Thursday, July 28, 2016

කොටු පැනීම - 4 (යාලුවන්ගේ කථා)



සමිතයා යනු මාත් සමග කලක් සේවයකළ අපේ බෝඩිමේම කාමරයක සිටි මිතුරෙකි. මේකා ගැන පොස්ටු 10 ක් උනත් ලිවිය හැක්කේ ඒ කාලයේ කල ගොන් වැඩ නිසාමය. බෝඩිමේ කථාගැන පසුව ලියන නිසා මේකා ගැන වැඩි විස්තර එහිදී සඳහන් කරමි.  දිනක් මේකා හවස කාර්යාල කාමරයට පැමිණ මචං මං අද රෑට එන්නේ නෑ. උඹ පලයන් යැයි පැවසීය. මම ඇදැයි ඇසූවිට මම අද කෑල්ලක් ගේනවා. ටොප් කෙල්ල මචං. වයස 18. අද රෑ ඒකිත් එක්ක ඉන්නවා. මම පහලට යනවා ඒකි එක්කගෙන එන්නයැයි කියා පිටත්විය.

පැයක් ගතවූයේ නැත. මේකා ආපසු එයි. ඇයි මොකද බං අද උඹ එන්නේ නෑ කිව්වා නේද. ඔව් බන් ඒකිට යන්න ඕන කිව්වා. කීයක් දුන්නද. 1500 බන්. ත්‍රීවීල් එකට යන්නයි එන්නයි තව 200 ක් ගියා. දැන් වියදම 1700 කි. මම දැක්කා ටිකක් වයස ගෑණියෙක් වගේ නේද. මම බොරැවට ඇසුවෙමි. ඔව් බං ටිකක් වයසයි. 45 ක් විතර ඇති නේද. ඔව් බං ඒ වගේ තමයි. මේකා 1700 ක් වියදම් කර ඇත්තේ 45 ත් පැන්න ඇන්ටියෙකුටය. එහෙනම් ඉතින් දැන් පලයං. බඩිත්ගිනියි කන්න ඕන කියද්දී මේකා පර්ස් එක ඇර සල්ලි බැලුවේය. හුටා මචං මේතේ තිබුණු 500 නෑනේ. මම බාත් රෑම් එකට ගියා පර්ස් එක මේසේ උඩ තියලා. අරකි ඒකටත් ඇරල වගේ. දැන් වියදම 2300 කි. මේකා මේ සියල්ල කර ඇත්තේ ඒ සතියේ ජීවත්වීමට තිබු මුදලිනි. අන්තිමේදී මේකාට සතියම කන්න දෙන්න වූයේ මටය.

සුභාෂිණී මගේ පන්තියේම සිටි තරමක විසේකාර කෙල්ලකි. තාත්තා පිටරටක රැකියාවක් කල නිසා තරමක නිදහසකින් කටයුතු කල ඇය මා දන්නා කාලයේ පටන් පෙම් සබඳතාවල පැටලී සිටියාය.  ඒවා  උපරිම වසරක කාලයකට පවත්වනු ලබන අතර ඇයට පෙම්වතෙක් නොසිටි කාලයක් නම් මට මතක නැත.

දිනක් දුන්කන්නාව - සන්දන්ගම ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් පැවති අතර මෙය නැරඹීමට සුභාෂිණීත් ඇයගේ මිතුරියකුත් පැමිණ සිටියද ටික වේලාවකින් දෙන්නා දක්නට නොවීය. ගමේ කොල්ලන්ද මේ ගැන ඇහැගහගෙන සිටි අතර එකත් එකටම වැව පැත්තට යන්න ඇති. මුන්ගේ කොල්ලොත් එක්ක කියා ටිකක් අනුමත වී සිටි කොල්ලන් තුන් හතර දෙනෙකු වැව පැත්තට යාමට පිටත් විය. වැව පිට්ටනියේ ඈතට වන්නට මුන් දෙන්නාත් සමග කොල්ලන් සිට ඇති අතර ගමේ උන් එද්දී කළබලවී කොල්ලන්ගේ  බයික්වල නැග පැනගොස් ඇත.

පසුවදා ගමේ කොල්ලන් ටික වැව පැත්තට නාන්නට යනවිට කාන්තා යට ඇදුම් කිහිපයක් වැව් පිට්ටනියේ අයිනකට වෙන්නට තිබෙනවා දැක ඇත. එකත් එකටම මේවා සුභාෂිණීලාගේ වෙන්න ඇති. මුන්ට හොද වැඩක් කරමු කියූ කොල්ලන් සුභාෂිණීගේ මල්ලී  කැදවාගෙන ආවේය. ඒකා වැඩි දැනුමක් තේරැමක් නැති ගොබ්බ කොල්ලෙකි. මේ උඹලාගේ අක්කගේ ඇදුම් වගයක්. මෙතන බැරි වෙලා ගිහින්. අම්මට ගිහින් දීපන් හෝදන්න කියලා. දැන් මේකා පෑන්ටියත්, බ්‍රා එකකුත් කෝටුවකින් උස්සාගෙන පාරදිගේ යයි. මෙය දකින අය මේ මොනවද බං කියා අසද්දී අපේ අක්කාගේ ඇදුම්. ඊයේ වැව ලග බැරි වෙලා. ගමේ උන්ද හිනා වෙන්නේ  සුභාෂිණීගේ හැටි දන්නා නිසාය. හොඳ වෙලාවට මේවා ගෙනියනවිට සුභාෂිණීද ගෙදරය. කොල්ලාත් අම්මාගෙන් ලකුණු දමාගැනීමට  අම්මේ අම්මේ මේ අපේ අක්කගේ ඇඳුම්. ඊයේ රෑ වැව ලඟ බැරිවෙලා ඇවිත්. කියද්දී සුභාෂිණීත් එතැනට පැමිණ ඇත. අනේ අසරණ කොල්ලාට මොනවා වෙන්නට ඇතිද.

මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනා කාලයේදී අප විසින් පවත්වන ලද වැඩසටහනක් අති සාර්ථකවීම නිසා සිසුන්ට කළගුණ සැළකීමට එක් ආචාර්යවරයෙකුට අවශ්‍යවිය. කන බොන ජොලියට බර කෙනෙකු වූ මෙතුමා එතුමාගේ පුද්ගලික වියදමින් කොල්ලන්ට සියලු කෑම, බීම පමණක් නොව ලෑමටද අවශ්‍ය පහසුකම් එදින සලසා දෙනු ලැබීය. ලෑමට ලලක්කලා දෙදෙනෙක් පැමිණ සිටි අතර අවශ්‍ය අයට පරිහරණය කළහැකිවිය. ලැටිස් මල්ලී අපට වඩා ජූනියර් බැචෙකි. (නියම කාඩ් එක නොවේ. ආසන්නව යන නමකි. හරි නම දමා මේකාගේ වයිෆ් මේක කියෙව්වොත් පවුල කැඩෙනා එක වැලැක්වීමට මෙම නම දැම්මෙමි. හැබැයි මේ සිද්ධියට සම්බන්ධ එව්වෝ මේකා කවුද කියා දනිති)ලැටිසාට කෙල්ලක්ද සිටි අතර ඒකා කෙල්ලට පන මෙන් ආදරය කලේය. දැන් ආචාර්යතුමා ලැටිස් මල්ලීටද ලලක්කා ලවා සැළකීමක් කිරීමට උත්සාහ කරනා නමුත් මේකා දිගින් දිගටම ප්‍රතිකේෂප කරයි. අනේ සර් මට නම් බෑ. මට කෙල්ලෙක් ඉන්නවා. මම කොහොමද  ඒකිගේ මූණ බලන්නේ මේවා කරලා. මම යනවා යන්න හොස්ටල් එකට. ලැටිසා දැන් යන්නම හදයි. හරි  හරි උඹ යන්න එපා. පොඩි අඩියක් ගහපන්. වදෙන් පොරෙන් මේකාට පොඩ්ඩක් සප්පායම් කරවීය.

දෙවැනි ෂොට් එක දමද්දී සර් මම මේ සර් කියන නිසා බොන්නේ නැත්නම් කීයටවත් මම මේ ජරාව බොන්නේ නෑ. ලැටිස් මල්ලී දොඩවයි. තව ෂොට් එකක් දෙකක් දැමූ ලැටිස් මල්ලීට උතුර දකුණ මාරැ වී ඇත. දැන් මේකා සර්,  සර් දෙයියෙක් සර්. සර් කියන ඕන දෙයක් මම කරනවා සර්. ඕන දෙයක් සර්. සර් ඇවිත් ඉන්න කෑලි ලස්සනද සර්. මට පොඩ්ඩක් බලන්න ආසයි. දැන් මේකා ආචාර්යතුමාට වද කරන්නේ කොහොම හරි ලලක්කලාව පෙන්වන ලෙසය. ටිකකින් දෙන්නාව පෙන්වූ පසු මේකා සර් ඉතින් සර් කියනවාමනම් මම මෙයාලා එක්ක පොඩ්ඩක් කථා කරන්නම්. හැබැයි මගෙ අනන් මනන් නෑ. සර් දන්නවනේ මගේ හැටි. ආචාර්යතුමා මූව කාමරයේ දමා එලියට ආවේය. දැන් වැඩේ හරි වගේය. ඇහෙන්නේ ඇඳ ජර බර ගානා සද්දය පමණි. ටිකකින් කාමරයෙන් එලියට පැමිණි මේකා ෂොට් දෙකක් ලඟ නමාගෙන අපි ලගට ඇවිත් හොටු පෙරමින් අඬයි. හෙට උදෙන්ම මම මගේ රත්තරන් කෙල්ලගේ කකුල්දෙක අල්ලලා වැඳලා සමාව ගන්නවා. මේ කරපු වැරැද්දට. පාන්දර අවදිවී කට්ටිය මේකාව සොයනවිට මූ නැත. ඇඳක් ජර බර ගානවා ඇසී බලද්දී මේකා උදේ පාන්දරද ලලක්කලා සිටි කාමරයට රිංගලාය.

මේ වැඩ සියල්ල අවසන් වී කට්ටියම උදේ හොස්ටල් වලට ගියේ එදින පැවැත්වෙන වැඩසටහනට ලකලෑස්තිවී පැමිණීමටය.  විශ්වවිද්‍යාලය යනු සන්නිවේදනය අති ප්‍රබලව පවතින ස්ථානයකි. මුගේ කුපාඩි යාලුවෝ ටික රෑම සිද්ධිය ලැටිසාගේ කෙල්ලට දන්වා ඇත. ලැටිසා මූණ කට සෝදාගෙන උදේ කෙල්ලව හමුවීමට එන විට දැක ඇත්තේ ගිනිබෝල කරකවමින් සිටිනා කෙල්ලය. දැන් දෙවන ලෝක යුද්දය වැනිය. ලැටිසා නෑ නෑ කියා හතර අතේ දිවුරයි. කෙල්ල පරසක්වල ගහමින් මේකාට බැණවදී. දින කිහිපයක් කථා බහන් තොරව පැවති දෙන්නාගේ ආදර අන්දරය නැවත  පටන් ගත්තේ සාමදාන විනිශ්චයකාරවරැන්  කිහිප දෙනෙකුම ලැටිස් මල්ලී ගැන ලබාදුන් චරිත සහතිකවලට පින්සිදුවන්නටය. දැන් නම් දෙන්නා කසාදත් බැඳ දරැවනුත් සිටිති. හැබැයි මාව අද දැක්කද මේකි මාත් එක්ක කථා නොකරන්නේ හරියට අරෑව මම එක්කන් ගොස් ලලක්කලාට කියා බලෙන් කෙරෙව්වා යැයි සිතාගෙන වගේය.

මෙම සිද්ධිය වන කාලයවනවිට අපි හිච්චි කොල්ලන්ය. යාන්තම් දැලි රැවුල එන්නට ඔන්න මෙන්න කියනා වයසේය. මෙහි කථා නායිකාව දීපිකාද මගේ සම වයසේය. ප්‍රීති අය්යාගේ ගේ තිබුණේ වෙල පහලට වන්නටය. ඊට ටිකක් එහායින් කොස්වතු ඔය ගලා බසින අතර ඔය දෙපැත්තේ දංගස් විමානයකි. දීපිකා හැමදාම ප්‍රීති අය්යලාගේ ගෙවල් පැත්තට එන්නේ සෙල්ලම් කිරීමටය. ප්‍රීතියාද ටික වේලාවක් සෙල්ලම් කර දීපිකාවත් එක්කගෙන ඔය පැත්තට යන්නේ යං නංගි දං කඩන්න කියාය. ප්‍රීති අය්යා හැමදාම වාගේ මේකිව විතරක් දං කඩන්න එක්කන් යන එකට අපට මලය. අපට වැඩේ තේරැනේ ටික දවසක් ගිය පසුය. දං කඩන්නට ගොස් ටික වේලාවකින් දං පඳුරක් හෙල්ලෙනවා ටිකක් ඈතින් සිටිනාවිට දැකිය හැකිය. ටිකකින් දීපිකා කකුල් දෙක පිසිමින් ආපසු සෙල්ලම් කිරීමට පැමිණෙයි.

14 comments:

  1. ෂා මරු ලෙචාලනෙ උබලට ඉදල තියෙන්නෙ. අපිට හිටපු උන් ප්‍රොජෙක්ට් එකක් කලහම අපිට හම්බවෙන්න තිබ්බ ගානත් උන්ම අරගෙන සද්ද නැතුව ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඊටත් වැඩියෙ මරු.

      Delete
    2. මම එක්ක හිටපු උන් ගැන බලද්දි මෙහෙම ඔලුව බේරගෙන ඉන්න එකත් ලොකු දෙයක්.

      Delete
    3. අපේ ලෙක්චර්ස්ලා මාර හොඳයි බං. යාලුවො වගේ හිටියේ. සමහර වෙලාවට ගෙදරින් බත් එක ගෙනත් අපි එනකම් ඉන්නවා කන්න. ගෙදරිනුත් බත් මුල් 4 ක් වත් එවනවා. නෝනලා දන්නවා කැම්පස් එකේ ළමයි එක්ක කනවා කියලා. හවසට හොස්ටල් එකට ඇවිත් කොල්ලො ටික ඇදගෙන යනවා බොන්න. නියම මිනිස්සු

      Delete
  2. මරු බං බඩ රිදෙනව හිනාවෙලා. ෂුවර් එකටම අරූගෙ කෙල්ලට ගින්න දෙන්න ඇත්තෙ උඹ තමයි.

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ මම නෙවෙයි. ඒ වැඩේ කලේ උගෙ හොඳම යාලුවා. හැබැයි ඒකි හිතුවෙ මේකට ඒකාව ඇදගෙන ගියේ මම කියලා. ඒකි අදටත් මාත් එකක් තරහයි.

      Delete
    2. සමාදාන කරන්න ගිය උන්ටත් ඔයවගේ වෙනව සමහර වෙලාවට

      Delete
    3. //නෑ අයියේ මම නෙවෙයි. ඒ වැඩේ කලේ උගෙ හොඳම යාලුවා//

      අඩේ මාර යාලුවොනෙ බං..

      Delete
    4. ඒවා තරහට කරපු දේවල් නෙමෙයි. පොඩි ආතල් එකක් ගන්න කරපු වැඩ.

      Delete
  3. Replies
    1. අදටත් කැම්පස් එකේ ඉන්නවා. මම ගිහින් බලලත් එනවා. නියම මිනිස්සු බං.

      Delete
  4. බඩ පැලෙන්ඩ හිනා උනැහැකි......අරූගෙ ගෑණි කියෙව්වොත් කොහොමටත් අදුරගනී.....:D

    ReplyDelete
  5. සමහරවිට අඳුනගනී. අරෑට පොඩ්ඩක් බනී. හැබැයි මට මොකුත් කියන්න එන්නේ නෑ.

    ReplyDelete