ශ්‍රීමත් යනු එංගලන්තයේ රජුගෙන් හෝ රැජිනගෙන්
ලැබෙන නම්බු නාමයකි. මෙය ඉංග්‍රීසියෙහි භාවිතා වන්නේ සර් යනුවෙනි. මෙය පිරිනමන්නේ
එසේ මෙසේ අයට නොවේ. ලෝකයට වැදගත් සේවයක් සිදුකළ අයටය. ගුරැත්වාකර්ෂණය සොයාගත්
අයිසැක් නිව්ටන්ට මහ රැජින විසින් ශ්‍රීමත් නාමය පිරිනමනු ලැබීය. ක්‍රිකට් ක්‍රීඩාවේ
රිචඩ් හැඩ්ලි, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, විවියන්
රිචර්ඩ්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට ශ්‍රීමත් නාමය
පිරිනමා ඇත. ලංකාවේ ශ්‍රීමත් නාමය ලැබූ කිහිපදෙනෙකි. විද්‍යා
ප්‍රබන්ධ කතුවර ආතර් සී ක්ලාක් මහතාටද ඒ ආකාරයෙන් මහ රැජිණ විසින් ශ්‍රීමත් නාමය
පිරිනමනු ලැබීය. එසේම ජෝන් කොතලාවල, ඩී. බී. ජයතිලක වැනි අයද එංගලන්ත රජුගෙන් හෝ
රැජිණියගෙන් ශ්‍රීමත් (සර්) නාමය ලැබූ අය
වෙති.
ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු මුලින්ම රාජ්‍ය
මාධ්‍ය ටික එතුමාගේ නමට ආර් අකුරක් තියෙන
නිසා රණසිංහ කෑල්ල එක් කලෝය. එතෙක් කල් ආර් ප්‍රේමදාස නම අසමින් සිටි අපට රණසිංහ ප්‍රේමදාස නම රෑපවාහිනියේ ප්‍රවෘත්තිවලට පළමුව
කියූ දිනය මතකය. ඒ මම හිච්චා කාලේ රාළහාමි මාමාලාගේ ගෙදර බිම ඉඳගෙන ටී.වී.
බලනා විටය. එතන සිටි අනිත් අයටද මටද ඒකට හිනාගියේ කවදාවත් නැතිව ප්‍රේමදාස
මහත්තයාට රණසිංහ කෑල්ලක් ආවේ කොහොමද කියාය. ටික කාලෙකට පසු ශ්‍රීමත් කෑල්ලද
එතුමාගේ නමට එල්ලුවද ඒ එල්ලුවේ කවුදැයි මට මතක නැත. සමහරවිට ප්‍රේමදාස මහතාව
සිංහාසනයේ ඉන්ඳවා රජ කෙනෙකුට ඇන්දවූ අයම වියහැකිය. එසේත් නැත්නම් හඩ්ඩා විය හැකිය.
කුරේ විය හැකිය. සෙරෙප්පු සුප් රණසිංහ විය
හැක. මක් නිසාද මේ සියල්ලෝම ප්‍රේමදාස මහතාට ඇඳුම් මැසීමේ සහ ඇන්ඳවීමේ ටේලර්
රාජකාරියේ නිරත වූ නිසාය.
ලංකාවේ ඇති තවත් ශ්‍රීමත් වස්තුවක් වන්නේ ශ්‍රීමත්
පුන්සඳ නිදන් වස්තුවය. එහි අඩංගු දෑ අතර මගේ මතකයේ ඇති එක දෙයක් නම් ඇතා දළ ඇන්න
තැන පස්ය. නිදන් වස්තු නිෂ්පාදනය කරනා විදිහට මේ තරම් ඇත්තු දළ ඇන්න තැන පස්
හොයන්න නම් ලංකාවේ ඇත්තු ලක්ෂයක්වත් සිටිය යුතුය. උන්ට දළත් තිබිය යුතුය. වැදගත්ම
දේ වන්නේ උන් කෑමක් බීමක්වත් ගන්නේ නැතිව දළම බිම ඇන ඇන සිටිය යුතුය.
ශ්‍රීමත් මදන මෝදකය එන්නේ මේ සියලු ශ්රීමතුන්ට
පසුවය. ඒ කාලයේ මත්ද්‍රව්‍ය හැටියට අපි දැනගෙන හිටියේ
කසිප්පු, පොල් රා, අත්තා කන අබිං, කලාතුරකින් දකින්නට ලැබෙන ගංජා වැනි දේය. මේවාද
පාවිච්චිය අප්‍රසිද්ධියේය. මගුලකට තුලාවකට වැඩිම වටිනාකමකින් ගේන්නේ ගල් බෝතලයකි.
ඒ ගමේ ප්රභූවරයෙකු පැමිණිවිට අනුමත වීමට දීමටය. පහේ ටොපි, පහේ ගුලි යන අනවර්ථ
නාමයන්ගෙන් ශ්‍රීමත් මදන මෝදක වෙළඳපොලට පැමිණිවිට
කරදඬු උස් මහත්වීගෙන එන අපේ උන්ද මේවායින් එකක් දෙකක් අනුභව කරන්නට පටන් ගත්තේ
සිතේ පැවති කුතුහලයටය. මමත් ගුලියක් කෑවා කියා අන් අය අතර පොරක්වීමටද යම් ආකාරයක
හැකියාවක් ලැබීම ද මෙයට හේතුවක් විය.
අපේ උන් මත් වෙන්නට කෙලියාට මෙය ආයුර්වේදයේ එන
වටිනා කියන බෙහෙතකි. මේවා හදන්නේ කංසා වලිනි. කන්සාවලට අමතරව නාමල් රේණු, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, එළඟි
තෙල්, කොට්ටං, ඉඟුරු
පියලි, කොත්තමල්ලි, අසමෝදගම්, වැල්මී, සූදුරු, කළුදුරු
වැනි සිංහල වෙදකමට ගන්නා බෙහෙත් ජාතිද මදන මෝදක සෑදීමේදී එක්කාසු කරනු ලබයි. අපේ
උන් අද මත් වෙන්නට පාවිච්චි කලද කන්සා යනු බෙහෙත් බඩ්ඩකි. අපේ උන්ට මත් වෙනවා නම් මක්කා
උනත් කම් නැතිය. හෙයා ජෙල්, කැස්සට දෙන කොරෙක්ස් පැණිය අරගෙන මත්වෙන්නට හදන්නේ ඒ
නිසාය. පෙට්රෝල් මැක්ස් එකට දමනා වයින් ස්ප්‍රිත්තු ටික බොන්නේ ඒ නිසාය. ටෝච්
බැටරියේ ඇති කාබන් කූරෙන් ගල් බමුණා හදාගන්නේ ඒ නිසාය.
පුරැෂ ශක්තිය වර්ධනයට, ක්ෂණික මෝචනය පමා කිරීමට
මදන මෝදක භාවිතා කිරීමෙන් ප්රත්යක්ෂ ගුණ ලැබෙන බව ආයුර්වේදයේ දැක්වෙයි. මදන මෝදක
වර්ග පාවිච්චි කිරීමට වෛද්‍ය උපදේශය නම් එළකිරි
වීදුරැවක් සමග දිනකට දෙවරක් පාවිච්චි කළයුතු බවයි. නිකමටවත් ගෙදරදී එළකිරි
වීදුරැවක් නොබොන එකාලා මේවා බොන්නට විතරක් එළකිරි සොයන්නට ගියහොත් හතර අතේ චාටර්ය.
ඒ නිසා හොරෙන්ම කටේ දමාගෙන අතුරැපසට
මස්කට් කෑල්ලක් හෝ බූන්දි ටිකක් කා වැඩි සීනි ප්ලේන්ටියක්ද ගසන්නේ ආතල්එක ඩබල් ට්‍රිබල්
කරගැනීමටය. එවිට දිව්‍ය ලෝකවලටද, බ්‍රහ්ම
ලෝකවලටද, ගොස් ආපසු පැමිණීමට නොමිලයේ ගුවන් ටිකට්පත් ලැබුණා වගේය.
වදින්නේ තැපෑලෙන් නිසාත්, ගඳක් සුවඳක් නැති නිසාත් අපේ
කාලයේ අය මේවා කෑමට වැඩි කැමැත්තක් දැක්වුවද හුඟ දෙනෙක් චාර්ටර් වූයේ නන්ස්ටොප්
සිනහවත්, විකාර හැසිරීමත් නිසාය. මේ ඒ ආකාරයේ කථා කිහිපයකි.
පද්මයා
මන්දපෝෂණේ කෑම
සීලවතී නැන්දා අපේ ගමේ සිටි පොළේ වෙළඳාම් කල
කාන්තාවකි. තරැණ කාලයේම සැමියා හැරදමා ගොස් සිටි නිසා තනිව නිවසේ වාසය කළාය. එහෙව්
ගෑනුන්ට ඉතින් පද හැදෙනවා කියන එක අහන්නටත් දෙයක් නැති නමුත් සීලවති නැන්දාට
හැදෙනා පද ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතැයි කියනා කථාවට ටිකක් සමානය. ඉස්සර
ගොයම් පැල සිටවීමට, ගොයම් කැපීමට පැමිණෙන ඇය කියනා දෙපිට කැපෙන කථාවලට අනිත්
ගෑණුන් හිනාවෙන්නේ කටවල් වසාගෙනය. ඒ ඒවායේ පවතින සෘංගාරාත්මක හාස්‍ය නිසාය. ටිකක්
වයසට ගියවිට නිවසට ආ ගිය උදවිය වැඩියේ එන්නේ නැති උනත් පොඩි කොල්ලෝ නම් සීලවතී
නැන්දාගේ වත්තේ සෙල්ලම් කිරීමට කියා එන්නේ එහි ඇති පදම් ඉඩ ඇති නිසාය. මේ එන
කොල්ලන් අතරින් පද්මයා නිතරම සීලවතී නැන්දා බලන්නට යන එකෙකි. පද්මයා සරැංගල්
අරින්නට පැමිණි විට මුගෙන් සීලවතී නැන්දා ගන්නා වැඩගැන සවිස්තර වාර්තාවක් අපට
ලබාදේ. කොල්ලෝ මෙතන අල්ලපන්, මෙතන අතගාපන් කියා එනවිට රැපියල් 5-10 ක් මිට මෙලවීම
නිසා පද්මයාද නිතරම එහේ ගියේය.
පද්මයාද ශ්‍රීමත් ආශ්‍රයට ඉක්මනින්ම පුරැදු වූ
අතර ඉන්පසු සීලවතී නැන්දලාගේ ගෙදර යනවිට මේවායින් එකක් දෙකක් කා තවත් එකෙක් සමග
යාමටත් පටන් ගත්තේය. කොතරම් වැරදි වැඩකලද සීලවතී නැන්දා තමන්ගේ පතිවෘත්තාව නැති බව
ගමට පෙන්වීමට කැමති නැත. පද්මයා ආවද අනිත් කොල්ලන්ද පැමිණ මේ කරනා වැඩ ගැන
දැනගන්නවාට ඇය අකමැති විය. මේ බව පද්මයාට කොතරම් හොඳින් කීවද මේකාද කියන දේ
පයිස්සයකට මායිම් කරන්නේ නැත. මේ එන උන්ද සීලවතී නැන්දාට එහෙන් මෙහෙන් ට්‍රයි
කරන්නට වීමත්, මේ ආරංචිය ගමේ පැතිරීමත් නිසා ඇය කළබල විය. පද්මයාගේ පැමිණීම
කරදරයක් වූ තැන සීලවතී නැන්දා කලේ පද්මයා මදන මෝදක කා කොල්ලන් සමග පැමිණ ඇයට කරදර
කරන බවට පොලිසියට පැමිණිලි කිරීමය.
පොලිසියෙන්ද පැමිණිල්ල ගැන දැන්වීමට පද්මයාගේ
නිවසට පැමිණියේය. ගෙදර සිටියේ පද්මයලාගේ අම්මාය. කවුද මේ පද්මසිරි කියන්නේ. මගේ
පුතා මහත්තයෝ. මොකද මේ තමාගේ පුතා මදන මෝදක කාලා ගිහින් සීලවතී කියන ගෑණු කෙනාට
කරදර කරනවා කියන්නේ. පද්මයලාගේ අම්මා දන්නා මදන මෝදකයක් නැත. අනේ මන්දා මහත්තයෝ
මේකට කන්න දෙනවා ඇති වෙන්න. මේකගේ වැඩේම මේ මන්ද පෝෂණේම කන එකනේ. මොන එකකට මේකා
මන්ද පෝෂණේ කනවද මන්දා. පොලිසියේ රාළහාමිද
හා හා පුතා එක්ක අහවල් දවසට පොලිසියට එනවා කියා ගොස් ඇත්තේ මේ ගැන පද්මයලාගේ අම්මාට
කීමෙන් වැඩක් නැති බව වැටහුනු නිසාය.
මැණිකාගේ අම්මා තාත්තා සෙල්ලම
මැණිකා කුඩා කල අප සමග සෙල්ලම් කල කෙල්ලකි. කෙල්ලක් කීවාට
මේකී කොල්ලන් කරන හැම දේම කරන්න හදන එකියකි. මැණිකාගේ අය්යා උපාලි නීල් ආම්ස්ට්‍රෝන්ග්
සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට පුහුණු වෙමින් සිටි එකෙකි. දිනක් මූ ගුලි දෙකක් ගෙනැවිත්
කලිසම් සාක්කුවේ තබා ඇත්තේ පසු ප්‍රයෝජනයටය. මැණිකා කඩේ යාමට උපාලියාගේ කලිසම්
සාක්කුවේ ඇති සල්ලි ගන්නට ගිය විට වෙනදා දැක නැති ටොපි වර්ගයක් තිබෙනවා දැක හෙමිහිට
කටේ දමාගෙන ඇත. ටික වෙලාවක් යද්දී මේකි බඹරේ කැරකෙනවා වගේය. ඒ වෙලාවේ අප සිටියේ
වෙලේ සරැංගල් අරිමිනි. තව පොඩි උන් ටිකක් සෙල්ලම් ගෙයක් දමාගෙන උන්හ. මැණිකා වැනි
වැනී වෙල පැත්තට එනවා අපට දැකිය හැකිවිය.
ඒයි උඹලා මොකද කරන්නේ. මැණිකා සෙල්ලම් කරනා උන්ගෙන් අසයි.
අපි සෙල්ලම් බත් උයනවා. මේකි කලු මහත්තයා ලඟට ගොස් ඒයි වරෙන් අපිත් අම්මා තාත්තා
සෙල්ලම කරමු. මට බෑ මට සරැංගල් අරින්න ඕන. කිව්වම අහලා වරෙන්. බෑ බෑ කලු මහත්තයා
අහසේ ඇති සරැංගලය දිහා බලාගෙන කියයි. මේකි එකපාරටම පැමිණ කලු මහත්තයාව පෙරලාගෙන ඇඟ
උඩ නගින්නට හදයි. මොකද උනේ කියා හිතා ගන්න බැරි වූ කලු මහත්තයා මේකිත් එක්ක පොර
බැදුවද මැණිකා ගේම අතඅරින්නේම නැත. ගලවපිය කලිසම. අම්මා තාත්තා සෙල්ලම කරන්න.
ගලවපිය ඉක්මනට මැණිකා කෑ ගසයි. කලු
මහත්තයා හොඳටම බයවී බෑ කියා බෙරිහන් දෙයි. මැණිකා දැන් කලු මහත්තයාගේ කලිසම
බලෙන් ගලවන්නට හදයි. දැන් අපට මේක මැජික් වගේය. මැණිකා පොඩි උන් එක්ක රණ්ඩු
වෙනවායැයි සිතූ මැණිකාගේ අම්මා පැමිණ ඇයව ඇදගෙන ගියේ මේකිට මදන යකා වැහිලද දන්නේ
නෑ කියමිනි. යන ගමන්ද මේකි අම්මා සමගද පොරබදා නැවත එන්නට දඟලයි. පසුව
වැඩිහිටියෙකුට කාරණය වැටහී මැණිකාව බලෙන්ම නාවා දෙහි ගෙඩියක් පොවා යන්තම් පියවි
සිහියට ගෙන ඇත.
ශ්‍රීමත් නිරෝෂ්
නිරෝෂයා ශ්‍රීමත් පරපුරේ යාවජීව සාමාජිකයෙකි.
ආරම්භයේ පටන්ම ශ්‍රීමත් ආශ්‍රයට හුරැවූ නිරෝෂයා අහල ගං හතේ ඇති කඩයකට තේ බොන්නට
ගියොත් කඩකාරයා ගෙනත් දෙන්නේ වැඩි සීනි ප්ලේන්ටියකි. ඒ ශ්‍රීමත් නිරෝෂ්ගේ චර්යාව
ගං හතේම උන් දන්නා නිසාය. දිනක් පහේ ටොපි 2 ක් අනුභව කර මස්කට් කෑලි දෙකක් කෑ මේකා
පාරේ යයි. ටික දුරක් ගිය විට පාර මැද මහ වතුර වලකි. යකෝ මොකාද පාරේ වලවල් හෑරැවේ
මේ ටිකට. මම එනකොට මෙහෙම වලක් තිබුණේ නෑනේ. දැන් කොහොමද මෙතනින් එහාට යන්නේ. කරන්න
ඇති එකම දේ මෙයින් පැනීමය. මූ පසුපසට ගොස් වේගයෙන් දුවගෙන එයි. වතුර වල ලඟටම පැමිණ
හරි අමාරැවෙන් බ්රේක් ගසාගනී. ඒ පිම්ම පැනීමට වතුර වල විශාල වැඩිය. නැවත පසු පසට
යයි. ආපසු දුවගෙන එයි. පනින්ට බැරිවේයැයි සිතා ආපසු නතර වෙයි. රත්නේ මාමා මේ දෙස
සෑහෙන වෙලාවක් බලාගෙන ඉද්දී තේරැනේ මූට මොකක් හරි අවුලක් ඇතැයි කියාය. ඇයි නිරෝෂ්
පුතේ මොකද වෙලා තියෙන්නේ. නෑ මාමේ කවුරැ හරි පාරේ මැද වතුර වලක් හාරලනේ. මේ වතුර
වලෙන් පනින්න බෑ. කෝ පුතේ වතුර වල. ඇයි මාමේ මේ පාර මැද තියෙන්නේ. රත්නෙ මාමා
කිට්ටුවී බැලුවිට අල්ලක් විතර වතුර පොඩ්ඩක් රැඳිච්ච පොඩි වලකි. රත්නේ මාමාට වැඩේ
වැටහුනු නිසා ඔව් නේන්නම්. මේකෙන් කොහොමද එහාට යන්නේ. වරෙන් මම අයිනෙන් එක්කාගෙන
යන්නම් කියා නිරෝෂයාව අතින් අල්ලාගෙන වතුර වලෙන් එගොඩ කර ඇත.
අපි පොඩිඋන් කාලේ රෑපවාහිනියේ නාට්‍ය හෝ කාටුන් තිබුනේ කිහිපයක්
නිසා ඒවා විකාශනය වන වේලාවන් අපට කටපාඩමින් කිවහැකි විය. ඒ වේලාවට කොහේ සෙල්ලම්
කරමින් සිටියත් අපි ඒ අසලම රෑපවාහිනියක් ඇති නිවසට දුවන්නේ නාට්‍ය හෝ කාටුන්
බැලීමටය. දිනක් මේ ආකාරයට වගා මහත්තයලාගේ ගෙදරට ගිය අතර නිරෝෂයාද ටික වේලාවකින්
එහි පැමිණියේය. ඇස් දෙක පුංචි වී තිබූ නිසා මූට මොකක් හරි සිදුවී ඇති බව අපට
වැටහුනි. මූ වාඩිවූවේ මාලු ටැංකියක් අසළ තිබූ පුටුවකය. ටික වේලාවකින් මාලු ටැංකියේ
මාලු එකා දෙන්නා මැරී උඩ පාවෙයි. නිරෝෂයා කරන්නේ හෙමීට
අතදමා ගෝල්ඩ් ෆිෂ් කෙනෙකුගේ බඩ මිරිකීමය. ටික වේලාවකින් මියයන මේකා උඩ පාවෙයි.
නිරෝෂයා කලිසමේ අත පිහා ගනී.
තව දිනක් නිරෝෂයාව සොයා ගෙදර යන විට නැන්දා
පැවසුවේ අන්න පුතේ වෙල පල්ලෙහා ඉන්නවා. ගිහින් බලන්න. දැන් සෑහෙන වෙලාවක් කියාය.
මුගේ කෙරැවාව ගැන දන්නා නිසා ඒ පැත්තට ගොස් බැලුවිට නිරෝෂයා බිම ඇනතියාගෙන
සෙලවෙන්නේ නැතිව ගල් ගිල්ලා වගේ බලාගෙන හිඳී. ඇයි බන් මොකද. ෂ් ෂ් කෑ ගහන්න එපා.
මේකා කටට ඇගිල්ල තියා පවසා නැවත පැත්තකටවී බලාගෙන ඉඳී. ඇයි බන් මොකද. මොකක්ද
තියෙන්නෙ. කෑ ගහන්න එපා යකෝ අමුතු සතෙක් මම දිහාම බලාගෙන ඉන්නවා. දැන් සෑහෙන
වෙලාවක්. මූ යන්නෙම නෑ. අමුතු සතෙක් කෝ පොඩ්ඩක් හිටින් බලන්න. මේකා මෙච්චර වෙලා
බලාගෙන සිට ඇත්තේ පත ඇට ගෙම්බෙක් දිහාය.
ඇඳ උස්සාගෙන සිටි සමනා
සමනාද අපි පාසැල් යන කාලයේ පටන්ම ගුලි
කර්මාන්තයට ඇබ්බැහි වී සිටි එකෙකි. නිවාසාන්තර තරඟ ක්‍රීඩා තරඟවලදී මේකා මීටර්
100, 200 සහ සහාය දිවීමේ තරඟවලට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන අතර ජයග්රහණයද
ෂුවර්මය. මේ කාලයේ තහනම් උත්තේජක හැටියට ගුලියක් භාවිතා කලවිට වේගයෙන් දිවියහැකි
බවට ලොකු පන්තිවල උන් පැවසීම නිසා දුවන්නට පැය භාගයකට පමණ පෙර සමනා ගුලියක් අනුමත කරගත්තේය. දැන් මීටර් 400 හතර සහාය දිවීමේ
තරඟය පැවැත්වීමට සූදානම්ය. ට්‍රැක් එක මීටර් 200 ක් නිසා වට දෙකක් දිවිය
යුතුය. සමනා පළමු වටය අනෙක් උන්ට සෑහෙන පරතරයක් තබාගෙන දිව්වේය. දෙවන වටය දිවගොස්
අතර මැදදී නතර වී මේකා ඇස්දෙක පිසිමින් සිටී. දැන් අනෙක් උන් සියල්ලෝම මේකාව
පසුකරමින් දුවයති. ටික වේලාවක් දෑස් පිසිමින් සිටි මේකා ට්‍රැක් එකෙන් ඉවත් විය.
හවුස් එකේ උන්ට මලෙනුත් මලය. මොකද බොල කෙරැවේ. ක්‍රීඩා උපදේශක සර් පැමිණ ගොරවයි.
මේකා හික්මීයා වගේ නිවාසය පිටුපසට ගොස් සිටී. මොකද බං උනේ. දැන් අපිටද ලොකු ප්රශ්නයකි.
අනේ බං මට පෙනුනේ පිට්ටනියේ හැම තැනම ට්‍රැක් ගහලා වගේ. ඒකයි මම නැවතිලා ඇස් දෙක
පිහලා බැලුවේ. ඉතින් කාට කියන්නද?.
තව දිනක් සමනා ගුලියක් ගිල ගෙදර ගොස් ඇඳේ
මුණින් අතට නිදාගෙන සිට ඇත. මහ රෑ එකපාරටම ඉක්මනට එන්ඩෝ. මම ඇඳ උස්සාගෙන ඉන්නේ
කියා මේකා මහ හයියෙන් බෙරිහන්දී ඇත. ගෙදර අයද බයවී දුවගෙන ගොස් බැලුවිට මේකා ඇඳේ
මුණින් අතට නිදාගෙන අත් දෙකෙන් ඇඳ වියල් දෙක අල්ලාගෙන සිටී. ගුලියේ මතට මූට දැනී
ඇත්තේ මූ ඇඳ උස්සාගෙන සිටිනා බවයි.
මේ වගේ ආතල් එකක් ඇරෙන්නට ඒ කාලයේ උන් ගුලි ගසා
අපරාධ කළ කථා නම් මා අසා නැත. මෑත කාලයේ නම් ගුලියක් මා කඩයකවත් දැක්කේ නැත.
එක අතකට එහෙම වෙන එකත් හොඳය. අද කාලේ එකාලට මේවා කෑ විට මොකකින් මොකක් වේදැයි
සිතාගැනීමට බැරිවීමත්, රටේ වෙන අපරාධවල හැටියට මදන මෝදකය උනත් පිලිවෙලට පාවිච්චි
කරන එකාලට ඇරෙන්න ඒකේ ආතල් එක නොදන්නා එකාලාගේ අතට ගියොත් ඒකේ ඇති හානිය වැඩි
වීමත් එයට හේතුය.
පට්ටා ආතල් යකෝ...
ReplyDelete--
උඹ ඔය අන්තිමේට කියලා තියෙන ටික නම් සහතික ඇත්ත. ඔව්වා දැනුත් තිබ්බා නම් මොකකින් මොකක් වෙයිද කියල හිතා ගන්න බැහැ
ඒක හරි. මම මීටත් වඩා හොඳ ටිකක් ලිව්වා අන්තිමට. පස්සේ ඒක සැර වැඩියි කියලා හිතුනා.
ReplyDeleteනියම කතා සැට් එක!
ReplyDeleteඅර ශ්‍රීමත් පේමදාස කාලේ සමහරු බල්ලන්ට නම දාගෙන තිබුණාලු ශ්‍රීමත් කියලා!
නායකයින්ව කන්නේ වටේ ඉන්න උන් කියන්නේ නිකං නෙමෙයි බං. ප්‍රේමදාස කියන්නේ රටට වැඩ කරපු මිනිහෙක්. හැබැයි මිනිහගේ දුර්වල තැන් දන්න අය ඒවගෙන් වාසි ගත්තා.
Deleteමේක නම් පට්ට . ගුලි හිංද වෙච්ච සීද්දි මතක් වෙද්දි තාම හිනා යනව අපෙ එකෙක් ඇඳේ නිදාගෙන පෙරලිලා පෙරලිලා ඇවිත් බිමට වැටෙනව තුන් හතර පාරක් වුනාම මොකද කියල අහද්දි ඌ කියනව බ්ත්තිය පැත්ත හෙන පාතයි ලු :D
ReplyDeleteමදන මෝදක වලට අත්තන ඇට දානව කියන්නෙ ඇත්තද?
මමත් අහලා තියෙනවා අත්තන ඇට දානවා කියලා. අත්තන කියන්නේ මානසික අවුල් ඇති කරන බේතක්. පිස්සු බල්ලො කාලා සිංහල බේත් කරනකොට බල්ලා කාපු තුවාලකාරයාව පිස්සු වට්ටන්න ගන්නේ අත්තන ඇට. ගුලි කාලත් පිස්සු කෙලින්නේ මේ නිසා වෙන්න ඕන.
Deleteබේත්කරනකොට පිස්සු වට්ටන්නත් ඕනැද?
Deleteඕකෙ ඔච්චරම ආතල් එකක් තියෙයිද බං?
ReplyDeleteදැනුත් ඕවා හොයාගන්න බැරි නෑ.
ආතල් එක කාලෙන් කාලෙට වෙනස් කසුනෝ. අපි කොල්ලො කාලේ අපිට වෙන ආතල් තිබුනේ හරි අඩුවෙන්. මේ වගේ එකක් තමයි ලොකුම ආතල් එක. මේකේ තිබුනේ ආතල් එක විතරක් නෙමෙයි කුතුහලය, පොරවීම, කට්ටිය එක්ක සෙට්වීම වගේ හුඟක් දේවල් මේවත් එක්ක බැඳිලා තිබුණා. දැනුත් ආයුර්වේද වෛද්‍යවරැ ලඟ තියෙනවා. දැන් මේවා ගන්න හිතෙන්නේ නෑ. ඒකයි මම කිව්වෙ ආතල් කාලෙන් කාලෙට වෙනස් කියලා.
Deleteබොහෝම රහයි ලිවිල්ල සලී
ReplyDeleteවල්ලා පට්ට...
බොහොම ස්තුතිය මාතලං. ගුරැතුමාගෙන් අගය කිරීමක් ලැබෙන එක හිතට ලොකු ධෛර්යක්.
Deleteහප්පට ගුලි තාම තියනව.....අපේ උන් මට එක සැරයක් දීල දවසම හිනාවෙවී හිටිය මතකයි...
ReplyDeleteවැඩේ මාට්ටු වෙන්නේ හුඟක් වෙලාවට හිනාව නිසා. හරියට පාවිච්චි කරනවානම් මේක ඇඟට ගුණ බෙහෙතක්.
Deleteඇතා දළ ඇන්න තැන පස් ගන්නෙ
ReplyDeleteපොඩි ඇත් දළ කෑල්ලක් (ලීයෙන් හදලද දන්නෙ නෑ) ගෙනිහින් පස් කණ්ඩියකට ඇනල
එතකොට අනින එකාද බං ඇතා.
Deleteමාත් දවසක් දෙකක් කාල තියනවා ඒකේ ඇති ආතල් එකක් නැ බං , හෙන අමාරුයි
ReplyDeleteසමහරැන්ට එහෙම වෙනවා. අරක්කු සිගරැට් ගඳ ඉවසන්න බැරි උනුත් ඉන්නේ.
Deleteඑදා ඉඳන් අටා ගුලි කන්නේ නෑ එළකිරි විතරමයි බොන්නේ කියල කියන්නේ :)
Deleteඑහෙනම් ඉතින් බාර්වල විකුනන්නේ එළකිරි වෙන්න ඇති
Deleteකීප සැරයක් කියෙව්වට කමෙන්ට් එකක් දාන්න අමතක වෙලානෙ බං. අසූ ගණන් වල මැද හරියෙ අපිත් ඔය බේත හොඳට පාවිච්චි කළා. වෙන මොකකටවත් නෙවෙයි හොඳට කන්න පුළුවන් වෙන නිසා.ගුළියක් කාපුවම හොඳ ගණන්. සිහි විකල් වෙන්නෙත් නෑ අපි කිව්වෙ මදයා කියල. හැබැයි පුතෝ ලිංගික කර්තව්‍යයට හොඳයි කිව්වට ඒක නං හරිය කියල ඔප්පු උනේ නෑ.
ReplyDeleteඅය්යා ඒ වැඩේට නම් මේකට වඩා හරියන්නේ සූස්තියක්.
ReplyDeleteලංකාවෙ නයිට් නාමයක් ලැබූ අයිටම් දෙකක් තිබිලා තියෙනවා එතකොට නේද? මරු කතා සෙට් එක.
ReplyDeleteදෙකට වැඩියි. තව ටිකක් හෙව්වොත් හරියටම දැනගන්න පුලුවන් කීයද කියලා.
ReplyDeletehttp://nelumyaya.com/?p=6354
ReplyDeleteහාස්‍ය රසයෙන් අනූන ලිපියක්. මත් ද්‍රව්‍ය භාවිතයේදී, අතීතයේදී පැවති විවිධ නම් රාශියක්, මතකයට ආවා. ඔය මදන මෝදක ඔක්කොම, ගංජා හෝ අබිං මිශ්‍ර උත්තේජක.
ReplyDeleteපුංචි අඩුපාඩු කීපයක් පෙන්වා දෙන්නත් කැමතියි. බ්‍රිතාන්‍ය රජයෙන් දෙන්නේ, ශ්‍රීමත් කියන නම නෙවෙයිනේ. Sir කියන එකනේ. ඇත්තටම දෙන්නේ නයිට් පදවියක්. Knight. එය ලබාදෙන්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් වැසියන්ට, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල අයට, සහ බ්‍රිතාන්‍ය රජය විසින්, කාලීනව සිටින මහරජු/රැජින වෙත කරනු ලබන නිර්දේශ අනුවයි. ජෝන් කොතලාවල මහතාට සහ ඩී.බී.ජයතිලක මහතාට නයිට් පදවි ලැබුනේ, එවකට, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබුණු නිසා.
http://mentalfloss.com/article/21056/how-does-one-become-knight
https://en.wikipedia.org/wiki/Knight
http://www.churchill-society-london.org.uk/HnrSystm.html
ඒ සමගම මතක් කරන්න කැමතියි, ලිපිය යතුරු ලියනය කිරීමේදී රැයන්න සහ රුයන්න වරදවා යොදා තිබෙන බව.
//මැණිකාගේ අය්යා උපාලි නීල් ආම්ස්ට්‍රෝන්ග් සංගමයේ සාමාජිකත්වය ලබා// වැනි වාක්‍ය ඛණ්ඩ වලදී, විරාම ලක්ෂණ ගැනත් සැලකිලිමත් වන්න.
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. තවමත් බ්ලොග් කලාවට ආධුනික මට්ටමේ බැවින් අඩුපාඩු පෙන්වාදී ඉදිරියට යාමට මගපෙන්වීම ඉතාමත් අගයකොට සළකමි. ඉස්කෝල පොත ෆොන්ට් එක නුහුරැ බැවින් මුලදී රු සොයාගත නොහැකි විය. දැන් එය ඉගෙනගෙන ඇත. එවා ඇති වෙබ් අඩවි බලා දැනුමට අවශ්‍ය කරැණු එකතුකර ගනිමි.
Deleteඔබේ නිහතමානීකම බෙහෙවින් අගය කරනවා. සමහර අය මෙවැනි අඩුපාඩු පෙන්වා දුන්නම වියරු වැටී අපහාස කරනවා. දිගටම ලියන්න. වැරදි වැරදී ලියන්න. කොහොමහරි ලියන එක අත්හරින්න එපා. ලියන්න අමාරු වචන හෝ එවැනි ගැටළු ඊ මේල් මගින් අහන්න. හැකි සෑම උපකාරයක්ම කරන්නම්.
Deletewmjgslsr@gmail.com
බොහොමත්ම ස්තුතියි
Deleteඅඩේ.. අද බුකියෙ කෙන්ජියා දාපු කෑල්ලක් බලලා ආවෙ.මෙච්චර කල් මිස් වෙලා තිබ්බ්නෙ ..
ReplyDeleteදැං තියෙන්නෙ 'සෙවණගල'.රුපියල් හැත්තෑපහයි.
දවසක් ආතල් ඩබල් කරගන්න දෙකක් එක පිට කාල ඔය වගේම වතුරවලක් ලඟ නැවතිලා උන්නා.එකෙක් ගස්ලබ්බගෙ සුලැඟිල්ලෙන් අල්ලගෙන කිව්වා 'මචං මම හයියට අල්ලගෙන ඉන්නෙ,බය නැතුව යං' කියලා. කිලෝමීටරයක් විතර ඇවිදන් ගියා අවුලක් නැතුව.හැබැයි ඇඟිල්ල අතෑරුන ගමන් කොල්ල නවතිනවා.. හම්මේ...
එල..
ජයවේවා..!!
ගස් ලබ්බා කරලා තියෙන දේවල්වල හැටියට තවම ජීවතුන් අතර ඉන්න එකත් ලොකු දෙයක් වගේ මට පේන්නෙ.
Deleteඅම්බෝ!!! කැම්පුස් ඉන්න කාලේ ජාතික ආහාරයක්! වෙච්චි කෙරිච්චි දේවල් නම් කියලා වැඩක් නෑ. එක සැරයක් අපේ උන් සෙට් එක ට්‍රිප් එකක් ගිහිං කරපු ගිනිමැලේ මෙහෙයවන්න තිබ්බේ මට. ඒ අස්සේ මට එකෙක් ගුලියක් කවලානේ... අපි දන්නෙම නෑ! ;) මල් හතයි ගස් දෙකයි! කොහොම හරි අපේ උන් පහුවදා අපේ උන් මාව හොයාගෙන තිබ්බේ පන්සලක් ඉස්සරහා ඉඳගෙන ඉද්දි!
ReplyDeleteනාඩියා මොන කැම්පස් එකේද. එහෙම ඇහුවෙ අපේ අයගෙත් ට්‍රිප් ගියාම අනිවා අංගයක් ගිනි මැලේ.
Delete"ගඳක් සුවඳක් නැති නිසාත් " සිංහල බෙහෙත් බඩු කඩවල් වලින් එන සුවද කට්න් ආවෙ නැද්ද?
ReplyDeleteඒවාට පොඩි පොඩි විකල්ප තිබුණා
Delete