සෙණසුරාදා
උදෙන්ම දුර බණුව කෑ ගහනවා. දන්නේ අදුනන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක්. සාමාන්‍යයෙන්
මම අදුනන්නේ නැති අංකවලට ආන්සර් කරනවා අඩු උනත් මේක ගන්න සිද්ධ උනේ පොඩි එකීම
අප්පච්චිට කෝල් එකක් කියලා ගෙනත් දුන්න නිසා. “මේ ඔයාට අද නෙලුම් යායේ සම්මානයක්
තියෙනවා. අපි ඔයාව පහුගිය දවස් ටිකේම කන්ටෑක් කරගන්න හැදුවා. බැරි උනා. ඒකයි අද
ගත්තේ. අද හවස තුනට වෝටර්ස් එජ් එකේ. “හා හරි හරි මම එන්නම්“ මමත් හදිස්සියෙම කිව්වා.
පස්සේ තමයි මට මතක් උනේ යකෝ නම ගමවත් අහගත්තේ නෑ කියලා. පහුගිය දවස්ටිකේම
රටින් බැහැරව ඉඳලා ආව විතරයි. එහෙ හිටපු කාලේ දුරකථනයත් වැඩ කලේ ඉඳ හිට. කෝකටත් අද
හවසට යනවා.
Tuesday, March 28, 2017
Sunday, February 12, 2017
ඒක හීනයක් විතරයි
පුංචි දියණියත්, බිරිඳත් සුව නින්දේ. බාගෙට විවර කරලා තිබුනු ජනේලයෙන් සිහිල්
සුළං රැල්ලක් කාමරයට ඇදිලා ආවා. හුඟ කාලෙකින් ඇදහැලුනු වර්ෂාවත් එක්ක මෙතෙක් කල්
පැවති කර්කෂ රෂ්මිය මැකිලා ගිහින්. යන්තම් සිරිපොද වැස්සක් වැටෙන සිලි සිලි හඬ
ඇහෙනවා. සිගරැට්ටුවකුත් ලයිටරයත් අරන්
බැල්කනියට ආවේ මේ සුන්දරත්වය විඳින්න ඕන හුදකලාවත් එක්ක කියන හැඟීමත් එක්ක.
Tuesday, February 7, 2017
රාමෝජි සිනමා නගරය නැරඹීමට ගියෙමි.
මා මේවනවිට ඉන්දියාවට පය ගසා ඇති බව කලින් පෝස්ටුවෙන් කීවෙමි. එද්දී නම්
සිතුවේ දේශනවලට සහභාගී හොඳ දරුවෙකු වශයෙන් ගිය වැඩේ හරියට කරගැනීමටය. නමුත් සතියක්
ගතවෙද්දී ලෙක්චර් කට් කිරීම පිලිබඳව විශේෂ ප්‍රාගුන්‍යක් හිමිවීම නිසා අපිත් එක්ක
ආපු එවුන් හවස්වරුවේ ඉන්නේ කාමරවලය. එසේත් නැතිනම් ලංකාවෙන් පැමිණි අහිංසක අසරණ ගෑණු දැරිවියන්ට සාරි කඩ, සෙරෙප්පු
කඩවලට පාර කියාදීමෙනි. නැත්නම් මෙහෙ ස්ටාෆ් එකේ කවුරුන් හෝ සෙට් කරගෙන ක්‍රිකට්
ගසමින්ය. අපේ එවුවන් කවුරුවත් තවම ටෙම්පරි ලව්වලට සෙට් වී නැති නිසා සියලු දෙනාටම
සෑහෙන විවේකයක් හිමිවීම හේතුකොටගෙන විෂය කටයුතුවලට වඩා විෂය බාහිර කටයුතුවල
නිරතවීමට ඉඩ හසරපෑදී ඇත. නැතිනම් ගොනා සහ කරත්තය සේ යන යන තැන ටෙම්පරි කෑල්ල
එල්ලාගෙන යාමට සිදුවනු ඇත.
Thursday, February 2, 2017
අසල්වැසි රටේ සිට ලියමි
හුඟ කාලෙකින් බ්ලොග් එකේ මොකුත් කුරුටු ගාන්නට නොහැකිවීම
ගැන බ්ලොග් ලියන, බලන, කොමෙන්ට් කරන, අසන, නරඹන සියලු දෙනා සමාව භජනය කොරන්න ඕනෑය.
අවුරුද්ද අන්තිම නිසා ඔෆිසියේ වැඩ වැඩිවීමත් ඊට පස්සේ ලැබුනු ශිෂ්‍යත්ව කෑල්ලක්
නිසා ඉන්දියාවට එන්නට සිදුවීමත්, මෙහේ ඇවිත් මුල් කාලේ පොඩි මඤ්ඥං ගතියක් ඇතිවීමත්
නිසා මේකේ මොකුත්ම ලියන්නට බැරි උනෝය. දැන් නම් පොඩ්ඩක් විතර සෙට්ල් ගතියක් දැනෙන
නිසා මොනවම හරි ලියන්න ඕනෑ කියා සිතුනේ නැතිනම් බ්ලොග් එකටත් කරන අසාධාරණයක්
නිසාය.
Friday, December 30, 2016
2017 සුභ නව වසරක් වේවා
2017
වසර බ්ලොග් ලියන බ්ලොග් බලන, කමෙන්ට් කරන සියලු දෙනාට සුභ නව වසරක් වේවා.
පසුගිය
මාසයක පමණ කාලය තුළ බ්ලොග් එකේ යමක් කෙටීමට නොහැකිවිය. ඇත්තටම වූයේ ලියා ඇති
ආර්ටිකල් කීපයක් එඩිට් කරගැනීමට කාලය ප්‍රමාණවත් නොවීමය. කෙසේ වෙතත් මේ නොනගතය
ඉක්මනින් නිමා කර නැවත බ්ලොග් රචනාවට එන්ටර් වීම මගේ පරම පිවිතුරු පැතුමය.
Subscribe to:
Posts (Atom)


