Friday, December 30, 2016

2017 සුභ නව වසරක් වේවා



2017 වසර බ්ලොග් ලියන බ්ලොග් බලන, කමෙන්ට් කරන සියලු දෙනාට සුභ නව වසරක් වේවා.

පසුගිය මාසයක පමණ කාලය තුළ බ්ලොග් එකේ යමක් කෙටීමට නොහැකිවිය. ඇත්තටම වූයේ ලියා ඇති ආර්ටිකල් කීපයක් එඩිට් කරගැනීමට කාලය ප්‍රමාණවත් නොවීමය. කෙසේ වෙතත් මේ නොනගතය ඉක්මනින් නිමා කර නැවත බ්ලොග් රචනාවට එන්ටර් වීම මගේ පරම පිවිතුරු පැතුමය.

2016 වසර ගැන කිව්වොත් මට නම් මෙලෝ රහක් නැති අවුරුද්දක් බව කිව යුතුය. වැදගත් දෙයකට කියා කර ඇත්තේ මේ බ්ලොග් එක ආරම්භ කිරීම විතරක් වගේය. මට වෙලා තියෙන දේම රටටත් වෙලාද, නැත්නම් රටටම වෙලා තියෙන දේ මටත් වෙලාද කියා නම් තේරුම් ගන්නට බැරිය. කොහොම උනත් 2017 නම් අලු ගසා දමා නැගිට වැඩ පටන්ගත යුතුය. මමත් එසේමය. රටත් එසේමය.

2017 ට මගේ අවිහිංසක ප්‍රාර්ථනා කිහිපයක් ඇත. මේවා ප්‍රාර්ථනාවෙන් ඔබ්බට ගොස් යථාර්ථයන් බවට පත්වේවා යන්න මගේ ඊලඟ ප්‍රාර්ථනයයි.          

පත්තරේ බලලා ජනාධිපතිතුමා නිව්ස් දැනගන්න නිසා රටේ තිබෙනා ප්‍රශ්න දැනගැනීමට ටිකක් කලින් පත්තරය ජනාධිපතිතුමාගේ අතට ලැබේවා.

වැරදි කරන රැහේ එකාලාට උනත් දඩුවම් දෙන්න එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ සඳහා මඩු වලිග ඇති පදම් ලැබේවා.

බැඳුම්කර වැනි මහ දවල් හොරකම් නැවත මේ රටේ ඇති නොවේවා.

දූෂණ ගැන කථා කර රාජපක්ෂලා එලවා දමන්නට දායක වූ කට (විතරක්) ඇති  ෆුට් නෝට්  සෙට් එකට නැවත දූෂණ ගැන කථා කිරීමට කොන්ද කෙලින් වේවා.

සියඹලා ගස් යටදී “උස සෙකියුරිටි, මිටි කම්කරු“ ජොබ් දෙන්නේ නැතිව සාධාරණ ක්‍රමයකට තරුණ තරුණියන්ට ජොබ් ලැබෙන ක්‍රමයක්  ඇති වේවා.

“යස් සර් නෝ සර් ඇරෙස්ට් කරන්නේ නෑ සර්“ කියන්නට පොලිස් නිලදරුවන්ට සිදු නොවේවා. .

නීතිය නොනැමේවා. නීතිය සැමට සාධාරණ වේවා.

මේ රටට වැඩක් කළ රාජ්‍ය සේවකයන්ට හිරේ විලංගුවේ වැටීමටත්, එෆ්.සී.අයි.ඩී. යාමටත් සිදු නොවේවා.

කොටු පනින්නට ගොස් එන අතරමගදී රස්තියාදුකාර කොල්ලන් පදින අධිවේගී යතුරුපැදි ඇමතිවරුන්ගේ වාහනවල නොගැටේවා. එසේ ගැටුනද ඇමති වෙනුවට ඩ්‍රයිවර් පසුව පොලිසියට බාර නොවේවා.

ලොකු ඇත්තන්ගේ පුත්තු කල්බ්වල වීදුරු කුඩු නොකරත්වා.

රිරී යකා, මහසෝනා වැනි විකට නාම මාධ්‍යකරුවන්ට පටනොබැඳේවා.

ඇන ගන්නේ නැතිව අඩුම තරමින් අයවැයක්, පනතක් සම්මත කරගන්නවත් ආණ්ඩුවට හැකිවේවා.

ඔන්න දෙනවා මෙන්න දෙනවා කියා අවුරුදු දෙකක් තිස්සේ කියන ජී.එස්.පී. ප්ලස් සහනය අපේ රටට ලැබේවා.

ඔන්න ආවා මෙන්න ආවා මෙන්න මුල්ගලත් තිබ්බා කිව්වත් අන්තිමට තියපු මුල්ගලත් හොයාගන්න බැරි විදේශ ආයෝජකයින්ගේ කර්මාන්තශාලා ආරම්භවී මගේ රට දියුණු වේවා.

පහලට බැස ඇති මැති ඇමතිවරුන්ගේ මොලේ තිබිය යුතු තැන්වලට ගමන් කරත්වා.

යහපාලන ආණ්ඩුවද කටින් බතල හිටවීම නවත්වා රටට වැඩ කරන්න පටන් ගනීවා. නැත්නම් කොරන්න පුලුවන් කෙනෙකුට දී දිරා මාරුවෙත්වා.

2017 රටට යහපතක්වන වසරක් වේවා

ඔබගේ යහපත් ප්‍රාර්ථනාවන්ද මේකට එකතු උනාට වරදක් නැතිය.

19 comments:

  1. 2017 නව වසර කම්මැලිකමෙන් තොර ලියන්නට හැකිවන සුබ නව වසරක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. ටැන්ක්යූ පූසෝ. කම්මැලිකමට වඩා පුද්ගලික ජීවිතේ වැඩකට නැති වැඩ වැඩිවෙච්ච එක උනේ.

      Delete
  2. පිට රටින් හාල් නොගෙන්වා ‍ෙමෙරට ගොවීන්ට තම වගාවන් දියුණු කිරීමටත්, නිෂ්පාදනවලට සාදාරණ මිලකුත් ලැබේවා...
    කැලෑ පාලුවන්ට දඩුවම් ලැබේවා...

    2017 නව වසර රටටත්, සියලු රට වැසියන්ටත් සුභ නව වසරක් වේවා...
    සුභ නව වසරක් කුරහන් ඔබටත්...

    ReplyDelete
    Replies
    1. අනිත් ඔක්කොම හරි කියමුකෝ. කැලෑ පාලුවන්ට දඬුවම් දෙන එක තමයි පුරස්නේ

      Delete
  3. සතුටු සිනා රැව්දේවා
    කුරහන් මල් පිබිදේවා
    මල් මල්ලිගෙ සිතුම් පැතුම්
    ඒ ලෙසින්ම ඉටුවේවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පැතුමන් සඵල වේවා
      ජයගොස් නැගේවා
      කවි මල් පිපේවා
      දුමියට ජයම වේවා

      Delete
  4. 2017 වැඩියෙන් කුරහන් මල් පිපෙන සුබ නව වසරක් වේවා කියා පතමි !

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ හේනේ ජයටම කුරහන් ඉහින්න කියලා තමයි හිතන් ඉන්නේ ආයුබොවන්ඩ

      Delete
  5. මල් මල්ලිට කුරහන් සුවඳ විහිදෙන වැඩි වැඩියෙන් පෝස්ට් ලියැවෙන සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ අයියේ මේ අවුරුද්ද හැම අතින්ම සාර්ථක කරගන්න ඕන. ගිය අවුරුද්දේ හිඟක් දේ මගඇරුනා

      Delete
  6. සියලු පැතුම් ඉටු වන, නොකඩවා බ්ලොග් ලියන්නට හැකි වෙන සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. නිකං පොකුරු වැහි වැටෙනවා වගේ නේද.

      Delete
  7. මේ ප්‍රාර්ථනා සියල්ල ඉටුවේවා. ඒවා නම් අපේ හීන විතරක්ම වෙයි. කුරහන් පිරි බ්ලොග් ලෝකයක් පතමි.

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද අන්තිමට කියන්නේ වෙන්නේ සිහින ලොවක් දුටුවා මතකයි කියලද?????

      Delete
  8. කොටින් ම,මේ රට දේශපාලුවන්ට ඕනෑ ඕනෑ වෙලාවට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නට ඇති පාපන්දුවක් නොවේවා..

    ReplyDelete
    Replies
    1. උන්ට තනියම මැච් ගහගන්න කියලා අපි බලන්න නොයා ඉමු නේද. අපි බලන්න ගිහින් විසිල් ගහනකොටනේ උන් ෆෝම් වෙලා තවත් ගහන්නේ

      Delete
  9. රට ගැන කියද්දි මගේ ප්‍රාර්ථනාව හරි වෙනස් බන්.මන්නම් කියන්නේ ඔය මොකුත් ඔනෙ නෑ හොදවයින් උල්කාපාතයක් වත් දියවන්නාවට සෙට් වෙලා ඔක්කොම පත බැවුනොත් ඒක තමයි මගේ පරම,පිවිතුරු,අවිහිංසක පැතුම.......

    ReplyDelete