ඉන්දියාවේ සිටි කාලය තුල මයිසූර් සහ
බැංගලෝර් පලාත්වල සිදුකළ චාරිකා අතිශය සුන්දර විය. හයිද්‍රාබාද් සිට බැන්ගලෝර්වලට වැඩි
වියදමකින් තොරව ඩොමැස්ටික් ප්ලයිට් එකක යාමට පුලුවන්කම තිබුනද සංවිධායකවරුන්
විසින් අපට අලුත් අත්දැකීමක් ලබාදෙනු රිසියෙන් මේ ගමන පැය 12 ක දුම්රිය චාරිකාවක්
ඇතුලත්වන සේ සංවිධානය කර තිබුණි.