලේ
පටන් පැවති කොටු පැනීම විනාශයන්ගෙන් කෙලවර වූ අවස්ථාද විය. දස්කොන් ප්‍රමිලා ප්‍රේමය අවසන් වූයේ ඒ ආකාරයටය.
එසේ වූයේ කොරගන්නා මගුලක් සද්ද නැතිව කරගන්නේ නැතිව පණ්ඩිතකම් කරන්නට යාම නිසාය. අනුලා
බිසවගේ කොටු පැනිල්ල අවසන් වූයේ සොර සැමියන් තිස් දෙනෙකුට පමණ අවසානය ලඟාකර දෙමිනි. අප රටේ ඉතිහාසයේ සඳහන්
පළමු සුනාමිය හෙවත් කැලණි තිස්ස රජදවස ඇති වූ මුහුද ගොඩ ගැලීමට හේතු වී ඇතැයි
රාජකීය දෛවඥයින් සැලකුවේ රහතන්වහන්සේ නමක් තෙල් කටාරමක දමා ඝාතනය කරවීමය. ඒ රජ
බිසව සමග කොටු පැනීමට ගිය අයෙක් පෙම් හසුනක් එවීමේ හුටපටයකට මෙම රහතන්වහනසේව
සැකකිරීම නිසාය.
කොටු පැනීමක්ම නොවුනද අප රටේද අතීතයේ වැදගත්
අයෙක් තමන්ගේ නිවසේ රාත්‍රියක් ගතකිරීමට නැවතුනහොත් තමාගේ අඹුව හෝ දියණිය අදාළ
තැනැත්තා සමග යහන්ගතවීමට ලබා දෙන සිරිතක් පැවතී ඇත. එය වැදගත් අයෙකුට කෙරෙන ඉහළම
සත්කාරයක් වශයෙන් සළකා ඇත.
අපේ
ගීත සාහිත්‍ය සැලකුවද කොටුවට වැදගත් ස්ථානයක් ලැබී ඇත්තේ ප්‍රේම ගීතවලට සහ විරහ
ගීතවලට පමණක් දෙවැනි වෙමිනි. නදීශාගේ තොල දැමීම නිසා ජනප්‍රිය වූ සිල් බිඳගත්
ගීතයද මෑත කාලයේ කොටු පැනීම ගැන ප්‍රසිද්ධයේ කථා කරන ගීතයක්ය. ආණ්ඩුකාර දිවුල්ගනේ
මුදු මුහුනේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද අහද්දී දීපිකා අක්කා අහන්නේ ඔබේ සුසුමේ
සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද කියාය. කථාව දිගින් දිගටම ගොස් දිවුල්ගනේ අහන්නේ
ඉඟ නෙරියේ රැළි බින්ඳේ මම විතරද කියාය. දීපිකා අක්කා හැරෙන පමාවෙන් අහන්නේ එතකොට
තෝ ඉඟ නෙරියේ රැළි කැඩුවේ මගෙ විතරක්ද බොල කියාය. අමරදේව මත්තයාද සංයමයෙන් කොටු පැනීම
ගැන කියන්නේ කුමරියක පා සළඹ සළනවිට කුමර බඹසර අසපුවේ සමවැදී හුන් දැහැන් බිඳි
ආකාරය කියාපාමිනි. (අමරදේවටත් එසේ නම් අපි ගැන කවර කථාද)
නලු
නිලියන්, දේශපාලඥයින් කොටුවක් පැන්න විගස වෙබ්වල පලවන්නේ කොහේ ගියත් දන්නා අඳුනන අය
ඉන්නා නිසාය. පිටරටවල නම් මේ වගේ වල්පල් සිද්ධි වාර්තාකිරීමට ඉන්නා උන්ට කියන්නේ
පැපරාසි කියාය. අපේ රටේ ප්‍රොෆෙෂනල් පැපරාසි නැතද ලෝකල් පැපරාසි නම් එමට ඇත.
කාන්තා පාර්ශවය මෙම පැපරාසි ජොබට ඡන්මයෙන්ම සුදුසුකම් ලබා සිටියද චීත්ත අඳින
පිරිමින්ද මෙම සත් කාර්යයට සම්මාදම්වීමට කැමැත්තක් දක්වති.
මෑත
කාලීනව චාටර්ම කොටු පැනිලි වාර්තාවූයේ මැති ඇමතීන් වෙතිනි. සමහරැ කොටු පැනීමට
තෝරාගන්නේ තමන්ගේම කාර්යාලයයි. ඇමැත්තන්ගේ නෝනලා මෙවැනි සැකකටයුතු සිද්ධි වහාම
රපෝර්තු කිරීමට තමන්ගේ චරපුරැෂ කණ්ඩායම්ද යොදවා ඇති නිසා ඇමතිගේ කාමරයට සුරංගනී
කෙනෙක් රිංගුව විගස ඇමති මැඩම්ගේ ෆෝන් එක රින්ග් වේ. මැඩම්ද විනාඩි 5 න් එතැනට
කඩාපාත්වී බලෙන්ම කාමරයට රිංගනවිට ඇමති මහත්තයා සහ සුරංගනී නෝනා පෙම් කෙලියේ හෝ
රති කෙලියේ හෝ ඒ අතරමැද තැනකය. කොටු පැනීමට ගොස් බිරිඳට චාටර් වූ ඇමතිවරැන්ගේ ඉරණම
නම් අතිශය ශෝචනීය විය. සමහරැන්ට පශ්චාත් භාගයේ පවතින සිදුරට අමතරව තවත් සිදුරක්
සෑදෙන ආකාරයෙන් කතුරැ ප්රහාරයන්ට ලක්වීමට සිදුවූ
අතර තවත් සමහරැන්ට සරම නැතිව අමාත්‍යාංශය වටේ දුවන්නට සිදුවිය. එසේම
සමහරැන් පගාවෙන්, කොමිස් වලින් හරි හම්බකරගත් සියලු දේ පිළිබඳව ඇමති නෝනාගෙන්ම රටට
හෙලිදරව් විය.
තවත්
සමහර වයසක මැන්ටල් ඇමතිලා අවුරැදු විසි ගණන්වල කෙල්ලන්ට ශිල්ප දැක්වීමට සිතා ව්යාග්රා
පෙත්තක උපකාරය පැතූවිට ව්යාග්රා පෙත්තේ බලය වැඩිවී වැඩේ ඉවර වූ පසුද කලිසම
කූඩාරම් ගසා සිටි බැවින් රෝහල් කරා යාමටද සිදුවිය. තවත් සත් ගුණවත් උපාසක ඇමතිලා
කොටු පනින්නට ගොස් ආපසු එනවිට කොහෙදෝ යන නොසන්ඩාල කොල්ලන්ගේ බයික් මොන්ටෙරෝවේ හැප්පූවිට සිදුවන්නේ ප්රාතිහාර්යන්ය. එනම්
මොන්ටේරෝවේ සිටි ඇමති වෙනුවට පොලිසියට ගියවිට සිටින්නේ ඇමතිගේ රියදුරැය. අනතුර
සිදුවන අවස්ථාවේ ඒ අවට පැවති සී.සී.ටී.වී. කැමරාවල සියලු වීඩියෝ දර්ශන ඉබේම මැකී
යයි. අපි වගේ උන්නම් එවැනි දේ මැකුවොත් හිරේ නමුත් මේ ඇමතිලාට නම් නීතිය වැඩිපුරත්
සමාන වී නඩු නිමිති නැතිවී යයි. තවත් සමහර ඇමතිවරැන් කොටු පැනීමට ගොස් හෝටලයෙන්
බිමට වැටී රජයේ වියදමින් ප්‍රතිකාර ගත් අවස්ථාද විය.
(ඉතුරැ
ටික හෙට)
බලාන යද්දි පට්ට ඉතිහාසයක්නෙ කොටු පැනිල්ලට තියෙන්නේ :D
ReplyDeleteමීට වඩා විස්තර තියෙනවා. ඒවා ලිව්වා නම් පොතක් ලියන්න වෙනවා.
Deleteඅපි නොදන්න කොටු,
ReplyDeleteමරු පෝස්ට් එක....
අත්දැකීම් සහිතයි වගේ. අද එකත් බලන්න
Deleteකොටු පැනිල්ලේ ඉතිහාසය
ReplyDelete:d
ඔව් මෑත ඉතිහාසය අද බලන්න.
Deleteදේශපාලකයන්ගෙ කේස් කවුරුත් දන්න ඒවනේ. එහෙම නෙවෙයි තමන් දන්න රසකතා ලියන්න.
ReplyDeleteපොඩි ආරම්භයක් ගත්තේ හැලපයියේ. අදත් දැම්මා. ඒක බලන්න.
Deleteබලමු ඉතුරු තුනත් කියවලා. හොඳ හොඳ කොටු පැනිලි ඇතිනෙ.
ReplyDeleteකසුන් අද එක බලන්න.
Deleteඇමතිවරැන් කොටු පැනීමට ගොස් හෝටලයෙන් බිමට වැටී රජයේ වියදමින් ප්‍රතිකාර ගත් අවස්ථාද විය.//// ha ha ha
ReplyDeleteකොටුවක් උනත් ඇමතිලානේ බං
DeleteThis comment has been removed by the author.
ReplyDelete/* ජේසු තුමන් වරක් අනාචාරයේ හැසිරැනු ස්ත්‍රියකට ගල් ගැසීමට සූදානම් වූ පිරිසකට කීවේ පව් නොකල තැනැත්තෙක් විසින් පළමු ගල ගසන්න යනුවෙනි. එහිදී කිසිවෙකුත් එයට ඉදිරිපත් නොවීය. එයින් පැහැදිලිවන්නේ එතැන් රැස්වී සිටි සියලු දෙනාම රහසින් හෝ අනාචාරයේ හැසිරී ඇති බවය. */
ReplyDeleteඒ අන් අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැර තවත් ගස් එතැන තිබුණා ද?
ඒකත් මරු එක sport 1 නේ?
ReplyDeleteකොටු පනින එකත් සෙල්ලං වැඩක් නෙමෙයි බලන් යනකොට !
ReplyDeleteමම දන්න එකෙක් ඉන්නවා තාත්තා රට අම්මා එක්ක කොටු පනිනවා මු😂
ReplyDeleteමුලින්ම මතක් උනේ වෙන එකක් hehe
ReplyDelete