පුමුතිරි බව හා ලිංගිකත්වය ගැන හැටහුට හමාරක් කුණු කථාද,
රස කථාද නව යොවුන් වියේ අප අතර පැවතියේය. නමුත් දැනුම් තේරුම් ඇතිවන විට අප තේරුම්
ගන්නේ මිනිසුන්ගේ පුමුතිරි බව තීරණය වන්නේ වර්ණදේහ මගින් බවත් ලිංගිකත්වය යනු
ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් බවත්ය. ලිංගික වර්ණදේහ උරුමය අනුව උපදින පොඩි එකාට
අයත් වන්නේ චීත්තයක්ද, කම්බායක්ද යන්න ස්ත්‍රී/
පුරුෂ වශයෙන් උප්පැන්නයේ සටහන් කිරීම සිදුවේ.
උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරැෂ භාවයට මොකක් සඳහන් කරලා
තිබුණත් ටිකක් ලොකු වෙනකොට පතාගෙන ආපු විදිහට හරි, කරුමෙට හරි, ඇබ්බැහිවීමකට, හෝර්මෝන
වෙනස්කමකට හරි තමන්ට තිබෙන ලිංගෙන් ස්වභාවිකව කරන්න තියෙන රාජකාරියට අකමැතිවෙන කාණ්ඩත්
බිහි වෙනවාය. මේ අයගෙන් කොටසක් හැඳින්වෙන්නේ සමරිසියෝ කියාය. නැතිනම් සමලිංගිකයෝ
කියාය. නැතිනම් සමකාමියෝ කියාය. ඉංග්‍රීසියෙන් කිව්වොත් ගේ සහ ලෙස්බියන්ය. අපේ රටේ
භාෂාවෙන් තේරෙන විදිහට කිව්වොත් ගල් කාරයො සහ ආප්ප කාරියෝය. සමහරුන්ට අනුව ඒවා ලිංගික
විකෘති හැටියට හැඳින්වූවත් තවත් සමහරු කියන්නේ ඒවා ඉතින් එයාලාගේ කැමැත්තවල් කියාය.
කොහොම උනත් අපේ රටේ මේ සම කර්තව්වයේ යෙදෙන
අය හැරෙන්නට බහුජනයා මේ දේට වැඩි අනුකූලතාවක් දක්වන්නේ නැතිය. ඒ ඒ වැඩේ
සංස්කුරැතික සහ සදාචාර විරෝධී යැයි අපේ ඇයොන්ගේ බහුතරයක් සිතනා නිසාය. මේ ගැන මගේ මතය නම් “කොන්ත නෝනාගේ පස්ස පැත්තට කොන්ත නෝනාගේ කැමැත්ත
කියා මිරිස් වතුරෙන් පස්ස හේදුවාට අපට මොකෝ“ කියන්නාක් මෙන් අපේ පස්ස මිරිස්
වතුරෙන් හෝදන්නේ නැතිව තමන්ගේ පස්ස විතරක් හෝදගත්තාට කමක් නැති බවය.
මේ හැරෙන්නට සාමාන්‍ය පිලිගැනීමට අනුව ස්ත්‍රී හෝ පුරුෂ කියා එකවිටම
හඳුනාගත නොහැකි කාණ්ඩයකුත් මේ ලෝකයේ සිටිනවාය. සංක්‍රාන්ති ලිංගිකයින්, අන්තර්
ලිංගිකයින් සහ ලිංගික අනන්‍යතාවය පිළිබඳ
ගැටලු සහගත පිරිස් මේ කොටසට අයත් වෙනවාය. ලේඩි බෝයිස්ලා වශයෙන්ද, නපුන්සක වශයෙන්ද
හැඳින්වෙන මේ වගේ අය අප රටේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ පොන්නයො
හෝ පොන්සින් කියාය. මෙවැනි නමක් භාවිතා වන්නේද මේ අය සම්බන්ධයෙන් දියුණු කථිකාවතක්
හෝ මේ අයගේ අයිතිවාසිකම් පිළිබඳව මෙතෙක් සමාජ අවධානයක් යොමු නොවී පැවතීම නිසා විය
හැකිය. දැන් තිරගතවන මායා චිත්‍රපටය සංක්‍රාන්ති ලිංගිකයන් ගැන කථාකරන චිත්‍රපටයක්
බව මා අසා ඇතද තවම එය නැරඹිමට අවස්ථාවක් ලැබුනේ නැත. කෙසේ වුවත් මේ පෝස්ටුවේ අරමුණ
මේ ගැන විද්‍යාත්මකව කරුණු පැහැදිලි කිරීම නොව මෙම අය සම්බන්ධයෙන් කුඩා කල මා ලැබූ
අත්දැකීම් කිහිපයක් සටහන් කිරීමය.
ඉස්සර නම් මේ නපුන්සක කොටසට රජවාසලේ විශේෂ රාජකාරියක්
පැවරුනි. ඒ රජතුමාගේ අන්තපුරය මුරකිරීමය. ඒ රාජකාරිය පැවරුනේ අර කවුද කෙනෙක් “අපේ
එව්වා තියෙන්නේ ඉතින් චූ කරන්න විතරයිනේ“ කිව් විදිහට මේ අයගෙත් අර මෙව්වා එක
තියෙන්නේ චූ කිරීමට පමණක්ය කියා රජතුමා විශ්වාස කිරීම නිසා විය හැකිය. අද නම් මේ
අය වැඩියෙන් නිරත වන්නේ රූපලාවන්‍ය කටයුතු සහ
ඉවුම් පිහුම් වැනි කටයුතුවලය.
ලේඩි බෝයිස්ලා යන කොටස තවමත් අපට යම් තරමක නුහුරු වුවද
නපුන්සකයින් වශයෙන් හඳුන්වන කොටස නම් සමාජයේ බොහෝ දෙනෙක් දැක ඇතුවාට සැකයක් නැත.
මේ අයට බොහෝ විට පිරිමි ශරීරයක් තිබෙනා නමුත් කථාබහේදී සහ හැසිරීම් රටාවේදී පමණක්
ගැහැණු අංගචලනයන් විදහා දක්වන නිසා දන්නා එකාට නම් පටස් ගා හඳුනාගත හැකි නමුත්
නොදන්නා ටියුබ් ලයිට්වලට නම් කථා කරනා තෙක්
හඳුනාගැනීම තරමක් අපහසුවන අවස්ථාද ඇත.
මෙවැනි නාරිලතා චරිත කිහිපයක් නාත්තන්ඩිය නගරය කේන්ද්‍රකරගෙන
ජීවත්වූවා මට මතකය. නාත්තන්ඩිය නගරයේ නගරසිරි හෝටලය පිටුපස එකල අපේ වල බැසීමේ මධ්‍යස්ථාන
වලින් එකකි. අපේ කට්ටිය ප්ලේන්ටියක් රැගෙන
නගරසිරිය පිටිපසට යන්නේ බේකරියෙන් බාපු ගමන් උණු උණු බනිස් ගෙඩියක් කෑමටත්,
බටයක් ඇදීමටත් එය කදිම ස්ථානයක් වූ බැවිනි. නගරසිරියේද මේ ආකාරයේ ගැහැණුන්ට හෝ
පිරිමින්ට අයත් නැති පී වර්ගයේ අය කිහිප දෙනෙක්ම සේවය කරනු ලැබීය. මෙතනට කොල්ලන්
එනවාට කඩේ මුදලාලිටත් වඩා කැමති මෙවුන් ටිකය. ඒ අතරින් එකෙක් මටද එහෙන් මෙහෙන් ඇහැ
දෙන්නට විය. “අරයා කවුද අනී. එයාට කෙල්ලෙක් ඉන්නවද. මට ආසයි එයාට කථාකරන්න“ කියා
මාව අඳුන්වා දෙන ලෙස කීප වරක් අපේ උන්ට කියා තිබුණි. අපේ කිහිප දෙනෙක්ම මෙවුන් ටික
මෝරා කරගෙන සිටියද මට එකල මේ කොට්ඨාශය පුදුමාකාර අප්රසන්නය.
එදින පන්ති යාමට අතේ සතේ නැති දිනයකි. මොන මගුලක්
කරන්දැයි නගරසිරියට වී කල්පනා කරමින් ඉන්නාවිට අර කලින් කී එකා මම ලඟට පැමිණ හොර
ගල් අහුලන්නට විය. “ඇයි අනේ කල්පනා කරන්නේ. මොකුත් ප්‍රශ්නයක්ද. මම ඔයා එක්ක කථා
කරන්න හරි ආසාවෙන් හිටියේ.“ මේකා කෝමල ලාලිත ලීලාවෙන් කියවන්නට විය. කරන්නට දෙයක්
නැත. දැන් දතක් ගැලවීමට ඉන්නා එකා මේකා පමණි. අපේ උන් මුන්ගෙන් දත ගලවනා හැටියට
කටේ පණුවෝ කාපු දතක්වත් ඉතිරිවී ඇත්දැයි සැක සහිතය. ඒ මොනවා උණත් මගේ අතේද
පිච්චියක් නැත. “අතේ සල්ලි නෑ ඕයි. පන්ති යන්නත් ඕන. කෑවෙත් නෑ“. මගේ දුක ඇසූ
මේකාගේ හඳුන් පොත කීන් ගාන්නට ඇත. “අනේ පව්. ඉන්න මම කන්න මොනවා හරි ගේන්නම්.
කොහෙවත් යන්න එපා. මගේ කාමරේ ඉන්න“. කියා මේකා මාව උගේ කාමරයට දමා දුවගෙන ගියේය.
ආපහු ආවේ ෂොපින් බෑග් එකක් පුරවා උණු උණු බනිස් ගොඩක් අරගෙනය. “කන්න. ඇති වෙනකන්
කන්න. මොනවද බොන්නේ. ටී . ප්ලේන්ටිද. නෙස්ටමොල්ට් එකක් බොමුද“. මම හා කියා ඔලුව
වැනුවෙමි.
කටේ ඇලෙන ගානට පිටි දැමූ නෙස්ටමෝල්ට් වීදුරැවක් පුරවා
ලැබුනි. “ඔයාගේ අතේ සල්ලිත් නෑ කිව්වා නේද. ආ මේක තියා ගන්න“ කියා රැපියල් 50 ක්ද
සාක්කුවට දැමීය. රුපියල් 50 ක් යනු එකල ලොකු මුදලකි. මීගමුවට බස් ටිකට් එකත් එකල
රු. 7.50 කි. දැන් මගේ වැඩේ හරිය. කාපු බීපු තැන්වල නයෙක් පොලඟෙක්වත් වැඩිවෙලා
රැඳෙන්නේ නැත. “එහෙනම් මම ගිහින් එන්නම්. ආයේ හම්බ වෙමුකෝ“ කියු මම යන්නට
නැගිට්ටෙමි. “අනේ යනවද. මම හිතුවෙ පොඩ්ඩක් ඉඳලා යයි කියලා“. දැන් මේකා නහයෙන්
අඬයි. “හරි හරි මම අද ක්ලාස් ඉවර වෙච්ච ගමන් එනවා. දැන් පරක්කුයි. ඒකයි යන්නේ. බය
වෙන්න එපා“. “අනේ ඔන්න වරද්දන්න එපා. මම බලාගෙන ඉන්නවා කියූ මේකා තවත් 50 ක්
සාක්කුවට දැම්මේය. දැන් මගේ කරල පැහී ඇත. එතනින් මාරු වූ මා ඉන්පසු සෑහෙන කාලයක්
යනතුරැ නගරසිරියට ගියේ නැත. මේකා මම එනතෙක් දින කිහිපයක් මග බලමින් සිටිනා බව දුටු
නිසා විවීන් එක පාරෙන් (රෙදි මෝල පාර) ගොස් ස්ටෑන්ඩ් එකට යාමට මට සිදුවිය.
මාස කිහිපයකට පසුව මම අම්මා සමග මාරවිලට යමින්
සිටියෙමි. මොකෙක්දෝ එකෙක් බෙල්ලේ
පොට යන ගානට හැරි හැරී මා දෙස බලයි. මමද නිකමට බැලුවෙමි. මල ජූලියකි, එදා මට
රුපියල් 100 කින් ආධාර කල එකා බස් එකේ සිට මා දෙස බලමින් සිටී. මම නොදැක්ක ගානට
හිටියේ අම්මාද ලඟ සිටි නිසාය. බසයෙන් බසිද්දීම මේකා මම ලඟට දුවගෙන ආවේය. “හොර
කොල්ලා. එදා සල්ලි අරන් මාරු උනායින් පස්සේ අද තමයි දැක්කේ. කපටියා“. යැයි මේකා
කියද්දී “ මම “හරි හරි පස්සේ එන්නම්“ කියා එතනින් මාරු උනෙමි.
තවත් මෙවැනි අයෙක්වූයේ නාත්තන්ඩිය සමූපකාරයේ සේවයකළ
රේමන්ඩ් අය්යාය. හැබැයි මේකාට රේමන්ඩ් කිව්වාට වැඩි දෙනෙක් දන්නේ නැතිය. මූව දන්නේ
“මැණිකේ“ කියූ විටය. අපි සාමාන්‍ය පෙල කරනා කාලයේ අද කාලේ මෙන් පාසැලට දිගු කලිසම්
ඇඳීම තහනම් වූ අතර අප ඇන්දේ කොට කලිසම්ය. කොල්ලන් කොට කලිසම ඇඳගෙන පාරේ යන විට
ඉවසාගත නොහැකිවන මැණිකේ පාපැදියෙන් පැමිණ කොල්ලෙකුගේ කලවයට අතින් පහරක් ගසා
වේගයෙන් බයිසිකලය පැදයයි. කොල්ලෝද තොගේ අම්මට හුරුල්ලෝ කවන්න ..... කියා ඒකා
පිටුපස එලවාගෙන ගියද අපිට උගේ මයිලක්වත් ඇල්ලිය නොහැක.
කොතරම් කොල්ලන්ට ආසා කලද බැරි වෙලාවත් කොල්ලෙක් මූට
මැණිකේ කියා කෑ ගැසුවහොත් බයෙන් වටපිට බැලීම මේකාගේ සිරිතය. ඒ තමුන්ගේ පවුලේ
කවුරැන් හෝ අහලපහල හිටියොත් ඉන්පසු ඇතිවන්නේ ගෝරියක් බව දන්නා නිසාය. නාත්තන්ඩිය
නගරය අවට ඇති සංගීත සංදර්ශනවලට මනරම් නර්තන අංග ඉදිරිපත් කරන මැණිකේ සමූපකාරයේ
අවුරුදු උත්සවයට තරුණියක ලෙසින් සැරසී ඉදිරිපත්වීම අනිවාර්ය විය. පොඩි කොල්ලන්
සමුපකාරයට ගියවිට අසළ දැවටෙමින් කුමක් හෝ කියා කොල්ලන් හා කථාවට එන මැණිකේ ඉන්පසු
කුමක් හෝ පෙන්වීමට කියා මුන්ව කාමරයට එක්කන් යනු ලබයි. නොදන්නා උන් මේකට අහු උනද
දන්නා උන් තොගේ අම්මට කියා එතනින් මාරුවෙති.
මෙවැනි නාරිලතා සෙට් එකක් එකල නාත්තන්ඩිය වීදුරු මෝලේද
වැඩකරනු ලැබීය. උන්ගේ වැඩ ඉවරවන්නේ රෑටය. රාත්‍රියේ ආපසු එනවිට අපේ ගමේ පොඩි
කොල්ලන් ටිකක් අල්ලාගෙන එහෙ මෙහෙ රිංගන බව අපට දැන ගන්නට ලැබුනි. කීප විටක්
මෙවුන්ටද කොල්ලන්ටද අවවාද කල නමුත් මෙය
නැවැත්විය නොහැකිවිය. මෙය ගමේ පොඩි උන්ටික නාස්තිවන වැඩකි. මේ වසංගතයක් වීමට පෙර නැවැත්විය යුතුයැයි කථිකාකරගත් අප කිහිපදෙනෙක් දිනක් රාත්‍රියේ
මුන් එනවිට නවත්වා ගතිමු. “මේ මොනවා හරි කරන්න යමුද කොහේ හරි“. මුන්ටත් කියන
පමාවය. කට්ටියගේ දෑසේ මල් පිපිලාය. “හා
යමු. යමු“. එන්න කියන්නත් කලින් මුන්ගෙන් කොටසක් අපේ සයිකල්වලටත් නැගලාය. දැන්
සයිකලේ යන ගමන් මුන් ආතල් එකට එක එක දේ කියයි. “මහත්තයා අද මට පැලෙන්න අරී නේද.
මගේ කට පිරෙන්න දෙයි නේද“. මහපාර අසළ ඇති වෙල ලඟදී අපි සයිකල් නැවැත්වූයෙමු.
අපේ එකෙක් සයිකලයෙන් බැස අසල තිබූ ලිස්සීරියා ගසකින්
ලීයක් කඩන්නට විය. මෙය දුටු එකෙක් “මොකටද අනේ වැටේ පොලු. ඔයාගේ තියෙන්නේ ලොකු
පොල්ලක්. එකෙන් කමුකෝ“ කියද්දීම අපේ එකා අත දිගහැර අරූගේ පිට මැදට පාරවල් කීපයක්
පත බෑවේය. දැන් දිගට හරහට මුන්ට වදී. “තොපි ආයේ එනවද මෙහෙ පොඩි උන් අල්ල ගන්න“. ප්‍රහාරය
නන්දිකඩාල් ටයිප් එකටම දරුණුවට යයි. “අනේ නෑ නෑ එන්නේ නෑ. අනේ මෙන්න ගහනෝ. නෝටි
කොල්ලො ගහනවෝ. අපිට ගහනවෝ. බුදු අම්මෝ“. කියමින් වෙලේ මඩේ වැටී වැටී මුන් දුව ගිය
ආකාරයට ගැහිල්ල පැත්තක තබා අපට බඩවල් අල්ලාගෙන සිනාය. ගුටිකෑමට කලින් පැනගත් එකෙක්
ඈතට ගොස් අපෙන් ගේම ඉල්ලයි. “හුහ් මුන්ට
ආතල් දෙන්න ඇවිල්ලා අපි ගුටිකන්න. පොන්නයෙකුගෙන් ආතල් එකක් ගන්නවත් දන්නෙ නැති
...රි පොන්න කොල්ලො. වරෙව්කෝ ආයේ තදියං
වෙච්ච දවසක. දෙනවා තොපිට ආතල් නෙමෙයි.....“
කියා ඒකා අපට පස්ස පෙන්නයි.
දැන්නම් එදා කෙරුවේ මොන පව් වැඩක්දැයි සිතේ. හැබැයි
එදායින් පසු මුන් අපේ ගමෙන් යනවිට විට ට්‍රැෆික් රාලහාමි කෙනෙකුටවත් ඇල්ලිය නොහැකි
ආකාරයට වේගයෙන් සයිකල් පදින්ට විය. ඉන්පසු පොඩි උන්ට කරදරයක් වූයේද නැත.
ඔය කීවට කාමරේදි මොනා හරි උනා නේහ්........
ReplyDeleteහිහ් හිහ් උනේ නෑ. උනානම් කියන්න බයවෙන්නේ මක්කටැයි.
Deleteහික් හික් හාකො හාකො...........
Deleteමට නම් ඔය යක්කු පේන්න බෑ
මටත් එසේමයි. එදා වෙන එකෙක් හිටියේ නෑ දන්ත නාරායන රාජකාරියට.
Deletemaru maru
Deleteපෙර වැරදි වල ඵල විපාක.
ReplyDeleteසමහරවිට සංසාරේ කරපු පව්වල ඵලවිපාක. ඒකනේ පාරේ බල්ලෝ ආතල් එකේ ඉන්නකොට ගල් ගහන්න එපා කියන්නේ.
Deleteමල් මලේ......මේ හැම පැත්තෙන්ම බැටකන මිනිසුන් කොටසක්. ලිංගික ආශාවන් සපුරා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වුනත්, ඒත් අපි උඹලා වගේ ලේ, මස්, ඇට, නහරවලින් හැදුනු දෙමව්පියන්ගේ දරුවෝ. මේ සමාජ කොන්කිරීම සහ ඔවුන්ට අඩන්තේට්ටම් කිරීම සහ ගර්භාවට ලක්කිරීම නොවිය යුත්තක්. මේ උඹට දොස් කියනවා නෙමේ. ඒත් කල්පනාවෙන් හිතලා බලපන්. ඔවුන් බරපතල සමාජ හිංසාවකට යටත් වෙන මිනිසුන් කොටසක්.
ReplyDeleteඅදහසට එකඟයි. මේ කොටස නිග්‍රහයට ලක්කලා නෙමෙයි. මම කොල්ලා කාලේ මේ කොටස ගැන ලබපු අත්දැකීම් ගැන පොඩි මතක් කිරීමක් කලේ.
Deleteමට තේරෙනවා බං. මම කාලයක් බම්බලපිටියේ වාසය කලා. ඒ පැත්තෙත් හරියට හිටියා. ඒ නම් මුදලට සේවා සැපයීමට. උඹ මුකුත් හිතන්න එපා. මමත් අදහසක් මතුකරා පමනයි.
Deleteඔය කිව්වට මල් මල්ලිටත් නගරසිරි හෝටලේදි උණු උණු බනිස් එක්ක උණු කෙහෙල් ගෙඩිත් හම්බවෙන්න ඇති. හැක්..
ReplyDeleteඒකා හැදුවෙ මට බනිස් දීලා මගෙන් කෙසෙල් කන්න. හෙහ් ඒවා කොහෙද මාත් එක්ක.
Delete:D D:
ReplyDeleteඋපතින් එලෙස අය බොහෝවිට නංගිලා වුනත් පසුව ඒ බවට පත් කරන ලද්දන් යුධ/නාවික සෙන්පතියන් ලෙසද ක්‍රියා කර ඇත.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Narses
https://en.wikipedia.org/wiki/Zheng_He
ඔව් ඉතින් මේක සාමාන්‍ය ජීවවිද්‍යාත්මක ක්රියාවලියක්නේ. මේ පංචස්කන්ධය ඇතුලේ ඉන්නේ සාමාන්‍ය මිනිහෙක්. සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන හැකියාවන් ඔක්කොම ඒ අයටත් තියෙනවා. මම මේ ලින්ක් ටික බලන්නම් ප්‍රා ජේ. ස්තුතියි දැනුවත් කලාට.
Deleteමාර කතා
ReplyDeleteමෙව්වා මාර නෑ ට්‍රාන්ස්. හැබැයි මට මේ අත්දැකීම් ආවේ මම උසස් පෙල කරන කාලේ. ඒ කාලේ නම් අපිට මේවා ටිකක් මැජික්.
Deleteමම නං හිතුවෙම උඹ බනිස් කාල කෙහෙලුත් කවල ඒවි කියල. ඇයි බං ඕකුන් කෙහෙල් කන්න ඔච්චර ආසා.
ReplyDeleteඅපි සුදු ආප්ප, ක්‍රීම් බනිස් කන්න තියෙන ආසාවම තමයි අය්යේ උන්ටත් තියෙන්නේ. ඒක නෙමෙයි කෝ චන්ද්‍රක්කා. කොල්ලෝ ටික හරි විස්සෝපෙන් කමෙන්ට් දාලා තියෙන්නෙ. හැලපයියා ආතල් කඩනවා කියලා සෑහෙන්න චෝදනා.
Deleteසොරි සොරි චන්ද්‍රා නෙමෙයි ඉන්ද්‍රා.
Deleteකවන්ඩ කැමති එකෙකු ගෙන් කැවට කමක් නැ , අකමැති උන්ටයි පොඩි උන්ටයි කවන්ඩ හදන්නේ නැතුව
ReplyDeleteකවන්ඩ කැමති එකෙකු ගෙන් කැවට කමක් නැ , අකමැති උන්ටයි පොඩි උන්ටයි කවන්ඩ හදන්නේ නැතුව
ReplyDeleteමගෙත් මතය ඒකමයි. තමන්ට කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා හැබැයි සමාජයටයි අනුන්ටයි හානියක් කරදරයක් නොවී.
Deleteමමත් මේ ගැන ලිපියක් ලිව්වා,,,,විද්යාත්මකයි කියන්න දෙයක් නෑ, මගේ හිතට හැඟුනු දේ ලිව්වා,,,,කියවන්න හිතෙනව නම් මෙන්න ඒක https://unmanthaka.blogspot.com/2015/05/homosexuality.html
ReplyDeleteස්තුතියි උන්මත්තක. මම මේක කියවන්නම්
Deleteඅපි දන්නවා රුපියල් 50 ක් දෙවෙනි පාරටත් දුන්නෙ ඇයි කියලා
ReplyDeleteමේ මේ මල් මල්ලි එල කොල්ලා. පද හදලා චරිතේ ඝාතනය කරන්න එපා. හරිය
Delete