මේ ලඟදී අපේ ගමේ පන්සලේ ස්වාමින්වහන්සේ දහම්
පාසැල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමට ආරාධනා කිරීමට පලාතේ ශ්‍රී ලංකා සංවිධායකවරයා
හමුවීමට වැඩියේය. සංවිධායක කීවාට දැන් මෛත්‍රී පාර්ශවයේ නියෝජ්‍ය ඇමතියෙකි. ඇමතියා
ගත් කටටම කීවේ මෙන්න මේකය. “මට ඕවට එන්න වෙලාවක් නෑ. මට වෙන වැඩ තියෙනවා. කොහොමත්
මම ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්නේ නෑ. මම ජාතික ලැයිස්තුවෙන් එන්නේ. ඒක නිසා මම ඕවට
එන්නේ නෑ.“ හාමුදුරුවන්ද එතනට ගිය පිරිසද මුහුණට මුහුණ බලාගත්තේ අවුරුදු ගනනාවක්
තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය එකා අපට කථා කරන්නේ මේ විදිහටදැයි කියා
හිතාගන්නට බැරුවය.
Wednesday, February 7, 2018
Sunday, September 10, 2017
ඔබේ දරුවා ජනප්‍රිය පාසැලකට ඇතුළත් කරගන්නේ කෙසේද?
සිරි ලංකාව
නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් බව කුරුටුගාමීන්ද, පෙරටුගාමීන්ද, රතු සෙට් එකද, රට්ටුන්ද,
පාලකයින්ද නිතර කියනා දෙයක්ය. හැබැයි ඒකත්
හරියට අර රටේ නම වාගේමය. සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යැයි නම
තිබුණාට මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද පමණි. මෙහෙ ඇති හැම දේම එහෙමය. ඇත්තේ නමට පමණි. නොමිල
සෞඛ්‍ය සේවයක් කියා දෙයක් ඇතද ඉස්පිරිතාලයට ගියවිට නොමිලයේ ලැබෙන්නේ දොස්තරගේ
පරීක්ෂාව පමණි. දිළිඳු සහණාධාර කියා ලැබෙනා සොච්චං සමෘද්ධියද බාගෙට බාගයක් ගන්නේ
යමක් කමක් ඇති එවුන්ය. සුදුසුකමට රස්සා දෙනවා කියා සම්මුඛ පරීක්ෂණ තිබ්බාට
වැඩිහරියක් රස්සාව දෙන්නේ සම්මුඛ පරීක්ෂණයට පෙර හෝ පසුව පුද්ගලිකව සම්මුඛ වන
එකාලාටය. නැතිනම් එකීලාටය. ඉතින් යථාවාදී තථාකාරී ගුණයෙන් පරිපූරණ මෙහෙව් රටක
නිදහස් අධ්‍යාපනයක් කියා දෙයක් බලාපොරොත්තු වන අපිටත් පිස්සුය.
Monday, June 19, 2017
සිද්ධාර්ථ කුමරා කොට්ට උරයක
ඉන්දියාවේ සිටි කාලය තුල මයිසූර් සහ
බැංගලෝර් පලාත්වල සිදුකළ චාරිකා අතිශය සුන්දර විය. හයිද්‍රාබාද් සිට බැන්ගලෝර්වලට වැඩි
වියදමකින් තොරව ඩොමැස්ටික් ප්ලයිට් එකක යාමට පුලුවන්කම තිබුනද සංවිධායකවරුන්
විසින් අපට අලුත් අත්දැකීමක් ලබාදෙනු රිසියෙන් මේ ගමන පැය 12 ක දුම්රිය චාරිකාවක්
ඇතුලත්වන සේ සංවිධානය කර තිබුණි.
Sunday, May 14, 2017
ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කාමරයට ආවත් කන්න පින නැතිකම
මෙවැනි විදෙස් සංචාර ගියවිට තාවකාලික
පෙම් සබඳතා ඇතිවීම සාමාන්‍ය දෙයක් බව මට වැටහුනේ මෙහිදීය. දිගු කලක් වෙනස් පරිසරයක
නිවසින් හා සමීපතමයන්ගෙන් ඈත්වී ඉන්නට සිදුවීමත්, ඒ නිසා ඇතිවන නිදහසත්, පිටරටකදී
මොන මගුල ඩාන්ස් කලත් තමන්ගේ රටේ අයට චාටර් නොවීමත්මෙයට හේතුභූත වියහැකිය.එසේම ලව්
සහ ලයික් අතර වෙනස පිළිබඳව දැනුමක් ලැබුනේද මෙහිදීය. මෙවැනි එක් සබඳතාවයක් පවත්වන
කෙල්ලකගෙන් වරක් මා ඇසුවේ “යූ ලව් හිම්?“ ඇය එකවරම කිව්වේ “නෝ නෝ අයි ලයික් හිම්“
කියාය. ඒ යුවල හැසිරුනේ පෙම්වතුන් යුවලක් මෙනි. අපිට ලව් කෙරුවාවක් වූ මේ
ලයික් කෙරුවාව මෙහි සිටි කාලය තුළ සෑහෙන දුරකට දකින්නට අපට හැකිවිය. ලව් කෙරුවාව
බොහෝ විට එක් අයෙකුට සීමාවූවවත් ලයික් කෙරුවාව කිහිප දෙනෙකු හා සම්බන්ධ වේ.
සමහරවිට උදේ එක ලයික් එකක්ද සවස තව ලයික් එකක්ද වැටෙනු දැකගැනීමට හැකිවූයේය.
Tuesday, May 2, 2017
සමණල රංචුද, තනි සමණලයින්ද පාරේදී හමුවීම
ඉන්දියාවට ගිය මුල් දින කිහිපය තුළ කට්ටිය
ෆුල් පිලිවෙලට හිටියත් ටික දවසක් යද්දී බලල්ලු එකා දෙන්නා මල්ලෙන් එලියට පණින්නට
පටන්ගත්හ. ඒ තම තමන්ට ආවේනික අංග ලක්ෂණ ප්‍රචලිත කිරීමට යාම නිසාවෙනි. ඒ නිසා ටික
දවසකින් කට්ටියගේ චර්යාවන් අනුව නික් නේම් ආදේශ කිරීම ආරම්භ වූයේ සුමෝ නංගීගේ ප්‍රධානත්වයෙනි. ජේබී = ජින් බතලි,
එම් කේ = මනෝ කුකුල්භාවය, එන් එම් = නුවර
මහසෝනා, ටී.ටී. = තල්ලේ තුවාල, පී.ජී. = පින් ගොනා, පී.ඊ. = පස්ස එලියේවැනි
ද්විත්ව අකුරැ නාම මේ ආකාරයට සිදුවූ නාමකරණයන්ය. මනෝ කුකුල් භාවය යනු කෙල්ලෙකුට
තදින්ම හිතින් ලව් කිරීමය. තල්ලේ තුවාල ඇතිවන්නේ චීස් කෑම නිසාය. පින් ගොනා යනු
ස්වාමි පුරුෂයාට කියන ආදර වදනකි. මේවා කට්ටිය ඒ වෙලාවට කිව්වා මිස මෙහෙට ආවාට පසු
දිගට ගෙනිච්චේ නැත.
Subscribe to:
Posts (Atom)



