Monday, October 24, 2016

කසිප්පු



මගේ මල්ලී වාසය කරන්නේ විදේශ රටකය. වසර කිහිපයකට වරක් ලංකාවට එන මේකා අත එහෙ සිටිනා උන් තමන්ගේ ගෙවල්වල සිටිනා ඈයොන්ට ලබාදීමට කුඩා තෑගි එවනා අතර ආපසු එනවිට රැගෙන ඒමට අවශ්‍ය බඩු භාණ්ඩද ලියා එවයි. මේවා බොහෝ විට තමන් කැමති කඩයක ඇති කොත්තු රොටී, ෆ්‍රයිඩ් රයිස්, රස කැවිලි වැනිදේය. ආපසු යන දිනය ආසන්නයේ නිවසට එන ඥාති හිතමිත්‍රාදීන්  තමන්ගේ දරුවාට හෝ ඥාතියාට රැගෙන යාමට අවශ්‍ය දේ ගෙනවිත් දෙනු ලබයි.  කොත්තු හෝ ෆ්‍රයිඩ් රයිස් අධි ශීතකරණයක දිනක් දෙකක් තබා හරියටම ගුවන් තොටුපලට පිටත්වන වේලාවට බෑගයට දමා ගන්නා අතර ගුවන් යානයේ ඇති වායු සමීකරණය නිසා එහාට යනතෙක් කිසිදු ආපදාවක් සිදුනොවේ. එහෙදී පොඩ්ඩක් රත්කරගත් පසු ඔරිජිනල් තත්වයෙන් මේවා රස විඳිය හැකිය.

දිනක් මේ ආකාරයට මල්ලී පිටව යන විට මමද ගුවන්තොටුපලට පැමිණියෙමි. මගේ මිතුරෙකු වූ ආරක්ෂක නිලධාරියෙකුට කථාකර මල්ලීව පිටත්කල නමුත් රේගු නිළධාරීන් මල්ලීව පරීක්ෂා කරනාවිට කුමක් හෝ අවුලක් සිදුවී ඇති බව මට දැනෙන්නට විය. දැන් සෑහෙන වේලාවක් තිස්සේ මල්ලීව රඳවාගෙන සිටී. බැරිමතැන මගේ හිතවත් රේගු මිතුරෙකුට කථාකර ඔහුව එම ස්ථානයට පිටත් කළෙමි. සිදුව ඇත්තේ එහෙ සිටිනා  බෙබේ කෙනෙකු දංකොටුව ස්පෙෂල් බෝතල් දෙකක් ගෙන එන ලෙස දන්වා තිබීම නිසා මල්ලී බෑගයේ අඩියේම සඟවා කසිප්පු බෝතල් දෙකක් ගෙනයාමට උත්සාහ කිරීමයි. මගේ මිතුරු රේගු නිලධාරියා වැඩේ ගොඩින් බේරා දුන්නේය.  කසිප්පුවල රසඥතාව ඒ වගේය. කසිප්පු බොන්නට පුරුදුවූ එකාට ස්කොච් විස්කි, චිවාස් රීගල්, වොඩ්කා දුන්නත් වැඩක් නැත. ඒකා ඇමරිකාවට, එංගලන්තයට ගියද උණකාරයා වතුර හොයනවා වාගේ ඒකා හොයන්නේම කසිප්පුමය.

කසිප්පුවලට  සොඳුරු නාමයන් ගොඩකි. සීනි කරිඤ්ඤං, අගල් ෆැන්ටා, වෙල් ෆැන්ටා, කචල් ෆැන්ටා, කටුකම්බි, යකඩ මරං, ඇති හිටියා, චකබ්ලාස්, හිටපං මචං, සුදිය, ඇරපං මචං යනු කසිප්පු හෝ කසිප්පුවලට සමීප ඥාතීත්වයක් ඇති නිෂ්පාදනයන්ට කියනා නම්ය. 

මුල් කාලයේදී නම් තනි පොල් රා වලින් නිපදවුවද පසුව සීනි ද කසිප්පු පෙරීමට භාවිතා කරනු ලැබීය. අමතර වශයෙන් ස්වේච්ඡාවෙන් හැලියට එබෙන ගැරඩින්, කැරපොත්තන්, ගෙම්බන්, කටුස්සන්, පත්තෑයන්, මීයන්, වවුලන්, ලේනුන් වැනි සතුන්ගේ සාරයද යීස්ට්, සිමෙන්ති, කටුකම්බි, යූරියා, මදුරු කොයිල් වැනි රසකාරක සමගින් ද එක්ව කසිප්පු නම් ප්‍රනීත පානය සෑදෙන්නේය. මුලදී කසිප්පු පෙරීමට දර භාවිතා කලද පසුකාලීනව මේ සඳහා ගෑස් භාවිතා කිරීමට තරම් කසිප්පු නිෂ්පාදන තාක්ෂණය දියුණු විය. එසේම ඒ කාලයේ කැලේ අකුලක සැඟවූ කසිප්පු බූලිය වෙනුවට ටැප් එකෙන් කසිප්පු ලබාගැනීමට තරම් තාක්ෂණයක් දැන් මෙයට භාවිතා කරනු ලැබේ. මල් මල්ලීද කොල්ලා කාලේ මේ කාර්යයට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට වරක් දෙකක් සම්මාදන්වී ඇත. හැබැයි ඒ කසිප්පු බොන්නට නොව මේක වෙනහැටි බලාගන්නටය. සීනි ඇදීම, වතුර ඇදීම, වඩියට ගින්දර දැමීම ඒ කාලයේ මල් මල්ලීට පැවරී තිබූ රාජකාරීය.

පෙර කල නම් ගම්වල මගුල්, අවමගුල්, කොටහලු මගුල්, දානේ ගෙවල්, කුඹුරු වැඩ වැනි අවස්ථාවල මුල් තැන ගත්තේ කසිප්පුය. පසුකාලීනව ගමට බාර් එකක් යන දේශපාලන සංකල්පය ක්‍රියාත්මකවීම නිසා අවමගුලේදී සහ අවශේෂ තැන්වලදී කසිප්පු පෙරට පැමිණියද  විවාහ මංගල්ල්‍ය උත්සවවලදී නම් කසිප්පු ආවේ ගල් අරක්කුවලින් පසුව ඇතිවන අඩුව පුරවන්නටය. 

අපේ ගමේ කසිප්පු විකිණූ ප්‍රධාන තැනැත්තා වූයේ කරුණේ මාමාය. කරුණේ මාමා කිව්වාට බිස්නස් එක රන් කලේ කරුණේ මාමාගේ බිරිඳය. කරුණේ මාමා සමග නැන්දා සැමදාම පැටලෙන කාරණයක් වූයේ සඟවා ඇති තැනකින් කසිප්පු බූලිය ගෙන එන ලෙස පැවසූ විට කරුණේ මාමා කටේ තියාගෙනම එයින් කොටසක් පානයකර පැමිණීමය. මේකට හැමදාම වලිය. හැබැයි කරුණේ මාමාගේ වයිපරේගේ කට ඇරපුවාම කරුනේ මාමගේ ඇපයත් රාජසන්තකේය.  කසිප්පු අශෝක වීදුරුවකින් එකක් රුපියල් පහක් වූ අතර කසිප්පු බෝතලයක් රුපියල් 35 ක් විය. සෑම වසරකම අවසානයේ කරුණේ නැන්දා විසින් තමන්ගේ හොඳම පාරිභෝගිකයන්ට නොමිලේ කසිප්පු සමග දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීම සම්ප්‍රදායක් විය. අපේ තාත්තාද මේ සංග්‍රහයේ ඉහලින්ම නම සඳහන් චරිතයකි. 

කසිප්පු අල්ලන්ට පොලිසියෙන් පැනීම කුඩා අපට නම් මහත් විනෝදයක් ගෙනදුන් අවස්ථාවක් විය.   ඒ වේලාවට කසිප්පු ලෝලීන් ඔලිම්පික් ධාවන ශූරයින්ගේ වාර්තා බිඳ හෙලමින් ධාවනයේ යෙදෙනු දැකිය හැකිය. හොඳ පුහුණුවක් ලබාදුන්නේ නම් සුවේන්දරන්, විජා බාස්, හේරත් බණ්ඩා, ජඹුට සේන, මහතුවා, උස පේමේ වැනි අය ජාත්‍යන්තර මට්ටමට වුවත් ගෙනයා හැකිව තිබු ධාවන ශූරයින්ය.  සමහර අවස්ථාවල පොලිසිය කියා වෙනත් අයට බියවී පැනදිවූ අවස්ථාද විය. මේ ආකාරයට රැවටුනේ සැන්ටිපෝට් මහතාට (මහජන සෞඛ්‍ය පරීක්ෂක) හෝ පියුන්  හෙවත් ලියුම් බෙදන්නාටය. සමහර විට ලියුම් බෙදන්නාද පැමිණ ඇත්තේ ෂොට් එකක් දමාගැනීමටය.

පිරිමින්ට අමතරව කසිප්පු බීමට හුරුවූ කාන්තාවන්ද අපේ ගම්වල විය. මරිහාමි කිරි අම්මා එයින් එක් තැනැත්තියකි. මේ ගැන කිසිවක් නොදන්නා අපේ අම්මාගෙන් සෑම ඉරිදා දිනකම පැමිණ කුමක් හෝ කාරණයක් කියා මුදල් ඉල්ලාගෙන ගොස් කරුණේ මාමලාගේ කසිප්පු තිප්පොලෙන් කසිප්පු බීම මරිහාමි කිරිඅම්මාගේ සිරිත විය. අම්මා මේ ගැන දැනගත් පසු මුදල් නොදී හාල් හෝ වෙනත් දෙයක් ලබාදුන්නද ඇය ඒ ටිකද රැගෙන ගොස් කරුණේ මාමාලාගේ නිවසට දී එය අරක්කුවලට හුවමාරුකරගනී.

මිනිසුන් පමණක් නොව සතුන්ද කසිප්පු බීමට ඇබ්බැහි කරවූ අවස්ථා තිබුණි. අප්පුහාමි මාමාට සිටි හරකුන් දෙදෙනා කොච්චර කුඹුරු හෑවත් උන්ට වගේ වගක් නැත. අපි කිව්වේ අප්පුවා වගේමයි උගේ හරකුත් කියාය. පසුව අපි දැනගත්තේ අප්පුහාමි මාමා වැඩ ආරම්භ කරන්නේ හරක් දෙදෙනාට කසිප්පු බෝතලය බැගින් පෙවීමෙන් පසුව බවය. බෝතලය කටේ ගැසූවිට මෙම හරකුන් බෝතලෙන් කිරි බොන්නා සේ කසිප්පු බොයි. ඉන්පසු යක්කු බැඳගත්තා මෙන් කුඹුරු හායි.

විකිණීමට නොව තමන්ගේ පරිභෝජනයට කසිප්පු ටිකක් පෙරා ගත් අයත් අපේ ගම්වල සිටියහ. මේවා බොහෝ විට පළතුරු අරක්කු හෝ වෙනිවැල් අරක්කු විය. වෙනිවැල් අරක්කු තරමක් කහ පැහැයක් ගන්නා අතර පොඩි තිත්ත රසකින් යුක්තය. පළතුරු අරක්කුවලින් සියුම් පළතුරු සුවඳක් වහනය වෙයි. කසිප්පු බොන එකාලට බයිට් ගන්නට තරම් වත්කමක් නැතිය. කසිප්පු බීමෙන් පසුව බොහෝ විට කුරුම්බැට්ටියක්, පේර කොලයක් මේ අයගේ බයිට් එක වේ. කරුණේ මාමලාගේ නිවස ඉදිරිපිට පේර ගසේ කිසි දිනක පේර කොල වැඩි නොවුනේත්, ගෙදරට යන පාර දෙපසේ කුරුම්බැට්ටියක් සොයා ගැනීම අපහසු උනේත් මේ හේතුව නිසාය.

පොඩි අත්තා අපේ ගමේ විසූ කසිප්පු බීමට මල පෙරේත චරිතයකි. කසිප්පු ටිකක් දෙන්නේ නම් උන්දෑ ලවා ඕනෑම දහජරා වැඩක් කරවාගත හැකිය. කමතේ කොල පාගන දිනයට කසිප්පු බෝතල් කිහිපයක් ගෙනැවිත් කමතට එහා ඇති කැලෑ රොදේ සඟවා වරින්වර එකිනෙකා ගොස් අනුමතවී පැමිණීම සිරිතය. කසිප්පු කිසි විටක කමතට නොගෙනේනේ ගොවිතැනට කරනා ගෞරවයක් වශයෙනි. පොඩි අත්තාගේ කසිප්පු ලෝලීත්වය අපේ ගමේ සියලු දෙනා දනී.

දිනක් මේ ආකාරයට කමතේ වැඩ කරනාවිට පොඩි අත්තා පැමිණ වටේ කැරකෙන්නට විය. “කොල්ලෝ නැද්ද මොකුත්“ කටේ කෙල පෙරමින් පොඩි අත්තා අසයි. “අන්න අතන තියෙනවා. හැබැයි ඔක්කොම බොන්න එපා මටත් ටිකක් තියලා බීපන්“ යැයි බාප්පා පැවසීය. පොඩි අත්තාද ටික වේලාවකින් තුන් ලෝකෙට අග රජෙකුවී පැමිණෙන විට බාප්පා “කොහොමද. බඩු හොඳද“ කියා ඇසුවේය. “පොඩි අමිරහක් නම් ආව කොල්ලෝ. ඒ උනාට හොඳ සැර“ තුහ් කියා බිමට කෙල පාරවල් දෙක තුනක් ගසා පොඩි අත්තා ටික වේලාවක් කමතේ රැඳී සිට ඊලඟ කමතට ගෑටුවේය. පොඩි අත්තා ගියපසු කට්ටියට බඩවල් අල්ලාගෙන සිනාය. බාප්පා කලින්ම ගව මුත්‍රා කලවම් කල කසිප්පු බෝතලයක් සඟවා තබා ඇත්තේ පොඩි අත්තාගේ කසිප්පු මලපෙරේතකමට පාඩමක් ඉගැන්වීටය. පොඩි අමිරහක් ආවා යැයි කීවේ ගවමුත්‍රා නිසාය. මේ කථාව දැනගැනීමෙන් පසුව පොඩි අත්තා බාප්පා සමග සෑහෙන රණ්ඩුවකටද පැටලුනි.

කසිප්පු නිසා අපේ පැත්තේ වසන්නට බැරි කරුණක් බවට පත්ව තිබුණේ ලිඳක්වත් කැපීමට නොහැකිවීමයි. අඩුම තරමේ ලිඳක් සුද්ධ කිරීමටවත් නොහැකි විය. කසිප්පු පෙරා ඉතිරිවන ගෝඩා පොලවට හැලීම නිසා පොලව අභ්‍යන්තරයේ විවිධ විෂ වායූ නිපදවී ලිඳක් හාරන අවස්ථාවල එම වායු ආග්‍රහණයවීම නිසා ලිඳ ඇතුලේ මිනිසුන් තුන් හතර දෙනා මිය ගිය අවස්ථා තිබුණි.

කසිප්පු නීති විරෝධී වුවද, කොතරම් හානිකර උවද දැන් එය සමාජයේ එක් ස්ථරයකට නැතිවම බැරි දෙයකි. කසිප්පු වලින් රජයට ආදායමක් ලැබෙන්නේ නම් ඒ කසිප්පු ඇල්ලූවිට උසාවියෙන් නියමකරනා දඩය පමණි. ප්‍රමිතියක් නැති කසිප්පු වෙනුවෙන් රජයද සමාජයද දරනා වියදම ඊට වඩා වැඩි අගයක් ගනී.

අපේ රටේත් කසිප්පු කියා වපරැහින් බලන්නේ නැතිව මේවා නිෂ්පාදනයට සහ අළෙවියට බලපත් ලබාදී දියුණු කලොත් ප්‍රමිතියක් නැතිව හදන කසිප්පු වලටත් ප්‍රමිතියක් එනවාය. එවිට ඒවා පෙරන්නට සහ විකුණන්නට හැකි වන්නේ බලපත් ඇති අයට විතරය. එවිට කසිප්පු වලින් සිදුවන හානියත් තිබෙනවාට වඩා  අඩු වෙනවාය. කසිප්පු නියාමනයට ආයතන ඇති කිරීමෙන් රජයේ රැකියාද වැඩිකල හැකිය. අපනයනාභිමුඛ කර්මාන්තයක් වශයෙන් ආරම්භ කලොත් ඉන්දියා මාර්කට් එක අල්ලා ගත්තත් ඇතිය. එවිට අඩුම තරමේ මධ්‍ය පරිමාණ කර්මාන්තද, ස්වයං රැකියා ද ඇති වෙනවාය. අපේ උන්ගේ රැකියා ප්‍රශ්නයත් විසඳෙනවාය. දේශීය අමුද්‍රව්‍යවලටද ඉල්ලුම වැඩිවෙනවාය. පොල් කර්මාන්තය දියුණු වෙනවාය. පසුව නිෂ්පාදන විවිධාංගීකරණය කළහැකිය. එනම් තල් රා වලින්ද, උක් දන්ඩෙන් ද කසිප්පු  නිපදවීම වර්ධනයකළ හැකිය. අපේ රටේ ගස් යට වැටී අපතේ යන අඹ, වරකා, කෙසෙල්, පැපොල් වැනි පළතුරු වලින් පළතුරු කසිප්පුද,  නව නිෂ්පාදනයක් ලෙස දඹුල්ලේ විකුණාගත නොහැකිව අලින්ට කන්නටදාන  එලවලු වලින් එලවලු කසිප්පුද, විකුණාගත නොහැකිව විනාශවී අපතේයන දෙහි, ඇඹුල් දොඩම් වලින් ලෙමන් ජින්වලට ආදේශකයක් ලෙස ලෙමන් කසිප්පුද නිෂ්පාදනය කල හැකිය. වී නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් සකේ වැනි මත්පැන් නිපදවීමට ලබාදීමෙන් වී මිල ස්ථාවර තත්වයක පවත්වාගත හැකිය. දැනට අපතේ යන පොල් වතුර ටිකද මේ සඳහා යොදාගත හැකිය. ඒ සඳහා විශාල පොල්වතු පවතින පොල් ත්‍රිකෝනයේ ස්ථාන කිහිපයක කර්මාන්තශාලා කිහිපයකට බලපත් ලබාදීම ප්‍රමාණවත්ය. එවිට දැනට කසිප්පු දඩවලින් ලැබෙන ආදායම මෙන් කිහිප ගුණයක් කසිප්පු බදු වලින් රජයට ලබාගත හැකිය. ඕනානම් එට්කා හරහා ඉන්දියාවෙන් මෙහාට එන උන්ටත් කසිප්පු පුරුදුකර ඉන්දියන් කාරයින්ට දෙන පඩියෙන් බාගයක්ම ආපහු අපේ රටේ ඉතිරිකරගත හැකිය.

කසිප්පු මගින් දේශීය ව්‍යාපාරික පන්තියක් බිහිකිරීමෙන් ලැබෙනා ප්‍රාග්ධනය පසුකාලීනව වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කරන්නට පෙළඹවිය හැකිය. මේ අස්සේ ඕනෑනම් දේශපාලන ගේම් එකකුත් ගසා තමන්ගේ උන්ට කසිප්පු පෙරන්නට බලපත් ටිකක් දෙන්නටද පුලුවන. හැබැයි මේවා ගමේ වෙල කෙලවරේ කරන්නට බැරිය. එතකොට ගමේ හාමුදුරුවන්ගෙන්, ප්‍රජා සංවර්ධන සමිතිවලින්, කුලඟන සමිතිවලින් එකසිය ගානට කේස්ය. ඒ නිසා කසිප්පුවලටම කර්මාන්තපුරයක් දෙකක් ආරම්භ කර ඒවායේ ඉඩම්ද රජයට ආදායමක් ලැබෙන ලෙස බදුදිය හැකිය. මේ වගේ දේවල් කෙරුවොත් රජයටත්, රටටත් ජනතාවටත් වාසිය. පරිසරයටත් හොඳය. නොකෙරුවොත් වෙන්නේ රජයට ලැබෙන ආදායම අහිමිවීමය. අපේ උන් මෙලෝ ප්‍රමිතියක් නැතිව පෙරනා කසිප්පු ගසා රටේ නැති ලෙඩ හදා ගැනීමය. පරිසරය දූෂණයවීමය. දියුණු කලහැකි කර්මාන්තයකට දඩ ගසමින් අධෛර්යමත් කිරීම නිසා කලක් ගතවනවිට එය අභාවයට යාමට සැලැස්වීමය.

රුසියාවේ වොඩ්කා, එංගලන්තයේ වීස්කි, අමෙරිකාවේ බර්බන්, ජපානයේ සකේ, මෙක්සිකෝවේ ටිකිලා මේ ආකාරයට ග්‍රාමීය මට්ටමේ මත්පැන් නිෂ්පාදනය  දියුණුවීම නිසා දැන් විදේශවලටත් යවනා මත්පැන් වර්ගයන්ය. දැන් ඒවාට ජාත්‍යන්තර ප්‍රමිතියක්ද තිබෙන්නේය. ඒ රටවලට ඉහල බදු ආදායමක්ද, විදේශ විනිමයක්ද ලැබෙන්නේය.

මීට අවුරුදු 25 ට ඉහත කොහුමෝල් වලින් ඉවතලන කොහුබත්වලට කිසිදු ඉල්ලුමක් නොවීය. එකල කොහුබත්  මිනිසුන්ට කරදරයක් විය. විශාල කොහුබත් කඳු කොහුමෝල් අසලවිය. මෝල් හිමියන් විශාල වතු හිමියන්ගෙන් අසා කොහුබත් පොල්වතුවලට ගෙනැවිත් දැමුවෝය. කොහුබත් කඳු නිසා ජලය දූෂණය විය. බැරිමතැන  කොහුබත්  පුලුස්සා දැමීය. ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ ඒවා අපනයන කිරීම ආරම්භ කිරීම නිසා දැන් කොහුබත් ට්‍රැක්ටරයක් ගමේ මිනිහාටවත් ගන්නට බැරිය. කොහුබත්වලට විදේශ රටවලින් එන ඉල්ලුම සපුරාලීමටත් දැන් අපට බැරිය. ගමට කරදරයක් වී ඇති කසිප්පුද මේ ආකාරයට ගමට සම්පතක් බවට පත්කරගත හැකිය.

54 comments:

  1. මුල්ල පටස් එකක් ගහලම කල්පනා කරල බලන්න ඕන ප්‍රශ්නයක් මේක :D

    ReplyDelete
    Replies
    1. හා එහෙනම් එකක් ඇදලා ඇවිත්ම කියහන් මොකක්ද මේකට කරන්නේ කියලා.

      Delete
  2. අද ගල් අරක්කු බෝතලේකින් රුපියල් 800 ක් විතර ආණ්ඩුවට යනවා. කසිප්පු නීති ගත කලත් බදු ගැහුවොත් ඒක ඒ මට්ටමේ අයට ගන්න බැහැ. බෝතලයකට අඩු බද්දක් ගහලා ඒක නිෂ්පාදනය සමාගම් වලට දුන්නොත් එතකොට කොලිටි එක වැඩි වෙලා ආණ්ඩුවට ලොකු බදු එන අරක්කු වල විකිණීම බහිනවා. පොඩි අයටම හදන්න අවසර දුන්නොත් බදු ගෙවන එක සුවර් නැහැ. එක දෙයක් කරන්න පුළුවන්. ගල් බෝතලයක් රුපියල් 200 කට වගේ දෙන්න බදු අඩුකරන එක. එතකොට ඒකට හාමුදුරුගොල්ලො විරුද්ධ වෙනවා. ඕක ගෙදරගියොත් අඹු නසී......... වගේ කථාවක්.

    ReplyDelete
    Replies
    1. මල කෙලියක් තමයි මේක. පොඩි මිනිහට සාධාරණ මිලකට යමක් ගන්නම බැරි වෙනවා. තමන් දන්න කර්මාන්තයක් සාධාරණ විදිහට කරලා දියුණු වෙන්නත් බැරි වෙනවා.

      Delete
    2. බුද්ධාගමටත් එහෙනම් අද දවසේ ආණ්ඩුවේ සුරාබදු පිහිට තමයි.

      Delete
    3. මේක ලංකාව නිසා මේ කපේදි නොවෙන යෝජනාවක් මෙන්න:

      රුසියන් කසියා, ජපන් කසියා අද ප්‍රසිද්ධ මත්පැන් වර්ග ලෙස ජාත්‍යන්තර ආදායමක් උපයනවා නම්, මල් මල්ලිගෙ කසියා ව්‍යාපාරය නැංවීම නොකලහැකි දෙයක් ලෙස මා දකින්නේ නෑ. ඉයන් කියා ඇති ලෙස , ප්‍රශ්ණය ඇත්තේ රජයේ සහ සමාජයේ.

      රජයට ඕනෙ බදු, කසියා ගහලා රටෙන් බාගයක් මලත් උන්ට කමක් නෑ, ඇයි පාලක පන්තිය බොන්නෙ විස්කි නිසා.

      මට නං හිතෙන්නෙ, කසිප්පු ව්‍යාපාරය, ගනිකා වෘත්තිය සහ පාතාලය කියන දේවල් නොදැක්කා සේ මේ සමාජක්‍රමයෙන්/ මේ දේශපාලන ක්‍රමයෙන් පවත්වාගෙන යන දේවල්. ඒවා නැති කරන්න, ඒ මගින් වන සමාජ හානිය අවම කරන්න කාටවත් වුවමනාවක් නෑ.

      උදාහරණයක් විදිහට, නැති එකාට සැමවිටම "කොක්ක" ගැසීමට සැදී පැහැදී සිටින අපේ ජේවීපී "සහෝදරවරු" පවා, පාතාලයට නිජබිම වෙච්ච කොළඹ මුඩුක්කු ජනතාව ප්‍රතික්ෂේප කරනවා. " ලුම්පන් පන්තිය" කියලා ලස්සන , බරපතල නමක් දැම්මාට ඒ තිත්ත ඇත්ත වෙනස් වෙන්නේ නෑ.

      මොන හේතුවක් නිසා හෝ කොළඹ මුඩුක්කු වලට යමක් කරන්න ඉදිරිපත් වුනේ ගෝථා විතරයි, ඒත් සමහරු කියන්නෙ ඒ ඉඩම් ටිකට විදින්න කියලයි

      Delete
    4. රටවල් පාලනය කරන්න ඕන ලෝකේ දැකපු මිනිස්සු. දාස් කැපිටාල් කියවීම, තියරි කඩපාඩම් කිරීම, ශිෂ්‍ය ව්‍යාපාරයට හෝ වෘත්තීය සමිතිවලට නායකත්වයදීම රටක් පාලනය කරන්න අවශ්‍ය ප්‍රධාන සුදුසුකම් නෙවෙයි. අපේ රටට නායකයෝ හිටියට ජාතික නායකත්වයට සුදුසු අය අඩුයි. මේ රටේ අනාගත නායකත්වයට ගෝඨාභය මහතා වැනි අයෙකු පත්වීම සුදුසු බව මගේත් ප්‍රාර්ථනයයි.

      Delete
    5. //අද ගල් අරක්කු බෝතලේකින් රුපියල් 800 ක් විතර ආණ්ඩුවට යනවා// සීවරං දෙයියනේ රට කොරවන උන්ට හෙන හතක් වදින්ඩ එපැය

      Delete
    6. දැං අටසීයත් පැනල ඇති සීවරං දෙයියනේ මුන්ට හෙන හත වදින්ඩ එපැය

      Delete
  3. මල් මල්ලි උඹ කියවන්න හිතෙන විදිහට ලියනවා. ඒක අගේ කරනවා.

    මහවැව, මාරවිල පැත්තේ ඔය පලතුරු, නෙල්ලි, වෙනිවැල් කසිප්පු සීන් එක හෝම් මේඩ් සිස්ටම් එකට ගියා ඉස්සර. මම එහේ ගියාම කසිප්පුම තමයි ගහන්නේ.

    අපේ තාත්තගේ ගමේ හිටියා කෝරලේ කියලා බුවෙක්. පෝලියෝ රෝගය නිසා පස්ස පැත්තෙන් තමයි ගමන් කරන්නේ. කසිප්පු සිල්ලරට විකුනුවා. මල ගෙයක් එහෙම වුනාම හත් දවසේ දානේ දෙනකම් කෝරලේ ඒ ගේ කිට්ටුව තමයි ඉන්නේ. බූලිය පඳුරක ගහලා...මොබයිල් බාර් එකක් අරිනවා. අපේ තාත්තලා, මාමලා පොරගේ ඉස්සර සාමාජිකයෝ.

    මල් මල්ලි මේ ඉයන්ගේ පෝස්ට් එකට අදාලවද ලියුවේ. මටත් හිතෙනවා බං කසිප්පු බිස්නස් එකක් පටන් ගන්න. මම දන්න සුද්දෙක් ඉන්නවා. පොර ඇල්කොහොලික්. සයිඩර් පෙරාගෙන බොන්නේ.

    ReplyDelete
    Replies
    1. මාරවිල පැත්තෙ පෙරන බඩු ගැන මම මේ ළඟදිත් මංජුල එක්ක කතා කළා. දවසක් R O P එකේ ඕමානියෙකුට බෝතලයක් ගෙනැත් දීල ඊට පස්සෙ උගෙන් බේරෙන්න බැරුව ගියා කියල මංජුල කිව්වා.

      Delete
    2. ඒවා මරු බඩු මචං....මම මහවැවට පෙම් කරන්නේ මංජුවා නිසා.

      Delete
    3. අයියේ, උඹේ පෙරන බිසිනොස් එකට මාවත් හවුල්කර ගනින්කෝ....

      Delete
    4. මල කෙලියයි ඉයන් මෙන්න කටිටිය දැන් ස්වයං රැකියාවට ලෑස්ති වෙනවා. තවම මේවට ලයිසන් දීලා නෑ. හොරෙන් පෙරලා පොලිසියෙන් අල්ලගෙන ගියොත් ඉයන්ටයි මටයි යන්න වෙන්නේ හොර සුරා පෙරීමට අනුබල දුන්නා කියලා.

      Delete
  4. පලතුරු බෝතලයක් වගේ රහයි බං. කසිප්පු එක්ක මගෙත් අත්දැකීම් රාශියක් තියෙනවා. වෙලාවක ලියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. දැන් හැලපයියා ඉන්න රටෙත් රට ඉඳි පානය එහෙම තියෙනවා ඇති නේද

      Delete
    2. බොලා හැලපයියට නොහොබිනා අයිඩියා දීල ඔය මනුස්සයව හිරේ ලග්ගවන්නද හදන්නෙ ?

      Delete
  5. දැන් වගෙ මහා පරිමාණට කසියා ව්‍යාපාර නොකරපු ඉස්සර, සයියා, සයිඩර් ඔව්වා පැහෙන්න පොඩි මුට්ටි වල දාලා වෙල් අයිනේ, පඳුරු අස්සේ හංගන සිරිතක් ගම්වල තිබුනා. එහෙම මුට්ටි හොයාගෙන ගිහිල්ලා බොන්න පුරුදුවෙච්ච බල්ලෙක් ගැන කතාවක් කොහෙදෝ කියෙව්වා.

    ගෙදර ආච්චි ලවන් දෙවක් නැතුව බනිනවලු මෙහෙම:

    " මේ වරෙත්තු, අවලං බල්ල අදත් බීලා ඇවිල්ලා නෙව?"

    ReplyDelete
    Replies
    1. ඒක නම් බල්ලා පිටින් දාලා ගෙදර කොල්ලට නැත්නම් මිනිහට කියපු කථාවක් වෙන්න ඕන

      Delete
  6. ලුණුවිල හිටපු මාස හතරේ වටේ පිටේ හොඳ කසී තියෙන තැන්වලට යන්ට හම්බ් උනා. සමහර ගෙවල් වලට ගියාම හිතාගන්න්ට වත් බෑ ඒ තැන්වල බඩු පෙරනවා කියලා. හැබැයි ඉස්තරම්ම ඒවා..එක එක ෆ්ලේවර්ස් වලින්, නෙල්ලි, අන්නාසි, අඹ... හම්මෙ ගහපු ගැහිල්ලක්.

    ReplyDelete
    Replies
    1. වාසනාවන් වාසනාවන්. පෙර පින තමයි
      මේවා ටික හරියට දියුණු කරලා පිට රට පැටෙව්වානම් නම් රටට සෑහෙන ආදායමක්.

      Delete
  7. ලංකාවේ කසිප්පු හරියට මාකට් කරන යෝජනාව නම් මල් හතයි.අපේ අම්මල අක්කලාව විකුණන් කන්නෙ නැතුව කසියා ටිකක්,මලක් වගේ රට යැව්ව නම් හෙණ ද හා?
    කොහොමත් ෆුඩ්සිටියෙ බාර් එකේ ගල් නැති උනායින් එලියෙ ගල් බෝතලේ දාල තියෙන්නෙත් කසිප්පුම තමා ගොඩක්ම.
    අර ජා ඇල පැත්තෙ එකෙක් පෙරල තිබුනෙ වැට්69,රෙඩ් ලේබල් එහෙමත්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ දක්ෂ උන්ගේ හැකියාවෙන් රටට වැඩක් ගන්න ඕන ගස් ලබ්බෝ. දැන් බලහං තණමල්විල පැත්තේ බලපත්‍ර ටිකක් දීලා මල් ටිකක් වවලා නීත්‍යානුකූලව අපනයනය කරන්න අවසර දුන්නා නම් ඒ පැත්ත කොච්චර දියුණු වෙනවද. හැමදාටම නෙවෙයි. අවුරැදු 10 ක් විතර ඒවා කරන්න දීලා ඊට පස්සේ ඒ හම්බ කරන සල්ලි වෙන බිස්නස් එකකට යොදවන්න කියනවා. අඩුම තරමේ මිනිස්සු ගෙයක් දොරක්වත් හදාගන්නවා.

      Delete
  8. අදහස මරු අකුරුතු ගැලපෙනව ඒ උනාට මේ ලංකාවනෙ.

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවට තමයි බං හිතෙන්නේ අපි එංගලන්තේ යටත් විජිතයක් වෙලාම තිබුණානම් හොඳයි කියලා.

      Delete
  9. /ඒ වේලාවට කසිප්පු ලෝලීන් ඔලිම්පික් ධාවන ශූරයින්ගේ වාර්තා බිඳ හෙලමින් ධාවනයේ යෙදෙනු දැකිය හැකිය./

    සහතික ඇත්ත බං. උඹේ කටේ දාන්ට වටිනව මුද්දරප්පලං වලිං පෙරපු කසියා අසෝක වීදුරු බාගයක්...හෙහ්,හෙහ්....කිව්වත් වාගෙ මුද්දරප්පලං කසියා තමයි කසියා ලොවේ අගරජු..අප්පට සෝරු. ඒක තමයි බීම.වීදුරුවට වක් කරපු ගමං බාගෙට බාගයක් වාස්ප වෙනව. ඒ හින්ද ඩබල් එකේ ගහන්ට ඕන. නැත්තං පාඩුයි.

    හරි අර ඔලිම්පික් ධාවන ශූර කතාවට එමු. ඒ කතාව නම් ඇත්තම ඇත්ත. නමසිය හැත්තැ ගණංවල අපේ හිටිය ඔලිම්පික් එහෙම ගිය ධාවකයෙක්. මිනිහගෙ තාත්ත කසිය බිස්නස් කලාලු. පොලිසියෙං පනිනකොට තාත්ත කියනවලු "බුදු පුතේ අරං දුවහං බූලිය" කියල. අපේ ධාවන ශූරයා ( ඒ කාලෙ අවුරුදු දොළහක් වගෙ පොඩි කොල්ල ) ආය මොනවද බූලිය කරට ගත්ත වැටවල්, වළ ගොඩැලි, කමත්, දෙණි, වතුපිටි, ඕවිටි, බඩ වැටි ඔව්ව දෙවනත් කරගෙන දුවන්නෙ. කිසි දවසක පොලිසියට මිනිහගෙ නැට්ටවත් අල්ලන්ට බැරිවෙලා. ඒ නිරන්තර පුහුණුව නොහොත් සතතාභ්‍යාසය හින්ද අන්තිමට මිනිහ ඔලිම්පික් හිටං ගිහිල්ලයි නැවතුනෙ...ඔන්න කණෝ පිණුං කිව්වලු.

    මල් …..උඹේ ලිවිල්ල නම් මල් හතයි...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. අර ධාවකයා සුනිල් ගුණවර්ධන වෙන්න ඇති.

      Delete
    2. මැරතන් කරු වෙන්න බැරිද

      Delete
    3. උසේන් බෝල්ට්ගේ තාත්තාත් ජැමෙයිකාවේ කසිප්පු පෙරනවායි කියන්නේ.

      Delete
    4. නම කියන එක හරි නෑනෙ. පොඩි උදව්වක් කරන්නං හැබැයි. දිගු දුර ධාවකයෙක්...:)

      Delete
    5. අරුණ,

      /උසේන් බෝල්ට්ගේ තාත්තාත් ජැමෙයිකාවේ කසිප්පු පෙරනවායි කියන්නේ./

      උඹ නිකමට කිව්ව උනත් කතාව ඇත්ත. ඔය බෝල්ටිය මුලිම්ම ජැමෙයිකාවෙ නැෂනල් මීට්වල එහෙම දුවනකොට ස්ටාටිං ලයින් එක පිටිපස්සෙ ඉඳල මහ බෝල්ටිය රේස් එක පටන්ගන්න කොටම කෑගහනවලු "Run my son run, Cops are coming" කියල. ආය මොනවද දුවන අනික් එවුං ස්ටාටිං බ්ලොක් එකෙන් නැඟිටිනකොට බෝල්ට් ගොයිය මීටර් සීයත් දුවල ඕටොග්‍රාෆ් හත අටක් අස්සං කරලත් ඉවරයි.

      මුලින් මුලින්ම වතුර පුරවපු බූලියකුත් කරේ තියාගෙනයි දිව්වෙ කියලත් මම ඔය කොහෙද දැක්ක. ඒත් මට හිතෙන්නෙ ඒකනං නොවැරදීම අතිශයෝක්තියක් වෙන්ට ඕන. කොහෙත් ඉන්නවනෙ බං ඔය දෑහිං දැක්ක වගෙ චේතිය බොරු කියන එවුං...

      Delete
    6. Ravi..ඔය ඇත්තමද බං...මම නම් නිකමට ලිව්වේ. ඒත් ඔය ජැමෙයිකන් කාරයෝ වගේ ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. උන්නම් අමුතුම සෙට් එකක් රවී. සොමි කැකුළු ෆිට් එවුන්ට. වලි කුකුළු ඔරොප්පු වුනාම.

      Delete
    7. එස්.එල්.බී රෝසා එහෙනං. මම හිතලත් ලිව්වෙ නෑ ඌ ස්ප්‍රින්ට් නෙවෙයි නොවැ කියල.

      Delete
    8. රෝසාගේ මල්ලි නම් අපිත් එක්ක ඉස්සර සෙට් වෙනවා ඕමාන්වල අපේ ගෙදර.

      Delete
  10. අන්න බලහන් කසිප්පු නිෂ්පාදනයේ අතුරු වාසි. විශිෂ්ඨ ධාවකයින් බිහිකලහැකිවීම. අපි හිතන්න ඕන කසිප්පුවල නරකම නෙමෙයි. මේ වගේ වාසිත් කසිප්පු නිසා ඇති වෙනවා.
    මුද්දරප්පලම් විතරක් නෙමෙයි බං මට ඊයේ මතක් උනේ රටඉඳි කසියා කොහොමද.

    ReplyDelete
  11. Mal Mallo.. oya nam puduma viyaparika adahas valin aga thanpath kenek ne .. oya vachana rachana karana style ekath maru ..

    Oyage vatina kiyana adahas dakiya yuththan dakeeva kiyala wish karanava hitan.. !!

    All the best ..!!

    ReplyDelete
  12. අපේ මාමගෙ මාමණ්ඩිත් සිංහල අවුරුද්දට සීනි කිලෝ පහලොවක වඩියක් දානව. බෑනල පස්දෙනාටයි, මං කියන මුණුබුරාටයි දෙන්න. අපි සිංහල අවුරුද්ද ලබන්නෙ කවදද කියල බල බලා ඉන්නෙ එහෙ යන්න.

    ගෙදර පාවිච්චියට පෙරාපු හොඳ කසිප්පු ගැහුවට පහුවදාට ඔලුවෙ කැක්කුං නෑ කවදාකවක්කත්.

    ReplyDelete
    Replies
    1. ෂහ් අන්න මුණුබුරාලා. අනාගත පරපුරට ආදර්ශයක්. කසිප්පු ටික හරියට පෙරුවොත් කෙමිකල් දාලා හදන ඒවා වාගේ නෙමෙයි බං.

      Delete
  13. Be Sri Lankan. Buy Sri Lankan.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හදවතින්ම ශ්‍රී ලාංකිකයි

      Delete
  14. හෙක්.. බලාගෙන ගියාම කසිය කියන්නෙ විදේශ විනිමය හොයන්න පුලුවන් අනගි මාර්ගයක්නෙ. හරියට නග්ගල ගත්තොත් තේ, රබර්, පොල් කැලේ.

    ඔය පලතුරු ප්ලේවර්ඩ් එකනං මාත් කීප පාරක්ම පාවිච්චි කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම අපේ දේ පහත් කරලා සළකපු ජාතියක් නිසා තමයි මේ දේවල් දියුණු වෙලා නැත්තේ. මේවා හරියට කළමණාකරණය කලා නම් අද අපිට ආසියාවටම ඇල්කොහොල් සම්පාදනය කරන්න තිබුණා.

      Delete
  15. අපේ ගමෙත් හිටියා හොද කසිප්පු මාමල ටිකක් ... මේක කියවද්දී මට මතක් උනේ mans ලා ටික

    ReplyDelete
    Replies
    1. මේ කසිප්පු මාමලා ගෙදරට කොච්චර මරතාගේ උනත් බං ලෝකේට පරකාසේ.

      Delete
  16. අඩේ මරු විචාරයක්නේ බන්... මේ තරම් කාලීනව වැදගත් වෙන මාතෘකාවක් තව නෑ බන්. මේක රජයට පවරලා මේකටත් ටහිකෙන බදු ගස්සලා අපි නැති බන්ගස්තාන කරන්නද උබ හදන්නේ.කොහොමටත් ඉස්සරහට මට පේන විදියට සිරි ලංකාවටම අසෝක වීදුරුවෙ පිහිටයි

    ReplyDelete
    Replies
    1. අඩෝ රස්තා. සිය රට දේ සිරි සැපදේ. මේවා ක්‍රමාණුකූලව දියුණු කරන්න ඕන. අපි අපේ දේ ජාත්‍යන්තරේට ගෙනියන්න ඕන. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරන්න මේක හොඳ අවස්ථාවක්. අපි වෙන මොන ලබ්බ හදන්නද කියහන්. අපේ රටේ ඉන්න බටු හරක් ටිකෙන් කිරි නිෂ්පාදනය වැඩි කරන්නද. අපේ රටේ උන් විතරක් කන වී ජාති ටිකක් හදලා හාල් පිටරට යවන්නද. තේ, පොල්, රබර් තව කොච්චර කල් තියෙයිද. එලවලු පළතුරු හැදීම ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. යන්තම් කොලිටි ඇඳුම් හදන නිසා ඒකට පොඩි ඉල්ලුමක් තියෙනවා. මොනවද අපි අලුත් දෙයක් එක්ස්පෝට් කරන්න පටන් අරන් තියෙන්නේ.

      Delete
    2. අපේ අවුරුදු හෙන ගාණක පැරණි සංස්කෘතියයි,සදාචාරයයි එක්ස්පෝර්ට් කරන්න බැරිද බන්, අපේ සීයා කියන විදියට ඒක ගොඩක් වටිනවලු. කමක් නෑ බන් එක්කො එක්ස්පෝට් කරත් ස්වයං රැකියාවක් විදියට මන්ම කරනවා ඕක පෞද්ගලික පාව්ච්චියට

      Delete
    3. අපේ අවුරුදු හෙන ගාණක පැරණි සංස්කෘතියයි,සදාචාරයයි එක්ස්පෝර්ට් කරන්න බැරිද බන්, අපේ සීයා කියන විදියට ඒක ගොඩක් වටිනවලු. කමක් නෑ බන් එක්කො එක්ස්පෝට් කරත් ස්වයං රැකියාවක් විදියට මන්ම කරනවා ඕක පෞද්ගලික පාව්ච්චියට

      Delete
    4. සංස්කෘතිය සදාචාරය එක්ස්පෝට් කරලා කොහොමද බං. දැනට සුද්දෙක් ආවාම පෙන්නන්න තියෙන්නේ ඔච්චරයි. ඒ කාලේ රජවරු හදපු දෙයක් ඇරෙන්න අද කාලේ හදපුවා මොනවද තියෙන්නේ සුද්දෙකුට බලන්න. උඹ හදන්නේ ලංකාවේ ටුවරිසම්වලට කෙලවන්න.

      Delete
  17. අපරාදේ කියන්න ඕනේ නැහැ නොදන්නා කරුණු රාශියක් දැනගත්තා...

    මල් මල්ලිගේ ලිවිල්ල නම් බොහොම රහයි...

    ReplyDelete
    Replies
    1. ප්‍රාෙයා්ගිකව අත්හදා බලන්න නම් යන්න එපා. මමත් අමාරුවේ.

      Delete
  18. මේ මලේ කසිය කතන්දර වැඩිය ප්‍රසිද්ධියේ කියන්න යන්න ඕන නෑ මොකද ධර්මිෂ්ඨ සේට් එක ෆෝම් උනොත් සදාචාර ටොකු අනීවි !

    ඉස්සර අපේ ගමෙත් මේකට වහ වැටිව්ච උදවිය වගේම රස්සාව කර ගත්ත අයත් නැතිව නෙමෙයි .

    මළ ගෙවල් වලටත් කසිය නැතිවම බෑ අනික අතේ මිටේ තියන විදිහට පාවිච්චි කරන්න තියන දේ

    ReplyDelete
    Replies
    1. කණ්ඩො ඔය ධර්මිෂ්ඨ සෙට් එකත් කසිප්පු නැතුවට මද පමණට ගන්නේ විස්කි, බ්‍රැන්ඩි වගේ දේවල්. අපිට කොහෙන්ද ඉතින් මාලු. අපි යනවයැ මූදු. අපිට අඩුවෙන්ම ගන්න තියෙන්නේ මෙච්චරයි.

      Delete