බ්ලොග් එකක් කිරීමට මා ධෛර්යමත් කරමින් මහත්
උපකාර කළ අටමයියාටත්, බ්ලොග් එකට අවශ්‍ය තාක්ෂණික දැනුවත් කිරීම කළ මාතලන්ටත්, මේ
දෙදෙනාව මට හඳුන්වාදුන් හැලපයියාටත් මාගේ කෘතඥතාව මුලින්ම පිරිනමමි. එසේම පහන්
යායේ සයුරී විසින් ලබාදුන් දිරිමත්කිරීම් සහ උපදෙස් බැතියෙන් සිහිපත් කරමි.
මේ අය නොවන්නට මගේ බ්ලොග් සිහිනය දවල් සිහිනයක්ම
වන්නට ඉඩ තිබුණි. මට බ්ලොග් එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය බැව් කී විට අටමයියා ඔහුම
ස්වේච්ඡාවෙන් එය නිර්මාණය කරදීමට තරම් නිහතමානී විය. නමුත් අවසානයේ මා තීරණය කළේ
හරියන්න හෝ වරදින්න මා විසින්ම බ්ලොග් එකක් සෑදිය යුතු බවයි. එහාට මෙහාට දඟලා කෙසේ
හෝ ඉඩමේ වල්කොටා, කැපූ කැලේ ගිනි දමා, බිම පෙරලා, කුරහන්හේනේ පැල අටවා ගැනීමට
හැකිවිය. දඬුවැටේ සිට පැල ඇටවීම දක්වා කියා දුන්නේ මාතලන් ගුරැන්නාන්සේය.
කුරහන්හේන තවමත් කෝඩුකාරයෙකුගේ නවදැලි හේනක් නිසා වරදක් ඇතොත් ගුරැන්නාන්සේ විසින්
පෙන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. නැවතත් අටමයියා, හැලපයියා, මාතලන් සහ සයුරීට
ආයුබෝවේවායි ආවඩා හාපුරා කියා හේනට කුරහන් ඉසින්නට පටන් ගනිමි.
යමෙකුගේ ජීවිතය කිසිවිටක
ඒකාකාරීව, නිසන්සලව ගලා නොයයි. කරදර, බාධක. බලාපොරොත්තු ඉටුවීම්, ජීවිතය කඩාවැටීම්
මේ සියල්ල මැද ජීවිතය ඉදිරියට ගෙනයාමට අප
සැමට සිදුවේ. මේ සියල්ල තුළින් අපට උරැමවන වටිනාම දෙයනම් අත්දැකීම්ය. එම
අත්දැකීම් ලබාගන්නාවිට මුහුණදීමට සිදුවන සිදුවීම් නිසා අපගේ ජීවිතය තුළ අප අපටම
සිනාසෙන අවස්ථා නැතිවා නොවේ. මගේ ජීවිතය තුළ මා විසින් මුහුණ දුන් සමහර
සිදුවීම්වලට අද මම මටම සිනාසෙමි. ඔබගේ ජීවිතයේද මෙවැනි වූ සිදුවීම් තිබිය හැකිය.
මගේ සිනහව අතරින් ඔබගේ ජීවිතයට එබී බලා ඔබටම සිනාසෙන්නට මම මෙම සටහන කියවන ඔබට
ඇරයුම් කරමි.
පොතක් කියවීම වනාහි කෙනෙකු
විනෝදයත්, උගැන්මත් සොයා තමා නොගියවිරෑ රටකට වැදීම වැන්න යැයි මාර්ටින් වික්‍රමසිංහ
මහතා පවසා ඇත. මෙම සටහන් තවමත් පොතක් බවට පත් නොවුවද මා උත්සාහ කරන්නේ නොගියවිරෑ
රටකට මෙය කියවන අය ගෙනයාම නොව තමන් කලකට ඉහත ගිය චාරිකාවක සොඳුරැ මතක සටහන් නැවත ස්මරණයට අවස්ථාව සළසාදීමය. මේ සඳහා මාගේ
පුද්ගලික අත්දැකීම්ද, සමස්ථයක් වශයෙන් ඒ ඒ කාලවල විඳි පොදු අත්දැකීම්ද භාවිතා
කරඇත. ජීවන අත්දැකීමක ගැඹුරැබව සොයනවාට වඩා මා මෙහාදී උත්සාහ කළේ විඳි අත්දැකීම්
සරළ භාෂාවෙන් ඉදිරිපත් කිරීමයි. එහි සාර්ථක අසාර්ථකබව නිගමනය කිරීම මල් මල්ලිගේ
කුරහන් හේනේ පැලට ගොඩවන ඔබට බාරය.
මට මේවන විට අවුරැදු 39 ක් සම්පූර්ණ වී ඇත.
එය පිලිගැනීමට මගේ සිත සූදානම් නොමැතිවීම වෙනම කථාවකි. අප පරම්පරාවේ සැවොම සංක්‍රාන්ති
යුග කිහිපයක් පසුකිරීමට තරම් වාසනාවන්ත හෝ අවාසනාවන්ත වූ අය වෙති. අප ඉපදුනේ ශ්‍රී
ලංකාව ආවෘත ආර්ථිකයක්ව පැවත විවෘත ආර්ථිකය හඳුන්වාදුන් කාලසීමාවට සමගාමීවය.
පරිඝණකය, රෑපවාහිනිය, ජංගම දුරකථනය වැනි තාක්ෂණික මෙවලම් සමාජයට ඇතුලුවූයේ අපගේ
ජීවිත කාලය තුලය. කලු ජූලිය පිළිබඳව මතක සටහනක්ද මගේ ජීවිතයට ඇතුලත්ය. ජනතා
විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කරන ලද දෙවන සන්නද්ධ අරගලය ආරම්භවී අවසන්
වූයේත් අප ජීවිත කාලය තුළය. කාවන්තිස්ස රජ දවසින් පසුව ඇතිවූ මුහුද ගොඩගැලීම හෙවත්
සුනාමිය දැකගැනීමට හැකිවීමද එක්තරා ආකාරයක අවාසනාවන්ත වාසනාවකි. එල්.ටී.ටී.ඊ.
සංවිධානය විසින් ආරම්භ කළ යුද්ධයෙන් ජනිත අති අමානුෂික සහ ඛේදජනක අත්දැකීම්
සමුදායකට මුහුණදීමටත්, යුද්ධය අවසන්කිරීම නිසා ඇතිවූ සාමකාමී වාතාවරණය භුක්ති
විඳීමටත් අපට හැකිවිය. ඒ අපේ රට පැත්තෙනි. කඳවුරැ දෙකකට බෙදී ශීතල යුද්ධයකට මැදිව
තිබූ ලෝක දේශපාලනයේ සමාජවාදී කඳවුර බිඳවැටී ධනවාදී කඳවුර පෙරට ආවේද අපගේ ජීවිත
කාලය තුළය. ඒ තුළින් ඇතිකරන ලද ආර්ථික, සමාජ, දේශපාලනික පරිවර්තන රැසක් අත්විඳීමට
අප පරම්පරාවේ අයට හැකියාව ලැබුණි.
ආදරයෙන් පිළිගනිමු.බොහෝ දේවල් කියැවීම හා දිගටම ලිවීම ඔබව හොඳ ලේඛකයෙක් කරාවි.ඔබේ අත්දැකීම් කියවන්නට බලා සිටිමි.
ReplyDeleteපළමු උපදේශක, පළමු ආශිර්වාදය, පළමු කොමෙන්ටුව, පළමු සාමාජිකයා = හැලපයියා
DeleteThis comment has been removed by the author.
ReplyDelete//මට මේවන විට අවුරැදු 39 ක් සම්පූර්ණ වී ඇත//
ReplyDeleteඉතින් කොහොමද අටමයියා වෙන්නේ
පැහෙන්නේ නැතුව ඉඳු. තොට හැට පැනල කියල ඌ දන්නවා.
Deleteදැන් අටමයියා කියන්න බෑනේ. මල්ලි කියන්නත් නිකන් මොකක්ද වගේ. ඒක නිසා අටමා කියලාම කියන්නම්. නැත්නම් නම කියන්නම්.
Deleteමල් අයියව බොහොම ආදරයෙන් පිලිගන්නවා අපි හැමෝම :) පලවෙනි පෝස්ටුවම ඉස්තරම්. අපි වගේ යලට මහට නැතුව දිගටම ලියන්න හොදේ
ReplyDeleteඅහම්බෙන් ඔබගේ බ්ලොගය ඇස ගැටුනේ. හරිම සතුටුයි. ඔය ඒ කාලේ කියවන අතීතකාම ලෙඩක් මට තදේට තියෙනවා.
ReplyDeleteඅඹගහයටටත් ඇඩ් කලා අවුලක් නැතිවෙයි කියලා හිතනවා
කොච්චර දෙයක්ද. මම තවම මේ විෂයට ආධුනිකයි. ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ ජීවිතේ ගොඩනැගුනේ දේපළ, සල්ලි, ලොකු ලොකු නෑදෑයො නිසා නෙමෙයි. මම ලබපු අත්දැකීම් නිසා.
Delete