අපි
පොඩි කාලේ කාපු බීපු සමහර දේවල් අද කාලේ පොඩි එවුන්ට දකින්නවත් නෑ. තිබුනත් කන්න
ලැබෙන්නෙත් අඩුවෙන්. නැත්නම් කන්න දෙන්නේ නෑ. මගෙ මතකයේ හැටියට අපි විනෝදෙට කාපු
බීපු දේවල් කිහිපයක් ගැන පොඩි පෝස්ටුවක් ලිව්වා.
පුන්නක්කු
පුන්නක්කු
කියපු ගමන් හුඟ දෙනෙකුගේ සිහියට එන්නේ හරක්
කන කෑමක් විදිහටනේ. ඒක හරි. පුන්නක්කු කන්න දෙන්නේ හරක්ට තමයි. නමුත් අපේ කාලයේ
කවුරැ හරි ඉන්නවා නම් තෙල් හිඳින්න ගියාම පොල් පුන්නක්කු කෑල්ලක් කාලා නැති
කෙනෙක්, නැත්නම් කඩේට ගියාම මුදලාලිට හොරෙන් පුන්ක්කු කෑල්ලක් සාක්කුවට දා ගත්තේ
නැති කෙනෙක් ඒක පුදුමෙට කාරණයක්. ඇත්තටම එහෙම කරන්නේ පුන්නක්කුවල තියෙන කිසිම රසකට
නෙමෙයි. පුන්නක්කුවලින් එන සුවඳට.
දැන්නම්
කඩෙන් ඇති තරම් පොල්තෙල් ගන්න තියෙනවා. පොල් තෙල් හොඳ නෑ කොලොස්ටරෝල් කියලා
හිතන අයට සෝයා,ෆාම්, සුරියකාන්ත වගේ තෙල් තියෙනවා. පොල් තෙල් වලත් සුදු පොල් තෙල්
කියලා ජාතියකුත් තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ පොල්තෙල් කඩෙන් ගත්තෙ හුඟක්
අඩුවෙන්. ඒ කාලේ පොල් තෙල් හිඳින ක්‍රම දෙකක් තිබුණා. එකක් ගෙදර පොල්ගාලා කිරි
මිරිකලා ලොකු භාජනයකට දාලා රත් කරලා තෙල් හිඳ ගන්නවා. අනෙක් ක්‍රමය පොල් කෑලිවලට
කපලා මාගල්වල වේලලා සෙක්කු ගෙදර ගිහින් තෙල් හිඳ ගන්නවා.