Sunday, September 10, 2017

ඔබේ දරුවා ජනප්‍රිය පාසැලකට ඇතුළත් කරගන්නේ කෙසේද?



සිරි ලංකාව නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් බව කුරුටුගාමීන්ද, පෙරටුගාමීන්ද, රතු සෙට් එකද, රට්ටුන්ද, පාලකයින්ද නිතර කියනා දෙයක්ය.  හැබැයි ඒකත් හරියට අර රටේ නම වාගේමය. සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යැයි නම තිබුණාට මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද පමණි.  මෙහෙ ඇති හැම දේම එහෙමය. ඇත්තේ නමට පමණි. නොමිල සෞඛ්‍ය සේවයක් කියා දෙයක් ඇතද ඉස්පිරිතාලයට ගියවිට නොමිලයේ ලැබෙන්නේ දොස්තරගේ පරීක්ෂාව පමණි. දිළිඳු සහණාධාර කියා ලැබෙනා සොච්චං සමෘද්ධියද බාගෙට බාගයක් ගන්නේ යමක් කමක් ඇති එවුන්ය. සුදුසුකමට රස්සා දෙනවා කියා සම්මුඛ පරීක්ෂණ තිබ්බාට වැඩිහරියක් රස්සාව දෙන්නේ සම්මුඛ පරීක්ෂණයට පෙර හෝ පසුව පුද්ගලිකව සම්මුඛ වන එකාලාටය. නැතිනම් එකීලාටය. ඉතින් යථාවාදී තථාකාරී ගුණයෙන් පරිපූරණ මෙහෙව් රටක නිදහස් අධ්‍යාපනයක් කියා දෙයක් බලාපොරොත්තු වන අපිටත් පිස්සුය.

Monday, June 19, 2017

සිද්ධාර්ථ කුමරා කොට්ට උරයක



ඉන්දියාවේ සිටි කාලය තුල මයිසූර් සහ බැංගලෝර් පලාත්වල සිදුකළ චාරිකා  අතිශය සුන්දර  විය. හයිද්‍රාබාද් සිට බැන්ගලෝර්වලට වැඩි වියදමකින් තොරව ඩොමැස්ටික් ප්ලයිට් එකක යාමට පුලුවන්කම තිබුනද සංවිධායකවරුන් විසින් අපට අලුත් අත්දැකීමක් ලබාදෙනු රිසියෙන් මේ ගමන පැය 12 ක දුම්රිය චාරිකාවක් ඇතුලත්වන සේ සංවිධානය කර තිබුණි.

Sunday, May 14, 2017

ඉබ්බා තුනපහ පිටේ බැඳගෙන කාමරයට ආවත් කන්න පින නැතිකම



මෙවැනි විදෙස් සංචාර ගියවිට තාවකාලික පෙම් සබඳතා ඇතිවීම සාමාන්‍ය දෙයක් බව මට වැටහුනේ මෙහිදීය. දිගු කලක් වෙනස් පරිසරයක නිවසින් හා සමීපතමයන්ගෙන් ඈත්වී ඉන්නට සිදුවීමත්, ඒ නිසා ඇතිවන නිදහසත්, පිටරටකදී මොන මගුල ඩාන්ස් කලත් තමන්ගේ රටේ අයට චාටර් නොවීමත්මෙයට හේතුභූත වියහැකිය.එසේම ලව් සහ ලයික් අතර වෙනස පිළිබඳව දැනුමක් ලැබුනේද මෙහිදීය. මෙවැනි එක් සබඳතාවයක් පවත්වන කෙල්ලකගෙන් වරක් මා ඇසුවේ “යූ ලව් හිම්?“ ඇය එකවරම කිව්වේ “නෝ නෝ අයි ලයික් හිම්“ කියාය. ඒ යුවල හැසිරුනේ පෙම්වතුන් යුවලක් මෙනි. අපිට ලව් කෙරුවාවක් වූ මේ ලයික් කෙරුවාව මෙහි සිටි කාලය තුළ සෑහෙන දුරකට දකින්නට අපට හැකිවිය. ලව් කෙරුවාව බොහෝ විට එක් අයෙකුට සීමාවූවවත් ලයික් කෙරුවාව කිහිප දෙනෙකු හා සම්බන්ධ වේ. සමහරවිට උදේ එක ලයික් එකක්ද සවස තව ලයික් එකක්ද වැටෙනු දැකගැනීමට හැකිවූයේය.

Tuesday, May 2, 2017

සමණල රංචුද, තනි සමණලයින්ද පාරේදී හමුවීම



ඉන්දියාවට ගිය මුල් දින කිහිපය තුළ කට්ටිය ෆුල් පිලිවෙලට හිටියත් ටික දවසක් යද්දී බලල්ලු එකා දෙන්නා මල්ලෙන් එලියට පණින්නට පටන්ගත්හ. ඒ තම තමන්ට ආවේනික අංග ලක්ෂණ ප්‍රචලිත කිරීමට යාම නිසාවෙනි. ඒ නිසා ටික දවසකින් කට්ටියගේ චර්යාවන් අනුව නික් නේම් ආදේශ කිරීම ආරම්භ වූයේ  සුමෝ නංගීගේ ප්‍රධානත්වයෙනි. ජේබී = ජින් බතලි, එම් කේ = මනෝ කුකුල්භාවය,  එන් එම් = නුවර මහසෝනා, ටී.ටී. = තල්ලේ තුවාල, පී.ජී. = පින් ගොනා, පී.ඊ. = පස්ස එලියේවැනි ද්විත්ව අකුරැ නාම මේ ආකාරයට සිදුවූ නාමකරණයන්ය. මනෝ කුකුල් භාවය යනු කෙල්ලෙකුට තදින්ම හිතින් ලව් කිරීමය. තල්ලේ තුවාල ඇතිවන්නේ චීස් කෑම නිසාය. පින් ගොනා යනු ස්වාමි පුරුෂයාට කියන ආදර වදනකි. මේවා කට්ටිය ඒ වෙලාවට කිව්වා මිස මෙහෙට ආවාට පසු දිගට ගෙනිච්චේ නැත.

Wednesday, April 19, 2017

සමහරු අත් දැකීම්ද සමහරු කකුල් දැකීම්ද ලැබූ ඉන්දියා ගමන



පහුගිය කාලය පුරාම මා සිටියේ ඉන්දියාවේ බව මීට ඉහත ලියූ පෝස්ට් දෙකකින් කීවෙමි. මේ ඉන්දියා ගමන අත්දැකීම් හැට හුට හමාරක් ජනිත කල ගමනක් වූවායැයි කීම වැරැද්දක් නොවේය. ඒ තරම් අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට මේ ගමනේදී හැකියාව ලැබුනි. අත්දැකීම්වලට අමතරව ඇත්තෝද හැක්කෝද කකුල් දැකීමට වාසනාවන්ත වූවෝය. ඒත් ඉතින් අපි සංස්කුරුතිය සදාචාරය බෙල්ල දී රකින නිසාත්, ඇල් වතුරත් නිවා බී හතර පෝයට සිල් ගන්නා නිසාත් ඒ වගේ දේවල්වලට නම් ගියේ නැතිය. මේ කියන්නේ අමූලික ඇත්තය. මම බොරු කියනවා කියා හිතෙනවානම් කැමති කෙනෙකුට ඉන්දියාවේ අපිට ඉගැන්වූ ආචාර්ය භවතෙකුගෙන් අපි ගැන චරිත සහතිකයක් වුවත් ලබාගත හැකිය. කොටින්ම මින් මතුවට අපි ඉගෙනුම ලැබූ ආයතනයට ශ්‍රී ලාංකිකයන් පමණක් බඳවා ගත්තද පුදුම විය යුතු නැත. ඒ තරමට ශ්‍රී ලාංකියන් හොඳ බුවාලා බව අපි ඒ අයට ඒත්තු ගැන්වූ නිසාවෙනි.